අපේ අම්මා වැඩ කරන ඔෆිස් එකේ ලොකු බණ්ඩා කියලා අංකල් කෙනෙක් ඉන්නවා. මේ අංකල්ගෙ නෝනත් වැඩ කරන්නෙ ඒ ඔෆිස් එකේම තමයි. මේ ලොකු බණ්ඩා අංකල් දැන් පැන්ෂන් යන වයසත් කිට්ටු කරලා ඉන්නෙ.
ඒ උනාට අංකල් අත්සන ගහන්නෙම "ලොකුබල්ලා" කියලලු. කොච්චර කට්ටිය පැහැදිලි කරලා කිව්වත් ලොකු බණ්ඩා අංකල් ඒක වම් කනෙන් අහලා දකුනු කනෙන් පිට කරලා දානවලු.
ඔන්න දවසක් ලොකු බණ්ඩා අංකල් රෑ වෙලා ටොයිලට් එකට ගියාලු.ගියා ගියාමලු එන පාටක් නැතිලු.
බැරිම තැන ඇන්ටි දොර ලඟට ගිහින් "මොකද මනුස්සයෝ ඔච්චර වෙලා ඕක ඇතුලෙ කරන්නෙ?" කියලා ඇහුවලු.
"මගෙ බඩ වේලිලා" කියලා ලොකු බණ්ඩා අංකලුත් ඇතුලෙ ඉඳන් උත්තර දුන්නලු.
"හා, පොඩ්ඩක් ඉන්නවකො" කියලා ඇන්ටි සබන් කෑල්ලක් අරගෙන ආවලු.
"මෙන්න මේක දාගන්නකො. එතකොට හරියයි" කියලා ඇන්ටි සබන් කෑල්ල දොර යටින් දුන්නලු.
දීලා පැය බාගයක් විතර ගියාලු. තාම ලොකු බණ්ඩා අංකල් එන පාටක් නැතිලු.
ආයෙ පාරක් ඇන්ටි දොර ලඟට ඇවිත් "තාම හරිගියෙ නැද්ද?" කියලා ඇහුවලු.
"නෑ" කියලා අංකල් තරහෙන් වගේ කිව්වලු.
"ඇයි සබන් කෑල්ල දැම්මෙ නැද්ද?" කියලා ඇන්ටි ඇහුවලු.
"දැම්මා, දැම්මා" කියලා අංකල් තරහින් කෑගහනවලු.
"කොහෙටද?" කියලා ඇන්ටි ආයෙ පාරක් ඇහුවලු.
ලොකු බණ්ඩා අංකලුත් "කක්කුස්සි වලට" කියලා තරහෙන්ම උත්තර දුන්නලු.
නැතුව වෙන කොහෙට දාන්නද?
ReplyDelete@Anonymous
ReplyDeleteඇන්ටි දාගන්න කියලා තියෙන්නෙ වෙන තැනකට බං
එහෙම අතන මෙතන සබන් කෑලි දාගන්න පුඵවන්ද දෙයියනේ...
ReplyDeleteමේක ඉතින් කිරි පුතාට වෙච්ච වැඩක්ලු ඈ..
ReplyDelete@ ``` Outsider```
ReplyDeleteඒක තමා.
@පිණිබිඳු...
ReplyDeleteමට වෙච්ච වැඩක් නම් මම උඩින්ම කියනවනෙ අනේ.
ඕක දෙන්න ඇත්තේ ගද යන්න උලා ගන්න...ඒත් මා තියෙන පුරස්නේ ඇන්ටි පුරුශ වැසිකිලිය පැත්තේ මක්කා කොරාද කියන එක තමා....ඉකේයියා........
ReplyDelete@රත්ගමයා
ReplyDeleteමේ සීන් එක වෙලා තියෙන්නෙ ඒ කට්ටියගෙ ගෙදරදි. ගෙදර නම් ස්ත්රී/ පුරුෂ කියලා වැසිකිලිය බෙදලා නැතුව ඇති.
සබන් ad එකකට හොඳ කතාවක්........
ReplyDelete@හරී
ReplyDeleteටොප් අයිඩියා එක.
පුතා,
ReplyDeleteඋඹේ කතා ටිකය් තවම කියෙව්වෙ, දාහක් කතා මතක් වෙනව. ඒව කොමෙන්ට් හැටියට දාන්න ගියොත් ලෝක ලෙඩේ, දැනටත් Mrs Observer බලනව මොකද මං තුමා කරන්නෙ කියල. පස්සෙ වෙලාවල ඉතුරු කතා ටිකත් කියෝල ඒ වෙලාවට යන පෝස්ට් එකේවත් කොමෙන්ට් හරි අතුරු කතා හරි දාන්නන්.
@Observer
ReplyDeleteහරි හරි එහෙනං ඇහැක් විදියට ඒවා දාන්නකෝ......
මගේ කතා කියවන්න http://unmanthaka.wordpress.com පිවිසෙන්න
ReplyDelete