
රෑ තිස්සෙ නිදි මරාගෙන දෙදාස් පන්සීයෙ විවාදෙ බැලුවා. හප්පොච්චියේ ඒක බලල මගෙ කටට ආපු දේවල්.
ඒත් ඉතින් මේකට කට අමුනන්නයැ. ඔන්න ඔහෙ සබ්ය බාසාවෙන් ලියල දැම්මා.
හිටියා අපි සැවොම බලියාගෙන මුකය
දෙරණට යොමු වෙලා තිබුනේ ඇස් දෙකය
ඒ මදිවට දික් කර ගත් කන් දෙකය
බෝඩිමෙ සැවොම බුදියන විට රෑ එකය
එනතුරු බලා සිටියේ බන්දුල මාමා
දෙදහස් පන්සීයෙ අරුමය ගෙන ඒමා
අනිත් පසින් එයි මැදවච්චියෙ මාමා
වාද පිටිය ගැන අවදානය බෝමා
හොස්ටල් වල ලමයින් කන බොන තාලේ
කැම්පස් වගෙම එක් කරගෙන ඉස්කෝලේ
අපූරුවට උන් දිවි ගෙවනා තාලේ
බන්දුල තුමා පෙන්වයි අප හට රාලේ
ආට් එකේ කැන්ටිම ගැන පවසනවා
රුපියල් විසි පහේ බත් එක පෙන්නනවා
එහි ඇති ගුණය ගැන එතුමා පවසනවා
රහ දන්නා අපි මේ ලෙස විඳවනවා
රවී මහත්තය බයිලයි පවසන්නේ
තර්ක බිඳින්නට ඔහු නැහැ වෙහෙසෙන්නේ
ලට්ට ලොට්ට ගොඩ එහෙ මෙහෙ කරමින්නේ
කිලිනොච්චිය පෙන්වා වෙනතක යන්නේ
දෙන්නගෙ විකාරය අපහට එපා උනා
අපටත් හොරා වේගෙන් කාලය ගෙවුනා
උදෑසනින් පිබිදිය යුතු බව දැනුනා
අනේ අපොයි කියමින් නින්දට වැටුනා
හරෙකෙක් සමග වාදෙට ටී වී දෙරණේ
ReplyDeleteතවත් හරකෙකුයි ඇවිදිල්ලා තිබුනේ
උම්බෑ කියපි දෙදෙනම මගෙ මල කිපුනේ
ටී වී කෑලී උදයේ කුණු වල තිබුනේ.
මේක මරු මාතලන් අයිය :)
Deleteඅනේද කියන්නෙ. ගෙදර ටීවි එකේනං දනී කරන දේ.
Deleteමම නම් බැලුවේ නෑ. මම දැනගත්තා අන්තිමට නිදි මත විතරයි ඉතුරු වෙන්නෙ කියලා.
Deleteකොහෙද ඉතින් අපිට ඔච්චර මොලයක් නෑනෙ.
Deleteසිරාවට දෙන්නටම දෝදු
Deleteමාර විපක්ෂය අප්පා.. පට්ට චානස් තියෙනවා.. ඒත් කතා කරගන්න බැහැ
ලැබෙන චාන්ස් වලින් විපක්ශෙ ප්රයෝජන ගන්නෙ නෑ. ගොන් පාට් දානවා විතරයි.
Deleteහිකිස්.....:)
ReplyDeleteඅන්තිමේදි අපි ගොන්නු උනා......
Deleteඕක තමයි ඊයෙ විවාදෙ බලපු උදවියගෙ පොදු ප්රකාශය :)
ReplyDeleteදෙන්න නෝන්ඩි නොවී ශේප් වෙන්න කතාවෙලාද කොහෙද ඇවිත් තියෙන්නෙ.
Deleteරෙස්ලින් වගේ නේද ගේම් එක..? අම්බානක කෙළගන්නවා වගේ පෙනුනට පට්ට බොරුවක්නෙ එතනත් වෙන්නෙ, බලන උන් තමයි හරක්...
ReplyDeleteහැමදාමත් අපට වෙන්නෙ ඕක තමයි.
Deleteදෙන්න කැමරාවට එන්න කලියෙන් කතා උනාද දන්නේ නෑ.. හොද වෙලාවට අපි ඕවා බලන්නේ නැත්තේ..
ReplyDeleteසමහරවිට කතාවෙලා එන්න ඇති. අපි මෝඩකමට දේශපාලනේට ඇනකොටා ගත්තට ඒ අය හොඳ යාලුවෝ.
Deleteඑක එකාට කියවලා කෝල් එහෙම දාලා තිබුනලු නේද 2500 ඇති කියලා...අනේ මෙහෙව් රටක්.....
ReplyDeleteදෙන්නෙක් ජීවත් වෙන්න පුලුවං කීවා. තව දෙන්නෙක් බෑ කීවා.
Deleteඔව් කඩේ යන එවුන්ට පුලුවං ලු ජීවත් වෙන්න.. මරු ආතල් කිරිපුතෝ..
Deleteඋබත් වැඩේ කවියෙන්ම දීල !
2500න් ජීවත් වෙන්න පුලුවන්නම් හොඳයි ඉතින්........
Deleteමම පැය බාගයයි බැළුවෙ.නිදාගත්ත වැඩක් නැති නිසා.
ReplyDeleteඒක තමයි අපටත් කරන්න තිබ්බෙ. කොහෙද මෝඩකමට බෙහෙත් නෑනෙ.
Deleteවැඩිපුර ගොන්නුන්ගෙන්ම පිරුණු මේරටේ මේවගේ ගොන්කෙලි බල බල ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් තියෙනවද දැක්කනේ වාදේ.. 2500/=කන්න පුළුවන් කියපු එකයි බැහැයි කියන්න්න ආපු එකයි ප්රස්න අහපු උනුයි මෙහෙයපු එකයි..මුන් ඔක්කොමගේ කතාවලින් දැනුනේ 2500/=න් තවඉතුරු කරන්නත් පුළුවන් වගේ විපක්සෙන් ආපුඑකා කියපු විදියට මුළුරටෙම ඇවිදලා තමයි තොරතුරු රැස්කරන් ඇවිල්ලා තිබුනේ ඒත් මුට ගෙදරක තුන්වේලක් සදහා දවසක වියදමක් හදල පෙන්නන්න පුළුවන් වුනාද.. ඉතිංමුන් ආවත් මොකක් බලාපොරොත්තු වෙන්නද..ඒත් ඉතිං මෝඩයොන්ගෙන් පිරුන මේරටේ මේගෙන්නු ටික මාරුවෙන් මාරුවට ගොන්කෙලි පවත්වාවි........
ReplyDeleteඅනිවා අනිවා. කවුරුත් එකයි.
Deleteමුන් තාම රටට විහිළු සපයනවනෙ.
ReplyDeleteඒවා කවදාවත් නවතින දේවල් නෙවෙයි.
Deleteමෙන්න ජෝකර්ලා.. අපරදේ දැංනම් බංදුටයි ටෙනිටයිත් බඩේ පාර හම්බෙයි වගේ...
ReplyDeleteබන්දු-ටෙනී වගේද බන්දු-රවී .
Delete2500න් කන්න බෑ කියල තේරෙන්නෙත් ඒවගේ මිනිහෙකුට නිතරයි. අනේ රවියයි මායි කරන විවාද!
ReplyDeleteඑයත් කියන්නෙ රටේ නැති වැල් බයිලා
Deleteමෙහෙව් හරක් කරන විවාද බලන අපි වගේ මී හරක් ඉන්නකන් මුන්ට රජමඟුල්. අනේ අම්මපල්ල මයේ කට. මුන් මේ කියන්නේ තොපි අපිට දුන්නනම් දැන් විඳපියව් කියලනෙ. මයේ අම්මා පල්ල මේ සැරෙනම් මුන් ඡන්දෙ ඉල්ලන්න ආවාම ගන්නවා කොස්ස. ගියපාරත් දෙන්නෙක් තුන්දෙනෙක්ට කොස්ස ගත්තේ නැතත් දුන්න බීපු රංකිරි මතක් වෙන්න. මේ පාරනම් හැම පක්ෂෙම එන එන හැම එකාම මගෙන් නම් සල්ලන් වෙනවාමයි.
ReplyDeleteඅන්න වැඩේ කරනවනම්...හැබැයි ඔය මැදවච්චි ඌරටනම් කොස්සෙන් ගහලා දන්නන්න බැරිවෙයි, අඩි 6 යේ මෝල්ගහක්වත් පිළිවෙල කරගන්න වෙයි.
Deleteඒ අතින් බැලුවම අපේ ගම් පැත්තෙ මන්තිරිලා හොඳයිනෙ.
Deleteදෙන්නම හරක් නිසා මම ඕක බැලුවේ නෑ.....
ReplyDeleteඒ උනාට අපි වගේ හරක් බලනවනෙ
Deleteමේකත් බලන්න (දැන්වීමකි)-Jayasri-
ReplyDeletehttp://meeghaya.wordpress.com/2012/04/01/%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%94%E0%B6%BD-%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1-%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9C%E0%B7%9A-2500%E0%B6%BA/
හපොයි මේක ස්පෑම් ගොඩට ගිහින් නොවැ. බොහොම අමාරුවෙන් හොයාගත්තෙ.
Delete2500 හැරෙන්නත් මදිනේ :පි
ReplyDelete2500 නොමැරී ජීවත් වෙන්න ඇති. දවසකට වේලක් කෑවම නොමැරී ඉන්න පුලුවන් යසට.
Delete"හැ"යන්න අයින් කරන්නත් මදි වර්ණා
Deleteඅනිවා අනිවා, ඒකටත් පහසුකම් සපයාගන්න ඕනනෙ.
Deleteබන්දුටයි ටෙනීටයි මේ දෙන්න සෑහෙන අභියෝගයක් වුනා නේ........
ReplyDeleteඊලඟ ෆිල්ම් එකට දෙන්නව ගනීද දන්නෙ නෑ.
Deleteකොහෙද අපේ බෝඩිමේ ඕක බලන්නවත් ටැලිවිසන් කට්ටක්වත් නෑනේ. ඒ වුනාට ටිහින් මේ කයිය කියෝපුහාම බැලුව වගේ තමා.
ReplyDeleteඅපිටනං ඇල්ලුවාම කරන්ට් වදින ටීවී කබලක් තියෙනවා.
Deleteඅපේ උන් කොහොමත් ගොන්නු තමා සෝ අපිත් ගොන්නු ඔය කියපු දේ අහගෙන
ReplyDelete7500න් මාසේ ගෙවන්න හුරුවෙමු.
7500න් ජීවිතේ ගෙවන්න මට ගෑණු දරුවො ඉන්න එකක්යැ.
Deleteමගදීම තේරුනා වැඩක් නැහැ කියල.නිදා ගන්න ඒක සැපයි.
ReplyDeleteනිදාගත්තනම් ඒකවත් තියෙනවා.
Delete