
පහුගිය මාස කීපයේදි අපේ ගමටත් නියගයක් ආවා. පැය විසිහතරම දුන්න නල ජලය ටික දවස් දෙකකට පාරක් දෙන්න පටන් ගත්තා. ගමේ ලිං හිඳිලා ගියේ බලාගෙන ඉඳිද්දි. ගමටම ඉතුරු උනේ නාන ලිං දෙකයි. ඒව ලඟ දන්සැල් වල වගේ පෝලිම්. අල්ලපු ගමේ ගඟක් තිබ්බට ඒකට හතර වටේම මිනිස්සු නාන්න ඇවිත් ඒකත් ජරා වෙලා. ගඟෙන් නෑවොත් නාපු මනුස්සයට හැදෙන ලෙඩේ හොයාගන්න බෑ.
අන්තිමේදි ගම්මු තීරණයක් ගත්තා.කට්ටියම එක්කහු වෙලා වැහි දෙයියන්ට සන්දේශයක් ලීවා.ඒක තමයි මේ තියෙන්නෙ.
පායන කාලය මෙලෙස ගෙවෙනවා
වතුර නැතිව හොඳටම වේලෙනවා
වැස්ස වැටෙනතුරු බලා සිටිනවා
වැසි දෙවිඳුනි ඔබෙ පිහිට පතනවා
වැසි දෙවිඳුනි ඔබෙ පිහිට පතනවා
වතුර සොයන්නට මිනිසුන් යන්නේ
හිස් අතිනුයි උන් ආපසු එන්නේ
ගමේම ලිං ටික ටික හිස් වෙන්නේ
වැසි දෙවිඳුනි පිහිටක් ඉල්ලන්නේ
වැසි දෙවිඳුනි පිහිටක් ඉල්ලන්නේ
නල ජලයත් ඇත දැන් අඩු වීලා
වගා කටයුතුත් අඩපණ වීලා
ගොවියන් ඇත හොඳටම දුක් වීලා
පිහිටක් වනු මැන වැස්සක් දීලා
පිහිටක් වනු මැන වැස්සක් දීලා
ගමේ නාන ලිං අඩුවී යනවා
මිනිසුන් එකතුව ජලය සොයනවා
රෑ බෝවෙනකොට සත්තු ඇදෙනවා
උන්ගෙන් අපහට අනතුරු වෙනවා
උන්ගෙන් අපහට අනතුරු වෙනවා
ගමට ටිකක් දුර ගඟක් තියෙනවා
ඒකෙ වතුරත් අඩුවී යනවා
අපිරිසිදු බවක් දැකුමට වෙනවා
ඒ හින්දා තව ලෙඩත් හැදෙනවා
ඒ හින්දා තව ලෙඩත් හැදෙනවා
වැස්ස නැතිව ගම්මුන් ලත වෙන්නේ
තියෙන වතුර ටික පිරිමහ ගන්නේ
ගම්මු විඳින දුක වටහා ගන්නේ
අසරණ අපහට පිහිටක් වෙන්නේ
අසරණ අපහට පිහිටක් වෙන්නේ
වැහි දෙයියො සන්දේශෙ බාරගත්තට පස්සෙ උනේ මොකක්ද කියලා මෙතනින් බලන්න.
-----------------------------------------
ඉරිදට සයිබර් සැණකෙලියෙදි හමුවෙමු.
දෙවියන්ට ගොඩක් දුක හිතෙන්න අැති..
ReplyDeleteහැබැයි ඊට පස්සෙ දුන්නා දීමනාවක් මදි නොකියන්ඩ.
Deleteසන්දේශය බාරගත්තද?...
ReplyDeleteබාරගත්තදත් අහනවා..........
Deleteනූතනයේ වැහිලිහිනි සංදේශය..
ReplyDeleteමචං ඉරිදට අපිත් එනවා. වහින්න එපා කියලා සංදේශයක් දාපං.. සෙට් වෙමු !
ඉරිදට නොවසීවා කියල අපි ප්රාර්ථනා කරමු.
Deleteඊට පස්සේ දෙයියෝ එපා කියනකන්ම දෙන්න ඇති :)
ReplyDeleteතාම දෙනවා. ඉවරයක් නෑ.
Deleteඅර සදරුලා කල වැඩේ කලානම් හරිනේ..
ReplyDeleteඒක දැනගත්තෙ මේ ලඟදිනෙ. එතකොට වැහි දෙයියො වැඩ අල්ලලා.
Deleteමොකට මේ වගේ අසමජ්ජාති වැඩක් කොලාද දෙයි හාන්දුන්නේ...
ReplyDeleteඅසමජ්ජාති. හුහ්. කෑගැහුවොත් බොලාගෙ පැත්තටත් වැස්සක් ඉල්ලලා දෙනවා.
Deleteඅනේ පුලුවන් නම් කොරල දියන් මචන්.පට්ට උදව්ව.මෙහෙ ආවත් හරි වැහි බිදක් දැක්කේ නෑ අසාවකට.කරදරයක් නෙමේ නම් දෙක තුනක් උනත් කාරි නෑ. [මෙන්න යාලුවෝ].
Deleteඔය කවි ටික එකසිය අට වරක් කියහන්. එතකොට වහියි. :D
Deleteහුහ්...කෙරුම වගේ කිව්වේ නම් හරියට ''එක කෝල් එකයි දෙන්නෝන''සයිස් එකට.....! ඉහැක්..හික්..පුහ්.
Deleteකියනකොට එහෙම තමයි..... :D
Deleteසන්දේශය යැව්වේ කා අතේද? වලාකුලක් අතේ??? :D
ReplyDeleteනෑ අනේ, ඊමේල් එකක් දැම්මේ.
Deleteතාමත් වහිනවද බං?
ReplyDeleteආයෙත් අහලා. ලොවෙත් නැතිවෙන්න වහිනවා.
Deleteඒක තමා මේ දෙගොඩතලා යන්න වහින්නෙ... :-)
ReplyDeleteදැන් ඉතින් එපා කියන්නයැ. ටික දවසකින් වැස්ස අඩුවෙන්නෙ නැතෑ.
Deleteඅපි පොඩි කාලේ වතුර ගත්ත ලිඳත් මේ වගේමයි. එකම දේ එකේ ඇතුල් පැත්තට කළුගල් අල්ලලා තියෙනවා.
ReplyDeleteමේක නම් ගූගල් එකෙන් හොයාගත්ත ලිඳක්.
Deleteමොකක්ද ඊමේල් ලිපිනය. මටත් එකක් යවන්න ඕන දවල්ට වහින්න එපයි කියලා
ReplyDeleteෂ්......... ඒක රහසක්. ඒක කිව්වොත් හැමෝම උන්දැට ඊමේල් යවන්න ගනීවි.
Deleteඅපිටත් හවසට හවසට වහින්නෙ ඒ නිසාද මන්දා ?
ReplyDeleteසමහරවිට ඒ හින්දද දන්නෙත් නෑ.
Deleteඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත!
ReplyDeletehenryblogwalker the Dude
අම්මපා.... සහතික ඇත්ත..............
Deleteඅපිට නම් ගජරාමෙට වැස්සා බන් ඊයේ පෙරේදා
ReplyDeleteඅපටත් එහෙම තමයි. වහිනවා ලෙසටම.
Delete