Friday, March 23, 2012

සඳරු මචං ඔන්න කවියෙන් සුබ පැතුවා




කවියක් කියා සුබ පැතුමට නොහැකි උනා
හදිස්සියට එක කවියක් මතක් උනා
සමාවෙයන් ඒකට මම පමා උනා
හිස් අහසට මගෙ කවියත් එකතු උනා

හිස් අහසෙන් වැසි දිය පොලොවට වැටුනා
වියලුණු බිම් සරුවී කෙත් වතු පිරුනා
සතුටු කඳුලු අපගේ නෙතඟින් හැලුනා
අහස හිස් නොවන වග ලොවටම පෙනුනා

ගමේ කතා අපහට රස ගෙනාවේ
ඔබගේ කතා ශෛලිය නම් මනාවේ
ඔබ වැනි පුතුන් ලොවටම වාසනාවේ
කිරියගෙ සුබ පැතුම මෙලෙසිනි ගෙනාවේ

ඔබගේ අතින් වැඩි වැඩියෙන් ලියවේවා
බාධක ඇතොත් ඒවා සැම දුරු වේවා
ලොවටම වටින ලේඛකයෙක් බිහිවේවා
සොයුර නුඹට සැමදාමත් ජයවේවා

දුක් කරදර මිනිසට කවදත් එනවා
වීරිය අරන් ඒවා පසුකර යනවා
හිස් අහසට සඳ කොමලිය එක් වෙනවා
සඳ එලියෙන් මුලු අහසම බබලනවා

කෝටි ගණන් අදහස් තව ලියවේවා
හිස් අහසේ දිස්නය තව වැඩිවේවා
සඳරු සොයුර ඔබහට ජය අත්වේවා
තෙරුවන් සරණ ලැබ දිවි මග සරු වේවා

...........................................................................................................................

කලින් ලියපු කවි ටිකක්


මෙහෙත් හරි වැස්ස එහෙත් හෙම වෙන්ටැ....



හදාගනින් හිත............


36 comments:

  1. එළ ඈ...සඳරුවා සයිබර් සැණකෙලිය බලන්න එයිනේ..එදාට දැකගන්න පුළුවන් වෙයි හැබැහින්ම....කන බොන මනුස්සයෙක් නේ...බැරියෑ.....

    ReplyDelete
  2. නියමයි කිරි පුතා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔබා මාමෙ......

      Delete
  3. කිරි පුතාගේ සෙත් කවිය උපරිමියි..

    ReplyDelete
  4. නියමයි!

    ReplyDelete
    Replies
    1. ඔබටත් ගොඩක් ස්තූතියි

      Delete
  5. අපොයි ඌත් ඉවරෙයි

    ReplyDelete
    Replies
    1. හිටපංකො මම ඊලඟට ලියන්නෙ උඹ ගැන

      Delete
  6. Replies
    1. ඔබටත් ගොඩක් ස්තූතියි

      Delete
  7. සඳරුවාටත් කිරිපුතාටත් සුභ පතමි.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාගෙ වටිනා කාලයෙන් බිඳක් වැය කරල මේ පැත්තට ගොඩවුනාට බොහොම ස්තූතියි.

      Delete
  8. කිරි පුතාගේ සුභ පැතුම නියමයි...

    ReplyDelete
  9. එල එල ඈ දෙන්නටම ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ඔබටත් ජයවේවා සහෝ.......!!!

      Delete
  10. කිරි පුතා ලෙසටම ලියල නොවැ.. අදයි මේ පැත්තේ ආවේ..

    අපි අපිට සින්ඩියෙන්.. ජය !

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සහෝ.......!!!

      Delete
  11. ලස්සනම් ලස්සන කවි පේලි කිරිපුතා අයියේ...සඳරු අයියටත් සුභ පැතුම්..

    ReplyDelete
  12. සුබ පැතුම් සඳරු මලේ !!!

    ReplyDelete
    Replies
    1. මධුරංග අයියටයි සඳරුවාටයි දෙන්නටම සුබ පැතුම්...!!!

      Delete
  13. සන්තෝසයි.සඳරු ගැන.දෙන්නටම සුභ පැතුම්.

    ReplyDelete
  14. කෝ බං සුභ පැතුවට සඳරුවා මේ පැත්තෙවත් ඇවිල්ල නෑ නේ....ටැලිග්‍රැම් එකක් ගහන්න වෙයිද....

    ReplyDelete
    Replies
    1. ඕං පස්සෙන් පහු ඇවිත්.....

      Delete
  15. සුභ පතන්න උනත් ලියපු කවි ටික නම් එලටම තියනවා .....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සහෝ.....

      Delete
  16. බොහොම ස්තූතියි මචං මං වෙනුවෙන් මහන්සි වෙලා කවියකුත් හැදුව එක මට සෑහෙන්න වටිනවා . කොයිතරම් හයියක්ද බං . මට මේ කවි ටික . සමාවෙයං මම මේක දැක්කේ ටිකක් පමා වෙලා !! මේ දවස් වල මගේ පරිගණකේ කැඩිලා ඒක නිසා බං යාළුවෙක්ගේ පරිගණකය හරහා තමා පොඩ්ඩක් විතර ජාලෙට එන්නේ .

    ඉතින් මම වෙනුවෙන් මේ තරම් මහන්සි වෙලා කවියක් හැදුවාට ස්තූතියි !!

    ReplyDelete
    Replies
    1. ඕව මොනවද මචං. ඉක්මනටම පරිගණකෙ හදාගෙන අලුත් පොස්ට් දාපන්. 22 හම්බවෙමු.

      Delete
  17. ලිපියක් ලියනවා වගේ නෙවෙයි කවියක් ලියන එක.එම නිසා ඔබ තුල තිබෙන සිතුවිලි කවියක් බවට පෙරලිම ඉතා වටි.මම ඔබ අගය කරමි

    ReplyDelete
  18. මගේ කතා කියව​න්න http://unmanthaka.wordpress.com පිවිසෙන්න​

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.