Monday, February 21, 2011

මාලුකාරයෙක් මැච් එකේ



ඊයෙ ලංකාවයි කැනඩාවයි අතරෙ මැච් එක තිබ්බනෙ. අපි මැච් එකේ මුල් ටික බලන්න සෙට් උනේ ටිංටිංලගෙ බෝඩිමට. ඊයෙ නිවාඩු දවස හින්දා කට්ටියම බෝඩිමේ හිටියා. මායි අවිශ්කයයි බෝඩිමට යනකොට බෝඩිමේ පොඩි විවාදයක්.
බැලින්නම් අපේ ටිංටිං හා මදුරුවා.
ටිංටිං කියනවා ටොස් එක ලංකාවට ආවොත් ලංකාව ඉස්සරලා බැට් කරන්න ඕනෙලු. හේතුව එතකොට බැට්මන්ලට වැඩිපුර ලකුණු ගහලා එක්කෙනෙකුට තරඟාවලියෙ වීරයා වෙන්න පුලුවන්ලු.
මදුරුවා කියනවා ටොස් එක දින්නොත් ලංකාව ඉස්සරලා බෝල් කරන්න ඕනෙලු. එතකොට බෝලෙර් කෙනෙක්ට වැඩිපුර විකට් අරන් තරඟාවලියෙ වීරයා වෙන්න පුලුවන්ලු.
මදුරුවා උදාහරණයක් විදිහට ගත්තෙ කෙන්යාවයි නවසිලන්තෙයි අතර තිබ්බ මැච් එක. ඒකෙදි කෙන්යාව ලකුණු 69කට ඕල් අවුට් කරලා නවසිලන්තෙ ඕවර් 7.5 කින්ද කොහෙද ගහලා දින්නනෙ.
ඒ හින්දා නවසිලන්තෙ ශුද්ධ ලකුණු වේගෙ 7.6ක් විතර. ඒක සුපර් එයිට් වටයට යන්න සමහර විට බලපාන්න පුලුවන්නෙ. ලංකාව මේ වටේදි තියෙන ඔක්කොම මැච් ටික දිනුවොත් ප්‍රශ්නයක් නෑ. බැරිවෙලාවත් එකක් හරි පැරදිලා තිබුනොත් කාණ්ඩෙ එකට එන්න ශුද්ධ ලකුණු වේගෙ බලපායි.
ඕක තමයි මදුරුවාගෙ තර්කෙ.
අන්තිමේදි ටොස් එක දිනලා ස්න්ගා බැට් කරන්න තීරණය කලානෙ. ඊට පස්සෙ ටිංටිංගෙන් මදුරුවාට නෝන්ඩි ගොඩයි.
ටිංටිං පුලුවන් තරම් පොර ටෝක් දෙනවා. මදුරුවා සද්ද නෑ.
ටික වෙලාවක් මැච් එක බලබල හිටපු මදුරුවා එක පාරටම හිනාවෙන්න පටන්ගත්තා. දැන් අපටත් හරි පුදුමයි මොකද මේ කියලා. අපි ඇහුවා "මොකද බං තනියෙන් හිනාවෙන්නෙ? "කියලා.
එතකොට මදුරුවා කියනවා "බලපංකො බං, ඉන්දියාවෙ මාලුකාරයෙක්ව අම්පයර් කමට දාලා" කියලා.
 බැලින්නම් කතාව ඇත්ත. මෑන්ට දැල් දැල් බැනියමක් අන්දලා ගත්තනම් නියම මාලුකාරයා.
ඒ ගමන ටිංටිං කියනවා " වැදගත් මිනිස්සුන්ට අපහාස කරන්න එපා බං හරි නෑ" කියලා.
ඒ කතාවත් ඇත්ත. මනුස්සයෙක්ගෙ හැඩරුවට එක එක නම් හදන එක හරි නෑ තමා.

8 comments:

  1. @තාරක Dilsh@n
    ටියුබ් ලයිට්ද?

    ReplyDelete
  2. therennaa bun... :-O

    ReplyDelete
  3. @Anonymous
    පෝස්ට් එකේ අන්තිම ටික එකතු වෙලා තිබුනෙ නෑ මචං. ඔන්න එකතු කලා.

    ReplyDelete
  4. මාලු කාරයො රටවල් දෙකෙන් අත් අඩංගුවට ගන්න හැටියට අම්පයර් කෙනෙක් වෙන එක හොඳයි කියල හිතනවා ඇති.

    ReplyDelete
  5. ඔන්න දැන් පත්තු වුනා. කලින් භාගයයිනෙ තිබිල තියෙන්නෙ

    ReplyDelete
  6. @පිණිබිඳු...
    ඒක ඇත්ත...........

    ReplyDelete
  7. @තාරක Dilsh@n
    සොරි මචං.........

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.