Tuesday, March 13, 2012

නමක් නැති කයියක්......




තමන්ගෙ පෙම්වතිය තියපු හදිසි බූට් එක නිසා ශෝකයට පත් පෙම්වතෙක් සියදිවි හානිකරගන්න හිතනවා. ඊට කලින් ඒ ගැන පෙම්වතිය කියන්නෙ මොනවද කියලා දැනගන්න හිතන පෙම්වතා තමන්ගෙ විරහ වේදනාව පෙම්වතියට කවියෙන් ලියල යවනවා.

සතුටට සිනහවට නැවතුම් තිතක්            තියා
හැඩරුව තියෙන ලස්සන පෙම්වතෙක්   සොයා
අසරණ මෙමා මෙහි තනිකර දමල         එයා
මට දුක දීල කොහෙදෝ දුර යන්න        ගියා

ආදරෙ තියෙන්නේ දුක් විඳගන්න මද
කාටද කියන්නේ මගෙ දුක් ගින්න අද
සැමටම වඩා ලෝකයෙ පෙම් කරපු ලඳ
සමුගෙන ගියේ ඇයි කියලා කියනවද

සතුටින් හිටියෙ ඔබ හින්දා තමයි     ප්‍රියා
පාලුව දැනේ නිතරම නැති හින්ද    ඔයා
හිටපු එකම වස්තුව මා දාල            ගියා
මේ ලිපියට උත්තර එවනවද         මෙයා

පැණි රස උනත් කලකදි රස නැති    වෙනවා
මල්වල රොන්ගන්න වන බඹරුන්    එනවා
මල තලලා උන් රොන් අරගෙන      යනවා
නාවොත් පිලිතුරක් මා නම් වහ       බොනවා

22 comments:

  1. ඒකි කියලා එවුවා මෙහෙම

    බොනවානම් වහ හොදහැටි බොන්න ඔයා
    එකසැරේන්ම නොකවුට් වෙන්න කියා
    මැරැනුත් නම් මල් වඩමක් එවන නියා
    ඇඩ්රස් එක එස් ඇම් එස් කරන් මෙයා

    ReplyDelete
  2. ලව් කෙරුවත් බොක්කෙන් මට අනේ ඔයා
    හිතුවද සියල්ලම මට ලැබෙනවා කියා
    සැප ගැන දන්න කොල්ලෙක් ළඟ ඉන්නේ ප්‍රියා
    ඕන එකක් බීපන් මට මොකෝ මෙයා

    ReplyDelete
  3. වහ බොන්නට ගතමන්ට් එක තියෙනවනම්
    නුඹව අරින්නේ නෑ මම කවදාවත්
    පාන් කන්න සල්ලි නැතිව ඉන්න එවුන්
    බොරු නොකියා මගෙ පාඩුවෙ ඉන්න දියන්

    ReplyDelete
  4. මම හිතන්නේ කෙල්ල මෙහෙම එවයි...:D

    මුදලින් රුවින් බලයෙන් නෙත් වැසි ගියා
    ඉක්මන් වී මම ඔයාව දමා ගියා
    පසුවයි තේරුනේ එය මිරිගුවක් කියා
    එන්න හිතයි ආයෙත් මට නුඹව සොයා..

    ReplyDelete
  5. ඩේට් එක කිව්වොත්, මරණෙට බැරිවුනත් දානෙට එන්නං

    ReplyDelete
  6. පිලිතුර එවමි සොයුරේ වහ බොන්න එපා
    ආයෙත් කියමි මා ගැන වද වෙන්න එපා
    නව පෙම හොදය නුබ අහිතක් ගන්න එපා
    වැරදුන විටදි යලි එමි පි‍ටුපානු එපා ....

    ReplyDelete
  7. අන්න බලන්න පිංවතුනි, කොහේවත් යන අසමජ්ජාති කෙල්ලෙක් දාල ගියා කියල මේ තරුණය වහ බොන්න යනව.. එච්චර නං මදෑ.. මූ ඒ කෙල්ලට කවිත් ලියනව.. ඒ කවි දකින කෙල්ල මෙන්න මෙහෙම කියනව..

    …තිබ්බට පුල්ස්ටොප් මම උඹෙ හිනාවට
    …ඉස්සර ලව් කරේ උඹ හට සිරාවට
    …අහු වුණ දිනේ උඹෙ හොර මට කණාවට
    …ආලය පැන ගියා ගම මැද කැලෑවට

    …හිටියෙමි ලව් එකෙන් ඇඹරී පෙර කාලේ
    …සෙල්ලමකට ගත්තා උඹ මගෙ ආලේ
    …තිබුණත් අපේ ලව් එක සිට ඉස්කෝලේ
    …තේරුං ගන්න බැරි වුණි මට උඹෙ තාලේ

    …මේ ගැන මම කීවිට අපෙ සුදු නැන්දා
    …කීවා වෙන කෙනෙකු හට දෙන බව මම බන්දා
    ඒ පෙම් කුමරු යන තුරු මං ගෙන කැන්දා
    …හිටපිය උඩ බලං තෝ බොල සිකනන්දා…

    …පව් නේ?.......!

    ReplyDelete
  8. කිරි පුතාට එහෙම නෙවේනේ බූට් එක වැදුනේ ඈ??

    ReplyDelete
  9. බූට් වලට සියදිවි හානි කරගන්න උන් එහෙම කර ගන්න එකමයි හොඳ

    ReplyDelete
  10. යකෝ පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි ඔක්කොම එල :)

    ReplyDelete
  11. ලිපියත් හොඳා... කොමෙන්ටු ටිකත් හොඳා....

    ReplyDelete
  12. ටිකක් සැරට කියන්න ඕනේ...මූට අනිවා වහ කන්න වෙනවා.....

    ReplyDelete
  13. @සොඳුරු මිනිසා
    සුපිරියි මචං. මේක දැක්කනං පොර කීයටවත් වහ බොන්න හිතන්නෙ නෑ.

    @මාතලන්
    සැප නැති හින්ද වෙන්ඩ ඇතිනෙ ගිහින් තියෙන්නෙ.

    @Asi4Ever
    පාන් දෙනව කිව්වනං කෙල්ල ආපහු එයි.

    ReplyDelete
  14. @Kasun Dayananda
    එහෙම කියන්ඩත් බැරි නෑ. :D

    @Observer
    හරි හරි මැරුණොත් හෙම මං ඔබා මාමට කියල එවන්නම්කො.

    @Sammani
    සමහර කෙල්ලො කොල්ලව දාල යන්නෙ වැරදුනාම ආයෙ බාරගනී කියල හිතාගෙනනෙ.

    ReplyDelete
  15. @බට්ටා
    සුපිරියි. ආයෙ ඒ ගැන නෝ කමෙන්ට්ස්.

    @කනියා
    මට බූට් වැදුනම කවි කියවෙන්නෙ නෑ බං.

    @පිස්සා පලාමල්ල
    ඔව් ඉතිං උං හිටියත් මැරි මැරීනෙ ඉන්නෙ.

    ReplyDelete
  16. @සාතන්
    පෝස්ට් එක වගේද කොමෙන්ට්ස් ටික. පංකාදු පහයි.

    @ජංජාල චාමර
    ලිපියට වඩා හොඳ කොමෙන්ටු ටික. ආයෙ නෝ කතා.

    @ඔබ නොදු‍ටු ලොවක්
    වහ කාල නැවතුනොත් ලොකු දෙයක්. මරාගෙන මැරෙන්න යයිද දන්නෙ නෑ.

    ReplyDelete
  17. කිරිපුතාගේ කවි සෙට් එකයි, බට්ටගේ පිළිතුරු කවි සෙට් එකයි සිරා ම සිරා..! :))

    ReplyDelete
  18. කවි ටික නං මරු, කමෙන්ට් ටික මරේ මරු ....

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් ටිකට ජයවේවා...........!

      Delete
  19. කොල්ලගේ කවිය දැකල කෙල්ල මෙහෙම කියනවා ..

    පැණි රස උනත් ඕනවට වැඩියෙන් හොඳ නැති ලු
    බඹරෙක් නැත්නම් මලකින් පල නැති ලු
    මට විතරක් නොවෙයි තව උන් හට කෙල හල පු
    කිරි පුතේ බිව්වත් වහ මට නම් කාරී නැති ලු

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ සුපිරියටම ලියලා.....

      Delete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.