Friday, March 9, 2012

චාමර කපුගෙදර වෙනුවෙන්...... (Specialist of the final matches)





අවසන් මහා තරග වලදී සුවිශේෂී සේවයක් ඉටුකරන ක්‍රීඩකයාණෙනි. ඔබෙන් විය යුතු මෙහෙය ගැන සිතා බැලීමට කාලයයි මේ.

බැට්මන් කෙනෙක් කියලයි අප දැන උන්නේ
කිසි අදහසක් නැහැ නොවැ ඌ ගැන එන්නේ
කොයිවගෙ පොරක්දෝ කියලා සිතමින්නේ
කපුගෙදරට බැනලයි අප සැනසෙන්නේ

තරඟාවලියකට දෙකකට නැති වෙන්නේ
එක පාරටම ආයෙත් ඇතුලට එන්නේ
මැච් එක ගොඩගන්න ඔහු පිටියට එන්නේ
ලකුණක් දෙකක් ගහලයි දැවිලා යන්නේ

ෆීල්ඩ් කරන විට පිටියේ ඉන්නවද
ඉස්සර වගෙ ආයෙත් දැන් රකිනවද
ෆයිනල් එකට විතරක් ගොඩ බහිනවද
ආසිය කප් එකේදිත් යලි ඉන්නවද

කපුගෙදරට දැන් බැනලා කිසිම වැඩක් නැත්තේ
තෝරන අය තෝරනවා ඒකයි බොල තත්තේ
මීට වඩා හොඳ කොල්ලන් කොයි පැත්තෙද නැත්තේ
උන්ව තොරගන්නෙ නැත්තෙ ඇයි ....... මුත්තේ

ඔබ සමග කිසිම පෞද්ගලික තරහක් නැත. මීට වඩා වගකීමෙන් පිතිකරණයේ යෙදිය හැකිනම් ඉතා අගනේය.

19 comments:

  1. සිරාවටම වරද තෙරීම් කමිටුවෙ තමා..

    ReplyDelete
  2. කව්ද බං චාමර කපුගෙදර කියන්නේ?

    ReplyDelete
  3. චාමර මැච් 2ක්3ක් නං බේරල දීල තියනව. අවස්තාව දුන්න දැන් ඇති.

    ReplyDelete
  4. කවදත් මේ වගේ හරකෙක් ඉන්නවමයි
    ෆයිනල් වලට ආවම ඔක්කොම වෙව්ලයි
    ඉගෙන ගන්න තව ඇති දේ නම් බෝමයි
    ඒෂියා කප් එක මීටත් තද පාටයි

    ReplyDelete
  5. තේරීම් කමි‍ටුට තේරුවේ කව්ද අප්පා....

    ReplyDelete
  6. අනේ අර හුලඟක් වගේ ඇවිල්ලා හුලඟක් වගේ අවුට් වෙලා යන ජෙහාන් මුබාරක් කියන සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට විතරක් දෙවැනි ක්‍රීඩකයාව දැම්මේ නෑනේ ...............................

    ReplyDelete
  7. final එක පැරදුන එකට අවසන් පෙළ පිතිනරුවන්ටම දොස් කියන්නත් බෑ.හැම මැච් එකකම හොඳට සෙල්ලම් කරන්නේ එකෙක් දෙන්නෙක් විතරයි චන්දිමාල් නම් චන්දිමාල් විතරයි දිල්ශාන් නම් දිල්ශාන් විතරයි

    ReplyDelete
  8. @ඉන්ද්‍රජිත්
    අනේ මන්දා. අපි ඕව කතා නොකර ඉමු.

    @bckurera
    කව්ද බං දන්නෙ

    @රාජ්
    මට මතකෙට එන්නෙ අර ඉන්දියන් ටුවෙන්ටි මැච් එක. අපි ඇති කිව්වට අහන එකක්යැ.

    ReplyDelete
  9. @ඔබ නොදු‍ටු ලොවක්
    එයාල චන්දෙන්නෙ ආවෙ

    @හෙලයෙකුගෙන් ලොවට
    ගොඩක් කාලෙකින් ටීම් එකට මෑන් ආවෙ නෑ නේද

    @නොනිමි අහස
    ඇත්ත. ඒක අපේ ටීම් එකේ දුර්වලතාවයක්. ඒක හදාගන්න වෙනවා.

    ReplyDelete
  10. සමහරු කියන්නෙ පුකගෙදර කියල...පොර ඒ තරං නෝන්ඩිද ?මං නං නම අහල තියෙනවට වැඩි දෙයක් දන්නෑ... soridotkom

    ReplyDelete
  11. මේකයි සහෝ චාමරව ටුනමන්ට් එකේ මුල ඉදන්ම දාල තිබ්බ නම් මෑන්ට ටිකක් හුරු වෙන්න තිබ්බා ඒත් එකපාරටම දැම්මාම උට කරන්න දේකුත් නැහැ ආව තට්ටුව දැම්ම ඊලගට අවුට්.

    ReplyDelete
  12. බෑඩ් ලක් එක තමා මේ ඔකෝටම මුල ..

    ReplyDelete
  13. Therumak naa... Kapugedara hondai One Bump gahanna, ara Thilan Thushara Mirando demma nam kochchara hondada.... nath nam aduma gaane ara School U19 porak unath kamak naa... meyaata wada hondai.. or Grade 5 Softball cricketers

    ReplyDelete
  14. හරියට හරි !
    කවුද දන්නේ නෑ තේරුවේ

    ReplyDelete
  15. දැන් ඉතින් ඕවා ගැන කතා කරලා වැඩක් නෑ.:)))

    ReplyDelete
  16. අනේ මංදා බොල.. තේරීම් කමිටුවට තමා දොස් කියන්ඩ ඕන..

    ReplyDelete
  17. @Observer
    අනේ මන්ද ඔබා මාමෙ ඔය මිනිස්සුන්ගෙ කතා.

    @මඩිස්සලේ නිශාන්
    මචං එතකොට අනිත් බැට්මන්ලා මුල මැච් වල ගැහුවෙ කොහොමද? ඌ මුල ඉඳන් හිටියත් ඔච්චර තමයි.

    @හිස් අහස
    ඔව් බං. උගෙ නරක කාලයක් මේක.

    @DONALD BRADMAN
    අලුත් එකෙක්වත් දැම්මනම් ඌට හුරු වෙන්නවත් තිබ්බ තමයි. කාට කියන්නද ඕවා.

    ReplyDelete
  18. @මධුරංග
    අනේ අපි නම් නෙවෙයි.

    @Praveena Palipana
    ඔව් ඔව් . කට පියාගෙන ඉන්න තරමට තමයි හොඳ.

    @Buddy Rox
    හ්ම්.. හ්ම්.......
    ෂ්..........

    ReplyDelete
  19. මරේ මාරු බන් එල කිරි

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.