Friday, March 2, 2012

ලෙඩවීම සහ ලෙඩ දාගැනීම



2010. 03.01 මගේ ජීවිතයේ අවාසනාව උදාකල දවස විය. විභාගය අවසන් වීමෙන් පසුව නිවසට පැමිණියේ පෙරදාය. සති දෙකක් පමණ විභාගයට වෙහෙසුනු නිසාදෝ දැනුනු තෙහෙට්ටුව නිසා මදක් වැඩිපුර නිදාගත්තෙමි.
"පුතා පුලුවන්නම් නිරෝශා දුවගෙ වෙඩින් එකට ගිහින් එන්නකො. මට යන්න වෙන්නෙ නෑ"
අම්මාගේ වචනයට එකඟ නොවී බැරි නිසාම මම මඟුල්ගෙදරට ගියෙමි.
"අයියෙ මේ තමයි නදීකා, නිරෝශා අක්කා බඳින අයියලාගෙ නෑදෑයො" නිමේශා හෙවත් මගේ සහෝදරිය නදීකාව මට හඳුන්වා දුන්නේ එසේය.
නදීකා මගේ මිතුරියක් බවට පත්වීමටත් ඉන්පසු ඇය මගේ පෙම්වතිය බවට පත්වීමටත් වැඩි දිනක් ගතවූයේ නැත.
නදීකා දුප්පත් තරුණියක් වුවත් ඇය ඉගෙනීමට දක්ෂවූ නිසාම ඇයට හොඳ අනාගතයක් ඇති බව පෙනිණි. අපගේ ප්‍රේමයට සැම අතින්ම ආශිර්වාද ලැබිණි. ඇය ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රදේශයක වීම නිසාම අපගේ ආදරය මගේ විශ්වවිද්‍යාල මිතුරන් අතර පවා ජනප්‍රිය විය.
මා මේ බ්ලොගය පටන් ගත්තේ 2011 දීය. සමහර ලිපි වල ඇයගේ ගම් ප්‍රදේශය ගැන පවා ලියැවිණි.මට විශ්වවිද්‍යාලයෙන් ලබාදෙන පුහුණුව සඳහා පෞද්ගලික ආයතනයක සේවය කිරීමට සිදුවීම නිසා බ්ලොග් ලිවීම මදකට අඩාල විය.
ඒ අතරතුරද නොයෙක් මතගැටුම් හමුවේ පවා මගේ ප්‍රේමය ඉදිරියට ගියේය.
මාගේ අත්වැරදීම් නිසා ප්‍රධානියාගෙන් බැණුම් ඇසීමට පවා සිදුවිය.
පුහුණු කාල සමයේ ඇපෙන්ඩිසයිටිස් රෝගය හේතුවෙන් මාහට සැත්කමකට බඳුන් වීමට සිදුවිය. විවේක ගැනීමේ පහසුව තකා මා අප දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහලෙන් සැත්කම කර ගත්තෙමි.
ඇපෙන්ඩිසයිටිස් සඳහා කරන සැත්කම කුඩා එකක් වුවත් නිර්වින්දනයේදී සිදුවූ ආසාත්මිකතාවක් හේතුවෙන් සිහිය ඒමට දින දෙකක් ගත්විය. එයට ප්‍රධාන හේතුව වූයේ සිහිය එන අවස්ථාවේදී හෘදයාබාධයක් ඇතිවීමයි.
එම හේතුව නිසා සතියක් පමණ රෝහලෙහි ගතකර නිවසට පැමිණියෙමි. වෛද්‍යවරුන්ගේ නිර්දේශය වූයේ මසකට ආසන්න කාලයක් විවේකීව ගතකරන ලෙසයි. ඊට හේතුව වූයේ  හෘදයාබාධය හේතුවෙන් හදවතට හානිවී ඇති බැවින් එය නැවත යථා තත්වයට පත්වීමට කාලයක් ගතවීමයි. දිනපතා බෙහෙත් ලබා ගැනීම හා මසකට වරක් සායනයට සහභාගි වීම  අනිවාර්ය කෙරිණි.
මසකට පමණ පසුව සේවයට වාර්ථා කලමුත් වෙනදා මෙන් මහන්සිවී වැඩ කටයුතු කිරීමට නොහැකිය.
හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා කඩාවැටෙන්නේ මේ අවස්ථාවේදීය.
"අපේ දුවට එයාගෙ නැන්දල යෝජනාවක් ගෙනත් තියෙනවා. එයා ඒකට කැමතියි. " ඒ නැන්දම්මාය.
"අයියෙ නැන්දලගෙ වචනෙට පිටින් යන්න මට බෑ." ඒ ඇගේ හඬයි.
"එහෙනම් ඔයා සන්තෝසෙන් ඉන්න නංගි" ඒ මාය.
මෙසේ දුක දරාගෙන වුවද මට ඇගෙන් සමුගන්නට සිදුවිය. තාත්තාගේ මළගම දිනයේදී පවා දුක දරාගෙන සිටීමට හැකියාව තිබූ මාහට ඇගේ වෙන්වීම අඬන්නට තරම් කරුණක් නොවිනි.
පුහුණුව අවසානවී මාස කිහිපයක් නිවසට වී සිටීමට මට සිදුවුනේ අසනීප තත්වය නිසාය. යලිත් බ්ලොග් සටහනක් ලිවීමටවත් අදහසක් නොතිබිණි.
දිනක් හදිසියේම නැන්දම්මා මා ඇමතුවාය.
"පුතාට යෝජනාවක් කරන්න මම කතා කලේ"
හදිසියේම මංගල යෝජනා ගෙන එන්නේ කුමක් හෝ යටි අරමුණක් ඇතිව බැව් වැටහීමෙන් පසුව මගේ නැන්දා නදීකාගේ පවුලේ දැන් තත්වය නිරෝශා අක්කාගෙන් අසා දැනගත්තාය.
නදීකා පළමු විවාහය අසාර්ථකවී නැවත නිවසට පැමිණ ඇත. ඇගේ මව උත්සාහ කරන්නේ වෙනත් යෝජනාවක මුවාවෙන් ඇයව මගේ කරේ එල්ලීමටය.
දෙවන තෙවන වතාවටද නදීකාගේ මව යෝජනා ගෙන ඒමට උත්සාහ ගත්තාය. අවසන ඔවුන්ගේ පවුල සමඟ අපේ පවුල අතර ඇතිවූ ගැටුම පොලිසියට නොගොසින් බේරාගත්තේ ඉතා අපහසුවෙනි. ඉන් පසුව ඔවුන්ගෙන් මෙතෙක් කිසිදු කරදරයක් සිදු නොවිණි. මාගේ අසනීප තත්වය සුවයට හැරුණු අතර ඉන්පසු රැකියාවකට යාමේදී සිදුවූ අකරතැබ්බය පසුගිය ලිපියෙන් දැක්වීමි.



(නම් පමණක් අසත්‍යයි )

10 comments:

  1. kella karapu wade nam antima katai nandata pitin yanna ba kiyanne maara wadakne....sirawatama duka hithuna....matat apendicitis hadila operation kala...mama kalubovila hospital eka dewanat karala tibuna sihiya hariyata natiwa...nosalee imu ayye

    ReplyDelete
  2. කෙල්ලෙක් හොයා ගන්නකොට නං ගොඩක් පරිස්සං වෙන්න වෙනව අයියේ. රූපෙට නොරැවටී ගතිගුණ ගැන හරියට දැනගන්න එක ඇඟට ගුණ වෙයි.

    ReplyDelete
  3. kello ohama tama ban wetta pasiyoo..ubata hoda kellak labei e ganita wada.....

    ReplyDelete
  4. කෙල්ලෝ කියන්නේ...එක්කෝ ඕනේ නෑ....

    ReplyDelete
  5. අනේ මංදා බං

    ReplyDelete
  6. ඔය කිසි දේකින් සැලෙන්න එපා ජීවිතය කියන්නේ ඕක තමයි. ප්‍රශ්න වලට මුහුණ දෙන එක.. බඳින්නෙ නැතුව ඉන්න පුළුවන්නම් ගොඩක් හොඳයි. බඳිනවා කියන්නේ ඉතින් ප්‍රශ්න තවත් වැඩි වීමක් මිසක් අඩුවීමක් නොවෙයිනේ...

    ReplyDelete
  7. හම්මෝ කෙල්ලෝ ගැනනම් කතාකරලා වැඩක් නෑ.. වැනෙන පැත්තට හෝයියා.. ඊට පස්සේ හොට බිම අනුනහම ඔන්න එනවා

    ReplyDelete
  8. @ගැමියාගේ පත් ඉරුව
    ඕවා මම ගණන් ගන්නෙ නෑ බං. අවුලක් නෑ.

    @බට්ටා
    අනිවා හොඳට හොයන්න ඕනෙ. මේක දෙගොල්ලටම පොදුයි.

    @Anonymous
    අපෝ ඒ ගෑණිව නම් මට ජාති ජාතිවත් එපා.

    ReplyDelete
  9. @ඔබ නොදු‍ටු ලොවක්
    කෙල්ලන්ව අර්ථ දක්වන්න යනවට වැඩිය හොඳයි. එක්කො ඒකත් ඕනෙ නෑ.

    @Beta bawa
    ඕව නං මොනවද. නැට්ට පිටින් අලි මැරෙන්නෙ.

    @මාතලන්
    අප්පේ ඔව්. බඳිනවා කියන්නෙ ඉල්ලං කෑමක්.

    @කනියා
    ඔය වගේ ගෑණු ඕන තරම් හොයාගන්න පුලුවන්.

    ReplyDelete
  10. ගොනා ඇන්න මිනිහ ගහෙනුත් වැටුන වගේ

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.