Wednesday, March 21, 2012

නයි මිරිසක් කල හදියක්......




කොල පාටට බෝල වගේ දිලිසෙන්නේ
ඉදුනු කලට රතු පැහැයට දිස්වෙන්නේ
සම්බෝලයට යහමින් එක්කර ගන්නේ
ඉමිහිරි රසයකුයි මාවෙත ගෙන එන්නේ

ගෙදර සිටින කල තුන් වේලම කන්නේ
පිය උරුමෙන් මා ලද බව පැවසෙන්නේ
කාපු කලට මාගේ බඩ කට දන්නේ
එහෙම උනත් මා නම් නැත නවතින්නේ

බැදුම හොද්ද හැම එකටම දමන්නේ
කිසිවක් නොමැතිකල අමුවෙන් හෝ කන්නේ
රසවත් බවට කවුරුත් සහතික දෙන්නේ
විඳවන කලට කාටත් එකසේ වෙන්නේ

කොතරම් සැර වුනත් නුඹ නැහැ අත්හැරියේ
දුක සැප දෙකේදිම එක ලෙසමයි සිටියේ
ගස් වල නැති කලට කඩයෙන් එන සැටියේ
නයි මිරිසෙන් තොර දිවියක් මට නැතියේ

ගමේ පාසලට මා ගිය ඒ කාලේ
හිටියේ තුනේ පන්තියෙ වාගෙ බාලේ
කෙල්ලන් දෙදෙනෙකුට වැඩ පෙන්නූ තාලේ
සිහිවේ අදත් නයි මිරිසේ හැටි රාලේ

මිරිස් ගොඩක් කනවලු ඔබෙ අප්පච්චී
ඔයාට එකක් වත් කන්නට බැරි වෙච්චී
එකට දෙකක් කෑ විට කන් රත් වෙච්චී
මට සිහිවුනේ මගෙ ආදර අප්පච්චී

බඩ කට පපුව හැම දැවිල්ල අල්ලන්නා
කෙල්ලන් වතුර සීනිද ගෙනැවිත් දෙන්නා
දෑසම රතුවෙලා කඳුලුත් එලියට පැන්නා
හොඳටම බයවෙලා දැන් කෙල්ලෝ දෙන්නා

සීනි වතුර නැහැ සුවයක් ගෙන දුන්නේ
අප්පච්චිට කියන්නයි උන් දිවයන්නේ
මගෙ දුක තවත් වැඩි වන්නටදෝ යන්නේ
උන් නවතන්න හෙන ගේමකි මම දුන්නේ

බය වෙනු එපා තව ටිකකින් අඩු වෙනවා
ඒ වෙනතුරා මම මේ ලෙස විඳවනවා
අඩු වන තුරා මම තැන තැන දිව යනවා
නයි මිරිසේ ඇරඹුම මේ ලෙස වෙනවා



46 comments:

  1. අඩේ මරු මචං නයි මිරිස්..අපේ අම්මා බැදුං වලට දාලා හදනවා කටේ කෙලත් ඉනුවා ඒක මතක් වෙලා....හැබැයි බත් කාලා ඉවරවෙනකොට සීනි එක ලඟ තියෙන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. අපේ අම්මත් බැදුම් වලට දානවා. ටොප් තමයි. ගෑවුන තැන කතහැකි.

      Delete
  2. ෆට්ටයි කිරිපුතා. මිරික් කාලා මදිවට ගින්දර වගෙ කවි පන්තියකුත් ලියලා.
    යමක් එක්කරන්නම්. ඔය මිරිස්වල සැර මනින ඒකකයක් තියෙනවා දන්නවද Scoville scale කියලා?
    දැවිල්ල වගේ අය (දැනගන්න) ගිහින් බලන්න http://en.wikipedia.org/wiki/Scoville_scale

    මිරිස් වැඩිපුර කෑවම මගෙ නම් දෙකොනම දැවිල්ල අල්ලනවා.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඒ ගැන දැනුවත් කලාට.
      මට නම් දැන් කාලම හුරුවෙලා.

      Delete
  3. අමුවෙන්නම් කන්නෙ නෑ ගොයියො... හැබැයි අනිත් ඕන විදිහකට කනව :)

    ReplyDelete
    Replies
    1. මම අමුවෙන් කන්නෙ ඉඳල හිටල. ඒකෙත් පොඩි ගතියක් තියෙනවා.

      Delete
  4. //මිරිස් ගොඩක් කනවලු ඔබෙ අප්පච්චී
    ඔයාට එකක් වත් කන්නට බැරි වෙච්චී
    එකට දෙකක් කෑ විට කන් රත් වෙච්චී
    මට සිහිවුනේ මගෙ ආදර අප්පච්චී//

    එලz...!!

    මටනම් නයි මිරිස් නැති හොද්ද කෑවත් කෑවෙ නෑ වගේ...;):P
    සැර වැඩි වුනොත් (හොරෙන්) සෙම අරින්න ඕන. ඊට පස්සෙ තියෙන සැපඅ..අ...අ....අ.....අ........

    ReplyDelete
    Replies
    1. මිරිස් කාපුවාම සෙම ගතිය ටිකක් අඩුවෙනවා. නයි මිරිස් කෑල්ලක් දාපු හොද්දත් ටොප් තමයි.

      Delete
    2. සෙම ගතිය අඩුවෙනවදනම් දන්නෙ නෑ... සැරට කනකොට නහය බුරුල් වෙලා වැක්කෙරෙන ගතියක් නම් එනව.. ලේන්සුවත් අතේ තියන් කන්නෙ :)

      Delete
    3. සැරට කනකොට සෙම ගැලවිලා යනවා. ඒකයි ඒ.

      Delete
  5. නියමයි නියමයි ...

    ReplyDelete
  6. 3නේ පංතියේ ඉදලම ගෑල්ලමයි ඉස්සරහා වීරයා වෙන්න ට්‍රයි කරලා..නයිමිරිස් කරලක් 2ක් ඕනම කරියකට දැමිමම අමුතු රසයක් එනවා..මගේ පොඩි අයත් කිරිපුතා වගේ උනානම් හැම දාම නයි මිරිස් කන්න තිබුනා

    ReplyDelete
    Replies
    1. වීරයා තමයි. දෙකොනින් දුම් දානකොට.
      අපේ අම්මා නම් නයි මිරිස් තිබුනොත් අනිවාර්යෙන් හොද්දට කරලක් දෙකක් දානවා. කොස් උයද්දි හෙම නයි මිරිස් වරදින්නෙ නෑ.

      Delete
  7. 'නයි' මිරිස් කියනිනෙ නිකං යැ..

    ReplyDelete
  8. ලස්සන කයි පෙල. ඔබ නම් හැබෑ දක්ෂයෙක්.

    ReplyDelete
    Replies
    1. මගෙ හිතට එන වචන තාලෙකට ලියල දානවා එච්චරයි

      Delete
  9. ලංකාවෙ අපටනං ඉතිං නයිමිරිස් තමයි. මගෙත් ෆේවරීට්! මම කන්නෙ අමුවෙන්, ගෙඩිය පිටින්. අපේ ගෙදර මම වගා කරගෙන තියනව නයි මිරිස් ගහක්. කන්න ඕන උනාම එකක් කඩල හෝදල කනව. හරිම සිම්පල්.

    ReplyDelete
    Replies
    1. එලවලු සැර නැති දවස්වලට තමයි මාත් නයි මිරිස් අමුවෙන් කන්නෙ

      Delete
  10. කොච්චර සැර උනත් ඕකේ රස දැනෙද්දී නොකා ඉන්න හිතෙනවද?

    ReplyDelete
    Replies
    1. නයි මිරිසේ සැරත් එහි ඇති මනා රසයත්
      කන සුදනෝ මිසක් නොකන අනුවණ දනෝ නොදනිත්

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. නයි මිරිස්.... කෙල උනනවා බොල මතක් වෙනකොට

    ReplyDelete
    Replies
    1. අපොයි බීටගෙ කමෙන්ට් එක ස්පෑම් ගොඩට වැටිලා. බොහොම අමාරුවෙන් හොයාගත්තෙ.

      Delete
  13. අපොයි අපේ අප්පච්චිත් මෙහෙම තමයි..මිරිස් බත් එක්ක අමුවෙන් කනවා..කවි ටිකනම් අපූරුයි..කවි ලියද්දි මිරිස් මතක් වෙන්නෙ කලාතුරකින්නෙ.. :)

    ReplyDelete
    Replies
    1. මිරිස් කරලක් කාපු වෙලාවක තමයි ඒකට කවියක් ලියන්න ඕනෙ කියල හිතුනෙ

      Delete
  14. අපේ ගෙදරත් ජාති දෙකක කොච්චි මිරිස් ගස් දෙකක් තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඔබා මාමා වැඩිය මිරිස් කන්නෙ නැතෙයි?

      Delete
    2. ටිකක් කනව...හෙහ්...හෙහ්...

      Delete
    3. ටිකක් කනව දොර වහනව
      හුනු කිල්ලොටයක් අරගෙන ඔබා බුලත් විට හපනව

      Delete
  15. ෂා කොච්චි සම්බෝලේ එක්ක හාල් සේරුවක වුනත් බත් කතහැකි.

    ReplyDelete
    Replies
    1. ෂා...... මතක් වෙනකොටත් කටට කෙල උනනවා.......

      Delete
  16. මෙතරම් අනගි බ්ලොගයක් මට මග ඇරිලානේ. ලස්සන කවි ටික .නයි මිරිස් ..අම්මෝ සැර වැඩියි . මෙහෙ ආපු කාලේ මාළු මිරිස් කියල රැවටිලා ගෙනාව මිරිස් ජාතියක් . නයි මිරිස් වලට වඩා සැරයි. මෙයාල වැඩිය මිරිස් නොකෑවට කන අය ඉන්නවා . පොඩියට කපල සෝයා සෝස් වල දාල කන්නේ බත් එක්ක . මට නම් කොච්චි මිරිස් කන්න හැකි හොද්දට දාල හරි කොච්චි සම්බෝල හදල හරි . කොච්චි සම්බෝලයි උණු උණු මය්යොක්කයි..කෑවා පොඩි කාලේ ආච්චිලගේ ගෙදරදී . තාමත් මතකයි රස

    ReplyDelete
    Replies
    1. මෙහෙ අය තරම් පිටරටවල අය මිරිස් කන්නෙ නෑ නේද. උණු උණු මඤ්ඤොක්කයි කොච්චි සම්බෝලයි කියන්නෙ පංකාදු කෑමක්නෙ.

      Delete
  17. මිරිස් කාපු දාට ඔලුව කහලම ඉවරයක් නෑ !
    මට පොඩි දවස්වල ඉදලම සැර කෑමක් කෑවොත් ඔලුව කහන්ඩ ගන්නවා !

    ReplyDelete
    Replies
    1. අම්මෝ එහෙනං වැඩිය සැරට කන්න එපා...

      Delete
  18. මමනම් ආසම කෑමක්..........

    ReplyDelete
  19. ගෙදර සිටින කල තුන් වේලම කන්නේ
    පිය උරුමෙන් මා ලද බව පැවසෙන්නේ

    ඒකනම් සහතික ඇත්ත.. මමත් ගොඩක් මිරිස් සැරට කැමතියි .. එක අපේ තාත්තාගෙන් ආපු පුරුද්දක් ... හැබැයි වැඩි පුර මිරිස් කාපුවම ප්‍රතිපල ලැබෙද්දී සැහෙන්න අමාරුයි...

    ගොඩවැදිලා යන්න :www.thunsitha.tk (තුන් සිත)

    ReplyDelete
    Replies
    1. මටත් ගොඩක් සැරට කෑවොත් බඩ දැවිල්ල අල්ලනවා. දැන්නම් ඒකටත් ටිකක් හුරුවෙලා.

      Delete
  20. අම්මා කෙල උනනව හුට හුට ගාල......

    ReplyDelete
    Replies
    1. මටත් ගොඩක් දවසකින් කන්න බැරි උනා. කොහෙන් හරි හොයාගන්න ඕනෙ.

      Delete
  21. කවියේ තියෙන රහ ඒ මිරිස්වල නැහැ.අම්මෝ කොච්චර වින්දවල තියේද වැරදිලා කැවිලා.

    ReplyDelete
    Replies
    1. විඳවන වෙලාවට තමයි කාපු එකේ ආදීනව තේරෙන්නෙ.....

      Delete
  22. මගේ කතා කියව​න්න http://unmanthaka.wordpress.com පිවිසෙන්න​

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.