Friday, February 18, 2011

පිටිකල පොල්කිරි



මේක මීට සුලු මොහොතකට පෙර සිදුවුන සිද්ධියක්. හෙට ලෝක කුසලානෙ ලංකාව ගහන පලවෙනි මැච් එක ගෙදරට වෙලා බලන්නම් කියලා හිතාගෙන හිටියත් අන්තිම මොහොතෙ ඒ තීරණය අතාරින්න සිද්ධ උනා. ඒක හින්දා අදයි හෙටයි බෝඩිමේම ඉන්න තීරණය කලා.
අවිශ්කයා ලේසියකට ගෙදර යන එකෙක් නෙමෙයිනෙ. ඒක හින්දා ඌ කොහොමත් බෝඩිමේ. පොඩ්ඩක් කැඩිලා තිබුනු ටීවි එකේ ඒරියල් කූරු දෙකටත් පොඩි ජිල්මාට් එකක් දාලා අමුණාගත්තා. දැන් වැඩේ හරි.
අද උදේට උයන්න කම්මැලියි කියලා පාන් කන්න තීරණය කලා. අවිශ්කයා පාන් ගේන්න කියලා කඩේට ගියා. මම පරිප්පු හොද්දක් හදන්න බාරගත්තා.
පරිප්පු ටික ලිපේ තියලා කිරි දාන්න කිරි එකක් හදන්න එපායැ.අපි පොල් ගාලා කිරි මිරිකලා කිරි ගන්නෙ නෑ. මොකද ඒක එපා වෙනවනෙ. අනිත් එක පොලුත් ගනන්නෙ.ඒක හින්දා පිටිකල පොල්කිරි තමයි පාවිච්චි කරන්නෙ.
ඒ උනාට පොල් ගාලා ගන්න කිරි පිටිකල පොල්කිරි වලට වැඩිය රසයි.
වෙනදා වගේම මම පොඩි ජොග්ගුවකට වතුර ටිකක් පුරවගෙන ඇවිත් ඒකට පොල්කිරි පැකට් එක දාන්න ලෑස්ති උනා. ඊයෙ රෑ පාවිච්චි කරපු පොල්කිරි පැකට් එකේ ඉතුරු ටික ශොපින් කවරෙකට දාලා ගැට ගහලා තිබුනෙ. ඒක හින්දා මම වැඩිය හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ශොපින් එක ලෙහලා පිටිකල පොල්කිරි ටික ජොග්ගුවට දාන්න කියලා හැදුවා. වෙලාව කියන්නෙ මට වෙලාවට පැකට් එක දිහා බැලුනා. බැලින්නම් පෙරේදා ගෙනාපු නෙස්ප්‍රේ පැකට් එකේ ඉතුරු ටික තමයි ජොග්ගුවට දාන්න ගිහින් තියෙන්නෙ.වැඩි වෙනසක් පේන්නෙත් නෑ දෙකම කහ පාටයිනෙ. ඒක දැම්මනං ඉතිං කාලා හමාරයි. සමහරවිට  පරිප්පු එකට නැවුම් රසයක් එන්නත් බැරි නෑ.    

20 comments:

  1. අපේ තාත්තා එක පාරක් කිරි කොස් හැදුවා. හරිම රසයි. බලද්දි කිරිපිටි තමා දාල තියෙන්නෙ. හදල බලන්න සමහරවිට වෙනස්ම රසක් එන්න පුලුවන්. පොල් වල ගනන් හැටියට කිරිපිටි වලින් කෑම හදන එකත් ලාභ ඇති සමහර විට.

    ReplyDelete
  2. අවුලක් නැහැ බං..කිරි පිටිත් නියමෙට හරියනවා..හැබැයි මිරිස් ටිකක් උළුහාල් ටිකක් යහමින් දාන්න ඕන

    ReplyDelete
  3. මම හුඟාක් ඉස්සර ඈත පළාතක වැඩ කරද්දී ලක්ස්ප්රේ වලින් උයාගෙන කාල තියෙනවා,ඒ කාලේ පොල්කිරි පව්ඩර් ගැන අහල තියා හිතලවත් නැහැ.දැන් නම් සමහරු කලකිරී වලිනුත් උයනව.දුරු මිරිස් වැටුනම එච්චර ගානක් නැහැ.

    ReplyDelete
  4. "බබා බයවෙලා" මේ දැන් කියෙව්වෙ, මේ සයිට් එක මට තාම අලුත්, ප්‍රථම වතාවට මේ පැත්තෙ ආවෙ.පරණ කතන්දර කියෝගෙන යන ගමන් මේ කොමෙන්ට් එක දාන්නෙ.

    "පුතාගෙ ගම කොහෙද?"

    නක්කලේට එහෙම නෙමෙය් ඇහුවෙ, ත්‍රී වීල් සහ වඳුරෝ හින්ද.

    ReplyDelete
  5. පුතා,

    උඹේ කතා ටිකය් තවම කියෙව්වෙ, දාහක් කතා මතක් වෙනව. ඒව කොමෙන්ට් හැටියට දාන්න ගියොත් ලෝක ලෙඩේ, දැනටත් Mrs Observer බලනව මොකද මං තුමා කරන්නෙ කියල. පස්සෙ වෙලාවල ඉතුරු කතා ටිකත් කියෝල ඒ වෙලාවට යන පෝස්ට් එකේවත් කොමෙන්ට් හරි අතුරු කතා හරි දාන්නන්.

    ReplyDelete
  6. @Observer
    හරි හරි එහෙනං ඇහැක් විදියට ඒවා දාන්නකෝ......

    ReplyDelete
  7. @Observer
    මගෙ ගම ඔය දුෂ්කර පැත්තක් කියලා හිතාගන්නකෝ......

    ReplyDelete
  8. @පිණිබිඳු...
    එහෙනං ට්‍රයි එකක් දාලා බලන්නම්කො.......

    ReplyDelete
  9. @මාරයාගේ හෝරාව
    එහෙනං අවිශ්කයටත් කියලා කිරිපිටි ටිකක් දාලා එලවලුවක් උයලා බලන්නම්කො.........

    ReplyDelete
  10. @Observer
    මෙච්චර කියන එකේ කිරිපිටි දාලා උයලම බලන්න ඕනා......

    ReplyDelete
  11. අපේ දැන් අවුරුදු පහකින් පොල්කිරි වලින් උයලා නෑ.

    ReplyDelete
  12. අපේ ගෙදර දැන් අවුරුදු පහකින් පොල්කිරි වලින් උයලා නෑ.

    ReplyDelete
  13. මාරයා මල්ලි උඹ මොකද මෙහෙ කරන්නෙ, හරි වටිනවා බන්, මේවා ඔක්කොම කියෝල බලන එක, ඒ වගෙ වගෙම අඩු ගානෙ බැලුව කියල ලියල යන එකත් ලියන එකාට හය්යක් එන වැඩක් කියල මං හිතන්නෙ , තොපි ලිව්වේ නැත්තන් අපි අහවල් එකය කියවන්නෙ.

    ReplyDelete
  14. @Kathandara
    ඇයි එහෙත් දාන්නෙ කිරිපිටිද?

    ReplyDelete
  15. පොච්චියේ අයියේ කොමෙන්ට් නොකලට මං දවසකට කීයක්නං බ්ලොග් බලනවද? ඒ අස්සේ මට විෂය ගෝචර වෙනවනං අකුරක් හරි ලියන එක ලියනවම තමා...
    ඉවුං පිහුං කියන්නේ ඉතිං මට ඒහෙං පිටින්ම ගෝචර විෂයක් නෙව...

    ReplyDelete
  16. අපේ ගෙදර කවදාවත් ගෙනල්ලා නෑ...

    ReplyDelete
  17. @හරී
    අපේ ගෙදරටත් එහෙම්මම තමයි

    ReplyDelete
  18. පිටරටවල ඉන්න අපි වගේ කස්ටියනම් එලකිරි වලිනුත් උයනවා. අවුලක් නෑ

    ReplyDelete
  19. @sudda
    අවුලක් නැත්නම් එච්චරයි....

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.