Saturday, January 8, 2011

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජයවේවා....!


කිරිපුතා කියන්නෙ මැච් පිස්සෙක්. ලංකාව ගහන ටෙස්ට් මැච් එකක් පවා බලනවා. ඒ වගේම ටීවි එකේ පරණ මැච් එකක් පෙන්නුවත් ඒකත් බලනවා. IPL මැච් එකක් වත් අතාරින්නෙ නෑ. මැච් එකක් බලන්න තියෙනවා නම් ආයෙ කෑම ඕනෙත් නෑ. ඊයෙ ලෝක කුසලානෙට සහභාගි වන 15දෙනාගෙ සංචිතය නම් කලා කියලා ඔයගොල්ලො දන්නවානෙ.
පොඩි පොඩි වෙනස්කම් ටිකකුත් තිබුණා. අපේ මන්ත්‍රීතුමයි, වාස් සහ රන්දිව් නැති එක තමයි අඩුපාඩුව. මන්ත්‍රීතුමා නම් දැන් පැන්ෂන් යන කාලෙත් පහු කරලා කියලා තමයි ගොඩක් අය කියන්නෙ.
වාස් සහ රන්දිව් නැති එක නම් අඩුපාඩුවක් කියලයි මගෙ නම් හැඟීම. කොහොම උනත් අපේ කොල්ලො ලෝක කුසලානෙ ගන්නවානම් එච්චරයි. අපි ශ්‍රීලාංකිකයො හැටියට අපේ උපරිම සහයෝගෙ දක්වමු. ආයෙ පාරක් අපේ මව්බිමට ලෝක කුසලානෙ ගේන්න අපේ සිංහ පැටවුන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මේ කිරිපුතා මුලු හදින්ම ප්‍රාර්ථනා කරනවා.

3 comments:

  1. කිරි පුතේ මොකෑ බොල, මේ ලියුමත් එක්ක හිටපු ගමං පාර පැන්නා වගේ දැනෙනවා.

    ඒක නෙවේ මේ word verification අයිං කොරනවනං හොදයි නේද? මාත් ඉස්සර දාගෙන හිටියා. අපේ කට්ටිය පෙන්නලා දුංන හංදා මාත් අයිං කොරා ගත්තා.

    ReplyDelete
  2. පොඩි කික් එකක් ඇවිත් ඒක ලිව්වේ. පොඩ්ඩක් චාටර්ද මන්දා.

    ReplyDelete
  3. ඔන්න word verification අයින් කලා.මට මේ පෝස්ට් එක ආයෙ පාරක් කියෙව්වට පස්සෙ ලියන්න කතා සෙට් එකකුත් මතක් උනා.

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.