Sunday, May 13, 2012

කාටත් හොරෙන් යන්නම ගිය සොඳුරු හිතවතා....




අපේ හිත් වලට සතුටක් ගෙනාපු ඒ සොඳුරු මනුස්සයා වෙනුවෙන් මේ විදියට කවි පන්තියක් ලියන්නවෙයි කියල මම හීනෙකින්වත් හිතුවෙ නෑ. ජීවිතය අනිත්‍යයි කියන දේ අපට ආයෙත් මතක් කරලා ආයෙ නොයෙන්නම ගියපු ඔබා මාමට මේ කවි පන්තිය උපහාරයක්ම වේවා.......!

අපගේ දෑස් කඳුලෙන් පුරවලා තියා
ඔබා මාම අද සමුගෙන යන්න ගියා
සුන්දර මිනිසෙකුව සතුටින් සිටිය එයා
වෙනුවෙන් ලියමි දුක්බර සෝ සුසුම් තියා

සැලකුවෙ අපට ඔහුගෙම දරුවන් ලෙසට
සතුටක් එක්කලා අපගේ සිත් වලට
නිතරම කමෙන්ට් දැම්මත් මගෙ බ්ලොග් එකට
යලි නොවැටේවි කවදාවත් ඒ ලෙසට

මතකයි කල කතා සයිබර් සැනකෙලියේ
පැතුවේ හමුවන්න නැවතත් අපි ජොලියේ
අද දින පටන් නෑසෙයි ඒ හඬ සරියේ
මතකය අපේ නොමැකෙයි මතු මතුද තියේ

වැඩිහිටියෙකු ලෙසින් ඔවදන් දුන් නුඹට
මිතුරෙකු ලෙසින් හිතවත්වූ ඔබෙ නමට
සදහට අපෙන් නුඹ වෙන්වී යන දුකට
රෑරා වැටෙයි දෑසින් උණු කඳුලු කැට

සමුගෙන ගියත් ඔබ අපගෙන් වෙලා දුරු
මතකය තියේ ජීවත්වී සිටින තුරු
"ඔබ්සර්වර්" නාමය මතු රැකෙනයුරු
ඔබෙ නම තියේ සිංහල බ්ලොග් තිබෙනතුරු

ජීවිතයේ අනියත බව පෙන්වාලා
සමුගෙන ගියත් බ්ලොග් ලෝකය හඬවාලා
"ඔබා මාම" මතු නිවනින් සැනසීලා
පතනෙමු ඔබට අප සැමදෙන එක්වීලා

ආයෙ කවදාවත් බ්ලොග් එක පැත්තෙ එන්නෙ නැති බව දන්නවා ඔබා මාමෙ....!


ඔබා මාමත් එක්ක ඡායාරූපයක ඉන්න ලැබීමත් මට ලොකු වාසනාවක්.

17 comments:

  1. ආදරණීය ඔබා මාමේ..නිවන් සුව ලැබේවා ඔබට..!!

    ReplyDelete
  2. ඔබා අයියාට නිවන් සුව ලැබේවා!!!විජේවර්ධන පවුල වෙත මගේ කනගාටුව.

    ReplyDelete
  3. මේ ප්‍රවෘත්තිය මුලින්ම දැනගත්තෙ අද උදේ. ඒත් මේ කමෙන්ට් එක දමන වෙලාව වෙනකොටත් පුදුම දුකක් හිතේ හිර වෙල තියෙන්නෙ. ජීවිතයෙ කිසිම දිනක හමුවෙල නැති මුණ ගැහිල නැති මනුස්සයෙක් වෙනුවෙන් මම කවදාවත් මේ තරම් දුක් වෙල නෑ. ඒත් ඔබ අපිට භෞතික ලෝකෙදි මුණ නොගැසුනත් සයිබර් අවකාශෙදි නිතර හමුවුණා. ඔබ කොතැනද එතැන හිනාව උතුරල පැතිරිල ගියා. ඔබ නැති සිංහල බ්ලොග් අවකාශය පාළුවට ගිහින්. ඒ අඩුව අපිට හැමදාම දැනේවි. ඒ අත්දැකීම් බහුල නිහතමානී සොඳුරු සිතැත්තා නැවත කිසිදාක නොඑන්නම යන්න ගිහින්. සහෘදයාණනි, ඔබට සුබ ගමන්.

    සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!

    ReplyDelete
  4. ඔබට නිවන් සුව ඔබා මාමේ :(

    ReplyDelete
  5. අපේ දෑසට කඳුළු ආවත් ඔහු ඒ ගමනත් යන්න ඇත්තෙ හිනා වෙවී.....

    සොඳුරු මිතුරාණනි, ඔබට සුබ රාත්‍රියක්.....!!!!

    ReplyDelete
  6. ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  7. ජීවත් වෙන්න අපට ලැබිලා තියෙන කාලය කෙටියි...ඒ හින්දා ජීවත්වෙන්න යුහුසුළු විය යුතුයි.
    ඔහුට ලැබිලා තිබුණ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගෙන සහැල්ලුවෙන් ඒ ගමනත් ගියා. අපට ඒක දුකක් වුනත් ඔහුට එය මහා සැනසීමක් විය හැකියි....

    සැහැල්ලු සිනහවකින් මුව සරසාගත් සොඳුරු මිතුරාණනි, ඔබට සුබ රාත්‍රියක්.......

    ReplyDelete
  8. ආදරනීය ඔබා මාමට නිවන් සුව අත්වේවා....

    ප.ලි. - ආයෙමත් කොම්පීතරේ අවුල් ගිහින්. අද මම ඩොන්ගල් එක වැඩපොලට ගෙනාවා පෝස්ට් දෙක තුනක් කියවන්ඩ කියලා.

    ReplyDelete
  9. කිසිත් කීමට හිත ඉඩ නොදෙන හැඩයි. නිවනම එකම සුවයයි එයම පතමි.

    ReplyDelete
  10. රූපය දිරයි නාමය නොදිරයි..
    "ඔබා" සදාතනිකව අප හදවත් තුල ලැගුම් ගනු ඇති...

    ReplyDelete
  11. උපදින හැම ආත්මයකම ඔබ අප අතරම යලි ඉපදේවා..ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව...!!!!

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  14. ඔබා මාමාට නිවන් සුව...

    ReplyDelete
  15. මචං උබ තමයි මට උදේම කෝල් කරලා කිව්වේ..

    **

    වෙන පෝස්ටුවක් දාන්න හිත හදාගන්න බැරි නිසාම මමත් ඔබා මාමා ගැන දැම්මා. එතුමට තිබ්බේ අමුතුවෙන් කියන්න ඕනෙ නැති මනුස්සකමක්. ඇත්තම කිව්වොත් අපිට වඩා හිත තරුණයි.

    මාත් අපේ අම්මට කිව්වා. ඔබා මාමා එක්ක ගත්ත පොටෝව පෙන්නුවා. අපෙ අම්මගෙ ඇස්වලට කදුලු ආවේ ඔබා මාමාගෙ කතාවක් වත් බලල නැතිව.

    විස්වාස කරනවද මට ඇඩුනෙ නැහැ කියලා

    ඔබා මාමාට නිවන් සුව.

    (මේ කමෙන්ටුව හැම පෝස්ට් එකකම පේස්ට් කරන්නම්...)

    ReplyDelete
  16. ආදරණීය ඔබා මාමේ ඔබට නිවන් සුව.

    ReplyDelete
  17. මම එන්න කලිනු ඔහු ගිහින්...

    ඔබා මාමාට නිවන් සුව !

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.