Sunday, January 16, 2011

මදුරුවගෙ කතා -දෙවෙනි කොටස


මදුරුවා හැමෝටම විනෝදාස්වාදය සපයනවා කියලා දන්නවනෙ. ඒත් අපට තියෙන ප්‍රශ්නෙ තමයි සමහර ඒවා ඌ අපට ආතල් දෙන්න සිරාවටම කියන කතාද කියලා. ඒ තරමටම තාත්විකයි.සමහර වෙලාවට ඌ කියන කතා වලට අපි හිනා උනාම ඌත් හිනා වෙනවා. මේ පෝස්ට් එකට මදුරුවගෙ කතා - දෙවෙනි කොටස කියලා නම දැම්මෙ. උගෙ කතා මෙගා ටෙලි නාට්‍යයක් වගේ හින්දා.
වෙලාවට මදුරුවා ඉන්නෙ අල්ලපු වැටේ. අපේ බෝඩිමේ හිටියනං හෙම මටයි අවිශ්කයටයි වෙන්නෙ හැම තිස්සෙම හිනා වෙවී ඉන්න. ටිංටිං ඒ අතිං හොඳයි. ඌ කට පියාගෙන ඉන්නවා. ක්‍රියාවෙන් පප්පුට සමානයි.ඒ අතින් පප්පු තමයි ලොවෙත් ඩයල් එක. ඌ වචනයෙන් වගේම ක්‍රියාවෙනුත් විනෝදාස්වාදය සපයනවා.
ඔන්න දවසක් මදුරුවයි ටිංටිනුයි මුස්ලිම් ගෙදරක් ලඟින් තියෙන පාරක එනවලු. ඒ වෙලාවෙ ඒ ගෙදර වලියක් යනවලු. ගෑනියි මිනිහයි බැන ගන්නෙ සිංහලෙන්ලු.දැන් මදුරුවාට කට පියන් ඉන්න බැරිලු. ඌ ටිංටිංගෙන් අහනවලු "ඇයි මචං අර මිනිස්සු සිංහලෙන් බැනගන්නෙ. උන්ට මුස්ලිම් වලින් බැනගන්න තිබුනනෙ" කියලා.
ආයෙ තව දවසක ටිංටිංට බඩේ අමාරුවක් හැදිලා.උන් එදා ගෙනාපු කෑම අප්සට්ලු.ඊට පස්සෙ පබිලිස් මදුරුවගෙන් ඇහුවලු "මදුරුවා, උඹෙත් බඩ අවුල් ගියාද?"කියලා.
මදුරුවා කියනවලු "කොහෙවත් ගියෙ නෑ බං බඩ එතනමයි." කියලා.
එක දවසක් කොරියා ඇන්ටගෙන් ඇහුවලු "මචං ප්‍රස්තාව පිරුලක් කියපන්කො" කියලා.
මදුරුවා පැනපු ගමන් කිව්වලු "ගහක් උඩ ගෙඩියක්, ගෙඩියක් උඩ ගහක් " කියලා.

7 comments:

  1. බඩ ගැන කියපු කතාව නම් ඇත්තනෙ ඉතින්. බඩ කොහෙ යන්නද

    ReplyDelete
  2. ඔක්කෝම ටික කියෝපුවාමනම් චුට්ටක් විතර හිනා ගියා.

    ReplyDelete
  3. @පිණිබිඳු...
    ඒකනෙ. මදුරුවත් හෙන මොලකාරයා.

    ReplyDelete
  4. හික් හික් අන්තිම එක නම් එල

    ReplyDelete
  5. @පිස්සා පලාමල්ල & සූර සරදියල්
    මදුරුවා ඔහොම තමයි.

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.