අරුමෙකි අහෝ කිම මේ සිදුවී ඇත්තේ
සංචිතයෙහි එක් අයෙකුගෙ නම නැත්තේ
නම එහි නැති උනත් ඔහු ඇතුලෙහි ඇත්තේ
විස්කම් වෙන්නෙ බංගලි දේසේ පැත්තේ
සංචිතයටම දාහතරයි නොවැ ඉන්නේ
ඉන් එකොලහක් අද තරගෙට සැරසෙන්නේ
දහදෙනෙකුටයි පිටියට බැසුමට වෙන්නේ
අනෙකට හොරෙන් කවුරුද පිටියට යන්නේ
ඔහු දුටුවාම අෆ්රිඩිලා වෙව්ලාවී
එවනා පන්දු පිටියෙන් ඉවතට යාවී
උමාර් ගුල් බියපත්වී සැඟවේවී
මිස්බා උල් හක්ට සුලුදිය පිටවේවී
සිරි ලංකාවෙ සංචිතෙ අද මෙතැන ඇත
සැඟවුනු අමුත්තා මෙතැනට එන්නෙ නැත
පිටියට ඇවිත් පානා පෙලහාර මත
පාකිස්තානුවන් යාවිලු හතර අත
පන්දු යවන්නත් ඔහු ඉඩකඩක් තිබේ
යැව්වොත් පන්දු පිතිකරුවන් බිමට එබේ
සතුටෙන් කුල්මත්ව නරඹන අයද සබේ
ඔහුගේ ගුණ ගයති ගහගෙන කණෙහි ඇබේ
ප.ලි. : හුරේ............ මේ පෝස්ට් එක දැකල අද ඌව ටීම් එකෙන් අයින් කරලා :D
ගහනා විටදි කැරකීලා හතර අතේ
ReplyDeleteපන්දු යවන විට කඩුල්ලෙ පොලුත් නැතේ
දිනුවත් පැරදුනත් අපි උන් සමග ඇතේ
පකිස්තානෙ උන් හට අද ඇපත් නැතේ
නියම කවි ටික කිරි අයියා...
ඇප නැති උනා නේද?
Deleteඔහොම ඒවුන් ඉද්දී අනෙ බය නෑනෙ
ReplyDeleteචූටි කාලෙ සිට අපි මැච් බැලුවානෙ
ඔහොම ඒවුන් අදමයි දැකුමට ඉන්නෙ
සිරි ලක නමට ජය පතමින් යන්නෙ
වෙලාවට ඊයෙ පොර හිටියෙ නෑ. වෙනසක් උනෙත් නෑ. කලින් මැච් එකට හපන් මේක.
Deleteබෝලේ foot බෝලෙ වගේ දිස්වෙවා
ReplyDeleteහයේ ඒවා හතරේ ඒවා ඉතිරේවා
බුදුසරණයි අපේ උන්ට ජයවේවා
pakisthan හැත්තට අද කෙලවේවා.
මුල් ඕවර් ටිකේ නම් වැඩේ කියපු විදියටම උනා. පහු පහු වෙනකොට තමයි කොහු කොහු උනේ.
Deleteඅනේ වෙච්ච දෙයක් ..:!:(((
Deleteකව්ද බොලේ සනත් ජයසුරියවත්ද ?
ReplyDeleteම්හූ..... පිලිතුර වැරදියි.
Deletekapuwa kapothi da ?
ReplyDeleteඔව් ඔව් මෑන් තමයි. බලහංකො ස්කොඩ් එකේ ඉන්නවද කියලා.
Deleteඅපෝ සෝක් ටුවර් එක බං ගියා ආවා
ReplyDeleteට්‍රිප් එකක් යනව කියල හිතාගෙන යන්න ඇති.
Deleteකිරිපුතා,
ReplyDeleteබැක් ග්‍රවුන්ඩ් කලර් එක වෙනස් කරපු එක හොඳ අදහසක්, දැන් කියවන්න හරිම පහසුයි, විශේෂෙන්ම කොමෙන්ට්.
[කළුපාට බැක් ග්‍රවුන්ග් ලස්සන වුනාට කියවන්න අපහසුයි]
කොමෙන්ට් වලට රිප්ලයි දාන්න ගියාමත් එහෙට මෙහෙට දුවලා එපා වෙලා තිබුනෙ. දැන් ඒකත් ලේසියිනෙ. දැන් අකුරුත් හොඳට පැහැදිලියි.
Deleteඔබා මාමටත් ගොඩක් ස්තූතියි.
ජාතික ලැයිස්තුවෙන් ආපු ඇමති කෙනෙක් වගේ.මෙලෝ වැඩක නැහැ.
ReplyDeleteබැරි දේ නොකර හිටියනං කවුරුත් මුකුත් කියන්නෙ නෑනෙ.
Delete