Friday, February 11, 2011

බල්ලා පතලේ



ඔන්න එක දවසක මම නිවාඩුවට ගෙදර ඇවිත් හිටියා.
"කිරිපුතා....... කිරිපුතා..........."
කවුදෝ කතා කරනවා. මම එතකොට දවල්ට බත් කකා හිටියෙ. මම බත් එකත් පැත්තකින් තියලා එලියට ඇවිත් බැලුවා.
බැලින්නම් චූටි බාප්පා.
"චූටි බාප්පෙ, මොකෝ මේ....?" මම ඇහුවා.
"පොඩ්ඩක් එනවකො උඩහට. වත්ත උඩහ පතලට බල්ලෙක් වැටිලා. මම ගොඩ ගන්න බැලුවා. තනියෙන් ගන්න අමාරුයි. ඒකයි මේ කිරිපුතාට කතාකලේ."
මාත් ඉතින් බත් එක වහලා තියලා අත හෙම හෝදගෙන වත්ත උඩහට ගියා.
මං යනකොටත් චූටි බාප්පා මද්දක් එහෙම ගහගෙන බල්ලව ගොඩ ගන්න සෑහෙන ට්‍රයි එකක් දෙනවා.
අපේ චූටි බාප්පා මදු ගැහීමේ විශේෂඥයෙක්. මදු ගහපු සිද්දි ගැන කතා ටිකකුත් තියෙනවා. ඒවා මම ටික ටික එලියට දාන්නම්කො.
බල්ලා හොඳටම බයවෙලා. පතලේ මුල්ලකට වෙලා ඉන්නවා. ඌට පතල ඇතුලෙ මැරෙන්න දෙන්නයැ. අපි පැයක් විතර ඌව ගොඩ ගන්න ට්‍රයි කලා.
බැරිම තැන චූටි බාප්පට හොඳ නුවණක් පහලවුනා. චූටි බාප්පා බුරුලට මද්දක් ගහලා පතල ඇතුලට දැම්මා. මට දිග ලීයක් දාලා මද්දෙ පැත්තක් ඒකට හෙමිහිට අමුණාගන්න කිව්වා. ඊට පස්සෙ හෙමිහිට මද්ද බල්ලගෙ බෙල්ලට දාගත්තා.බල්ලගෙ කකුල් දෙක ඌ මද්දෙන් ඉස්සරහට දාගත්තා.දැන් මද්ද බල්ලගෙ බඩ මැද. බල්ලා දඟලනකොට මද්ද හිරවෙනවනෙ. දැන් මද්ද හොඳටම හිරවෙලා. ඊට පස්සෙ  දෙන්නත් එක්ක එකතුවෙලා  බල්ලව පතලෙන් උඩට ඇදලා ගත්තා.
චූටි බාප්පා මද්ද ගහලා තිබ්බ ලණුවෙ ඉතුරු කොණ ගහක ගැට ගැහුවා. ඊට පස්සෙ මද්ද කපලා දැම්මා.
ඊට පස්සෙ බල්ලා දීවෙ කැලෙ කඩාගෙන.

4 comments:

  1. mona wunath ahinsaka sathawa bera gaththa eka nam pin siddha wena wadak....

    ReplyDelete
  2. බල්ල බුහ් බුහ් කියල තැන්කූ කිව්වෙ නැද්ද.

    ReplyDelete
  3. @පිණිබිඳු...
    මොන තැන්කූද, ඌට ගොඩට ආවා විතරයි උන්හිටිතැන් මතක නැතුව ගියා.

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.