Tuesday, January 4, 2011

පොල්කට්ටා..... දෙවෙනි කොටස


මම කලින් පෝස්ට් එකේදි පොරොන්දු උනානෙ පොල්කට්ටගෙ ඉතුරු කොටස කියනවා කියලා. පලවෙනි කොටස බැලුවෙ නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ඒක බලන්න.
ඔන්න එක දවසක් වසන්ත අයියයි ලලිතුයි ගඟට නාන්න යනවා. එදා මට යන්න බැරිවුනා. සාමාන්‍යයෙන් අපි නාලා එන ගමන් ඒ ලඟ තියෙන බේකරියෙන් උණු උණු පාන් අරන් කකා තමයි එන්නේ. උණු පාන් වඩේ එක්ක කනකොට මරු.
එදා සිරිපාල හෙවත් පොල්කට්ටා පාර අයිනේ ඉන්නවලු. මනුස්සයා මොකක් හරි වැඩක් කර කර ඉඳල තියෙන්නෙ.

පාර අයිනෙ පොල්කට්ටකුත් තිබුනලු......
වසන්ත අය්යා ලලිත්ට රහසින් කිව්වලු අර පොල්කට්ටට පයින් පාරක් ගහන්න කියලා. ලලිතත් ආයෙ දෙපාරක් හිතන්නෙ නැතුව දුන්නලු හොඳ පයින් පාරක්.
පොල්කට්ට රෝල් වෙලා ගිහින් සිරිපාල ලඟ නැවතුනාලු. සිරිපාල ටිකක් වෙලා ලලිත් දිහා බලන් හිටියලු. ඊට පස්සෙ ලලිත්ගෙ අම්මටයි තාත්තටයි හොඳටම ඇමතුවාලු. දැන් වසන්ත අයියට හොඳටම හිනා යන්න එනවලු වෙච්ච වැඩේට. මොනව කරන්නද කියලා වසන්ත අයියා හිනාව කාගෙන හිටියලු.
සිරිපාල බැනලා ඉවර වෙලා වසන්ත අයියා ලඟට ඇවිත් කියනවලු.
"බලන්න මහත්තයා මුගෙ තියෙන නැහැදිච්චකම. මට හම්බවෙයිනෙ ඕකගෙ තාත්තා. ඒකට ඔය මහත්තයා කොච්චර හොඳද?"
වසන්ත අයියත් කට වහගෙන හිටියලු. ලලිත්ගෙ මූණ දිහාවත් ටික වෙලාවක් යනකල් බැලුවේ නැතිලු. මොකද ලලිත්ගෙ මූණ දැකපු හැටියෙ හිනායනවා කියලා තමයි වසන්ත අයියා අපිත් එක්ක කිව්වෙ.

අපි වන් බම්ප් ගහපු හැටි.... ඊලඟ පෝස්ට් එකෙන් කියන්නම්කො.

4 comments:

  1. නියමයි නේ කිරි පුතා කතාව. ඒ මනුස්සයාට යක්ශයා ආරූඩ වෙන්න ඇති නේ

    ReplyDelete
  2. අනිවා අනිවා....
    ඇති ලලිතා ගුටි නොකා බේරුණා.....

    ReplyDelete
  3. මචං උඹ හොරණ පාරෙ කෝරළ ඉමේද එහෙත් මම දන්න පොල්කට්ටෙක් හිටිය ඌ නම් ටික කාලෙකට ඉස්සර මලා ඌ ගැන මමත් දන්න මරු කතාටිකක් තියෙනව

    ReplyDelete
  4. නෑ මචං. මම ඒ පැත්තෙ නම් නෙවේ. මේ පොල්කට්ටා නම් තාම ජීවත්වෙනවා.

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.