Monday, March 12, 2012

බඩියගෙ කහපාට සින්දුව සහ අපේ නන්ස්ටොප් එක......



බඩියලත් එක්ක ට්‍රිප් එකක් යන්න මට ආරාධනාවක් ලැබුනෙ මීට දවස් කීපෙකට කලින්. මාත් බොහොම සංතෝසෙන් ඒ ආරාධනාව පිලිගත්තා. ගොඩක් කාලෙකින් විනෝද චාරිකාවකට සහභාගි වෙන්න අවස්ථාවක් නොලැබුන හින්දා මාත් උදේ පාන්දරින්ම දතකට මැදගෙන වැඩේට සෙට් වුනා.
බඩියගෙයි මගෙයි තව කොල්ලො දෙතුන් දෙනෙකුගෙයි ඇරෙන්න සමහර උන්ගෙ නෑදෑ සනුහරේම එතන හිටියා.
උදේ පාන්දර හින්දද කොහෙද තිබ්බෙ ඇඟ කිලිපොලා යන සීතලක්. නුවර එලියෙ ගියා වගේ හැඟීමක් මට නොදැනුනාට බඩියට දැනිල කියල තේරුනේ ඌ දෙපාරක්ම බස් එකෙන් බැහැල කොහෙටදෝ ගිහින් ආපු හින්ද.
නඩේ ගුරා වෙච්ච සීය කෙනෙක් අපිව පන්සිල් සමාදන් කරවලා එහෙම ට්‍රිප් එක ආරම්භ කරන්න සංඥාව දුන්නා.
"මචං කාවද මුලින් ගෙන්නන්නෙ ජෝතිද බෙග්ද?" සජිත් අයියා එහෙම ඇහුවෙ තඩිබාන්න ගෙනාපු ලට්ට ලොට්ට කීපයක් එහෙ මෙහෙ කරන ගමන්.
"බඩියා, සින්දුවක් පටන් ගනිංකො" එහා පැත්තට වෙලා ඇඹරි ඇඹරි හිටපු බඩියව උනන්දු කරවලා ගන්න සම්පත් එහෙම කිව්වා.
"මචං මම දැන් සින්දු දෙකක්ම කියල ආවෙ. එකක් සුදු පාටයි. අනික කහ පාටයි" බඩියා කවුරු හිටියත් ගානක් නැති කොල්ලා වෙච්ච හින්දා හිතේ තිබ්බ දේවල් එහෙම්ම කියලා දැම්මා.
අහල පහල සීට් වල වාඩි වෙලා නිදි කිර කිර හිටපු අක්කල නංගිලත් ලැජ්ජා සහගත හිනාවකින් එකිනෙකාට සංග්‍රහකර ගත්තා.
එකින් එක සින්දු කෑලි කියාගෙන යද්දි මට වතුර තිබහක් ආවෙ නොසිතුව මොහොතකදි. ලඟ තිබුන වතුර බෝතලයක් අරන් බොන්න පටන්ගත්තෙ දුරදිග හිතල බලන්නෙ නැතුවමයි.
සින්දු කියන අස්සෙ සම්පතාට මතක් වෙන්නෙම කුණුහබ්බ සින්දු. උගෙ බ්‍රේක් නැති කටෙන් ඒවා පිට වෙලා බස් එකේ ඉන්න අක්ක කෙනෙක්ට හරි නංගි කෙනෙක්ට හරි ඇහිලා එයාලගෙ හිරි ඔතප් බිඳෙයි කියල තිබ්බ බයටම මුල් හරිය පටන් ගන්න කොටම අපි ඌව මියුට් කරන්න පුරුදු උනා.
ඒ අස්සෙම සම්පතා කොහෙන්දෝ අහගෙන ආව කතාවක් කරන්න පටන් ගත්තා.
" අපි හිටියෙ මූලග්ගින්න කියල ගමක. තිබ්බෙ දෙහූවක දුර. අපි කසාද බඳින කොට නම් ලමයි හිටියෙ නෑ. ඒත් බැඳල මාස දෙක තුනක් යනකොට දරු සුරතල් බලන්න හම්බුනා......" කතාව ඇදිල යන්නෙ අඳුරු පැත්තකට කියල තේරුම් ගිය හින්දම වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව මියුට් කර ගත්තෙ සුදුසු අවස්ථාව එලඹුනාම කතාව අහගැනීමේ පරම චේතනාවෙන්.
වතුර බීමේ ආදීනව තේරුනේ ටික වෙලාවක් ගියාට පස්සෙ. බලනකොට බඩියත් අපහසුතාවයකින් පෙලෙනවා වතුර නොබී.
ඌට පාචන තත්වයක්වත් ඇතිවෙලාද කියල පොඩි සැකයක් කට්ටිය අතර මතුවුනා. තව කිලෝමීටර් කිහිපයක් යනකොට අපි දෙන්නගෙම තත්වෙ බොහොම උග්‍ර අතට හැරුනා. දැන් ඉඳගෙන ඉන්නවත් හිටගෙන ඉන්නවත් බැරි අවස්ථාවකට එලඹිලා. අපි දෙන්නගෙම මූණු බෙරි වෙලා. ඒ අතරෙ කොහොම හරි ඩැයිවර් මහත්තයට පණිවිඩයක් යවාගත්තා. ඇසිල්ලකින් අපි දෙන්න හිටියෙ ෆුට් බෝඩ් එකේ. ඒ අතරෙදි අපට හම්බුනේ ටවුමක්. තාම එලිය වැටිල නැති උනාට ටවුමෙ ලයිට් දාල. ඩැයිවරයා ගෙයක් ඉස්සරහින්වත් නවත්තයිද? දෙගිඩියාවෙන් හිටපු අපට සහනයක් ලැබුනෙ කැලෑබද හරියක බස් එක නැවැත්තුවාට පස්සෙ.
සිංහලයගෙ පුරුද්ද නැවතත් ප්‍රදර්ශනය කරමින් එකා දෙන්නා අපේ කර්තව්‍යයට එකතු උනා. දැන් පාර අයිනෙ මියුසිකල් ෂෝ එකක් වගේ. පෝලිමට කට්ටිය සින්දු කියනවා.
ලැබුනු සහනෙ නම් කියල නිම කරන්න බැරි තරම්. බස් එකට නැග්ගට පස්සෙ සම්පත් විරිදුවක් කියන්න පටන් ගත්තා. වෙලාවට කීවෙ නෑනගෙ එක. අපට හිතුනෙ පටන් ගන්නකොටම මූ මෙහෙම නම් දවල් වෙනකොට කොහොමට හිටීද කියල.
වයසක අංකල්ලා සෙට් එකකුත් පරණ සින්දු සෙට් එකක් ඇදල ගත්තා. බලාගෙන යනකොට අපි කියන්නෙත් ඒවම තමයි. අද කාලෙ ගායකයන්ගෙ සින්දු ට්‍රිප් එකකදි උනත් කියවෙනවා හරි අඩු ඒ ගීත වලට එච්චර පැවැත්මක් නැති හින්දද කියල හිතුනා.
දැන් කට්ටිය ගිරිය කඩාගෙන සින්දු කියනවා. එක අංකල් කෙනෙක් "බැරි බර කරේ තියන් " සින්දුව කියන්න පටන් ගත්තා. බඩියත් ඒකට ෆුල් සහයෝගෙ දුන්නෙ තැනින් තැනින් "ජහ ජහ" කියන ගමන්.

උදේට කන්න බස් එක නවත්තද්දි 7ට විතර ඇති. ආයෙ පාරක් අපි සෙට් එක කැලයක් අස්සට දිව්වෙ සැහැල්ලු වෙන්න හිතාගෙන.
උදේට කෑම කන්න කඩේකට ගියපු  වෙලාවෙත් බඩියා පේන්න නෑ. අපිත් එක්ක කඩේට ආව කියල හොඳ මතකයක් තිබ්බා. අපි සෙට් එක කාලා බඩියටත් එක්ක ප්ලේන්ටි ඕඩර් කරලා නිකමට විපරම් කරල බැලුවා. සජිත් අයියා කඩේ ටොයිලට් එක ලඟ පෝලිමක් තියෙනවා දැකලා පොඩ්ඩක් සෝදිසි කරල බලන්න ගියා. ටික වෙලාවකින් ආපහු ආවෙ දෙකොනින්ම හිනා වෙවී.
බඩියා ටොයිලට් එකට ගිහින් ගොඩක් වෙලාලු. තාම එලියට ඇවිත් නැති හින්දා එලියෙ මිනිස්සු උට හෝ ගාලා බනිනවලු. සිද්දිය උනේ ඊයෙ. තාම බඩියා බඩේ අමාරුව කියලා දෙහි බිබී ඉන්නවා කියලා මේ දැන් ආරංචියක් ආවා.

16 comments:

  1. මේකේ තව කොටසක් තියෙනවද එහෙම නැත්තං මං ටියුබ් ලයිට්ද ?

    ReplyDelete
  2. @Observer
    අන්තිම ටික වැටිල නෑ ඔබා මාමෙ. දැන් හරි.

    ReplyDelete
  3. ජහ ජහ.......... ජහ ජහ...........
    ට්‍රිප් කතා නම පට්ට මචං

    ReplyDelete
  4. මට පේන්නෙ උඹල ට්‍රිප් එක ගිහින් තියෙන්නෙ දියවැඩියාකාරයොයි, පාචනේ තියන උනුයි.... නැත්තන් ඔ‍හොම වෙයිද? :)

    ReplyDelete
  5. hot hot news මැච් වලට විතරක් නෙවෙයි වගෙ.

    ReplyDelete
  6. සාතන්ගේ කතාව ඇත්ත වගෙයි :D

    ReplyDelete
  7. අර කතාව මාත් අහලා තියනව කිරි අයියේ! "දෙයියො කිව්ව උඹ ජීවිතේ නැති කර ගත්තොත් මං උඹව මරණව කියල" හි හී....:D

    ReplyDelete
  8. බඩියට වෙච්චදේම අපේ එකෙකුටත් වෙලා පස්සේ නාන්න අඳින්න ගෙනියපු සරමක් අන්දලා තිබ්බා ඌට ට්‍රිප් එක ගිහිල්ලා එනකං.....

    ReplyDelete
  9. දැන්නේ දන්නෙ මොකද වුනේ කියල...වේලෙන්නත් ඉස්සෙල්ල බ්ලොගේ දාපු සීන් කෝන් එකක්නෙ.

    ReplyDelete
  10. අර අංකලුත් හරිම සිංදුව කියලා තියෙන්නේ "බැරි බර කරේ තියං" සමහර විට මෑනුත් බර කරේ තියංද දන්නේ නෑ හිටියේ ඒ වෙලේ

    ReplyDelete
  11. "මචං මම දැන් සින්දු දෙකක්ම කියල ආවෙ. එකක් සුදු පාටයි. අනික කහ පාටයි" බදියගෙත් කට කියන්නේ.හ..හි...

    ෆොටෝ එකත් ලස්සනට ගැලපෙනවා...

    ReplyDelete
  12. බඩිය ජහ...ජහ... කියල තියෙන්නෙ බැරි බර උහුලන් ඉන්න ගමන්මද කොහෙද.... හික්ස්...

    ReplyDelete
  13. පවු බං ඌ

    ReplyDelete
  14. @සොඳුරු මිනිසා
    තැන්කූ මචං....

    @සාතන්
    අපි නම් දෙපාරයි, බඩියා පස් පාරයි

    @මඩිස්සලේ නිශාන්
    ඔහොම තමයි මිනිස්සුන්ට ඇබැද්දි වෙන්නෙ.

    @ඔබ නොදු‍ටු ලොවක්
    බඩියා නම් වැඩිපුර සින්දුනෙ කීවෙ.

    ReplyDelete
  15. @Observer
    වේලෙන්න කලින් දාපු හින්දා තමයි බාගයක් වැටෙන්න පරක්කු උනේ...

    @කනියා
    ඒව කියන්න බෑ. හැබැයි බස් එක මගදි නැවතුන වෙලාවෙ ඔය අංකලුත් බැහැල ආවා.

    @සිහින මතකයන්
    බඩියගෙ කට අවුස්සගත්තොත් ආයෙ ඉඳල හමාරයි.

    @බට්ටා
    එහෙනම් අපටත් හරියටම දැනගන්න ඒක කියපංකො. සම්පත් කීවෙ බාගෙට.

    ReplyDelete
  16. @ඉන්ද්‍රජිත්
    ඔක්කොම hot hot තමයි. ඉඳල හිටල සීතල උනොත් මිසක්.

    @Miyuru
    සමහර විට ඒ වෙලාවත් බර වෙලා හිටියද දන්නෙ නෑ.

    @Beta bawa
    පවු අහිංසකයා....

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.