Tuesday, April 10, 2012

කේ.පී.ගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය




අටු කොටු සාර වේවා
කලට වැසි වසීවා
සාක්කු පිරේවා
මෙහෙම අවුරුදු තවත් ඒවා

කිරිද ඉතිරේවා
පැණියෙන් පිරේවා
තෑගිත් ලැබේවා
කාට කාටත් ජයම වේවා

තෙල් මිල බසීවා
වාහන ලැබේවා
මුදල් ඉතිරේවා
අනේ අපටත් හොඳක් වේවා

කිරිකට් දිනේවා
තවත් මැච් ඒවා
අපටත් පෙනේවා
චැනලෙ මෙහෙටත් හදල දේවා

සිනහව පිරේවා
දුකක් නැතිවේවා
ඔබට ජයවේවා
අලුත් අවුරුදු සුබම වේවා

මීට කේ.පී. (කිරිපුතා)

අවුරුද්දෙන් පස්සෙ ආයෙ හම්බවෙමු.

35 comments:

  1. එසේම වේවා.....
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. රජතුමාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...........!

      Delete
  2. Replies
    1. පොතේ තියෙන්නෙ එහෙමයි.
      කවිකාරිටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.....!

      Delete
  3. ඔයාටත් පවුලේ සියලුම දෙනාටත් ලබන්නාවූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා.....!!!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ඔයාගෙ පවුලේ සියලු දෙනාටත් එසේම වේවා.......!!!

      Delete
  4. සුබ අලුත් අවුරුද්දක් වේවා..!!
    ජයම වේවා...!!!

    ReplyDelete
  5. තෑන්ක්ස් මචන් උබටත් එසේම වේවා.

    ReplyDelete
  6. //තෙල් මිල බසීවා
    වාහන ලැබේවා
    මුදල් ඉතිරේවා
    අනේ අපටත් හොඳක් වේවා// මේ දේ වෙනවනම් වෙන මොනවත් ඕනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. සුභ අලුත් අවුරුද්දක් වේවා කේ.පී

      Delete
    2. එසේම වේවා අසර්.................!

      Delete
  7. සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  8. සුබ අළුත් අවුරුද්දක් වෙවා!

    ReplyDelete
  9. යකො කේ.පී කිව්වම මං බැලුව..අප්පේ මේ අපේ කිරිපුතයනේ...ඔබටත් කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබ නව වසරක්..ජය

    ReplyDelete
    Replies
    1. ඒ කේ.පී. නෙවෙයි මචෝ මේ කේ.පී. එසේම වේවා.........!

      Delete
  10. මම හිතුවෙ දේශපාලන පෝස්ටුවක් කියල. කිරිපුතා- කේ.පී.
    සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. මදැයි මාත් රෙද්ද උස්සං ආව බං.. :(

      Delete
    2. යකෝ මං එහෙම දේශපාලන පෝස්ටු දානවද. එසේම වේවා....!

      Delete
  11. එසේම වේවා
    බය වේවා....!!!

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් වේවා......!

      Delete
  12. කේ. පී. කිව්වම මං බැලුවේ අර කේ.පී ද කියල. බැලින්නම් කිරි පුතානේ.

    සුබ අලුත් අවුරුද්දක් වේවා කිරි පුතාටත්.

    ReplyDelete
    Replies
    1. නම් දෙකේම ශෝට් ෆෝම් එක කේ.පී. නෙ.
      සුබ අලුත් අවුරුද්දක් වේවා......!

      Delete
  13. මම හිතුවා කේ.පී කොටියද කියල. බලද්දි කිරි පුතා.

    ReplyDelete
  14. කේ. පි . නොහොත් සුදු පුතාටද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!

    ReplyDelete
    Replies
    1. මගෙ කොහෙද බං සුදු. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!

      Delete
  15. රාජ් කිව්ව වගේ මාත් හිතුවා අර සුභම සුභ ජීවිතයක් ගත කරන දේශප්‍රේමී කේ.පී කියලා.. හිකිස්..

    රටට වින කරපු පෙරට සුභ වූවා සේම.. ජෙනරාල් තුමාටත් සුභම වේවා..

    සියල්ලන්ටම සූභ ‍වේවා.. !

    ReplyDelete
  16. ඔබටත් සුබම සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!

      Delete
  17. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.