Thursday, February 23, 2012

තවත් පූසෙක්........




මිතුරන් දෙදෙනෙකිය ගම්මානෙක සිටින
කොතැනත් එකටමය දෙදෙනා වෙන් නොවන
කෑමට බීමටද රති කෙලියට යනෙන
නිතරම විනෝදෙනි දෙදෙනා කල් ගෙවන

දැම්මත් කරේ රත්තරනින් බැඳි මාල
පෙම්වතියන්ට දුන්නලු විල්ලුද සේල
අයියා වුනත් මහ දනපති ජයපාල
මල්ලිගෙ නම උනේ ඇන්. ඒ. සිරිපාල

දනපාලගේ මිතුරා විය හඳුඅප්පූ
මිනිහට තිබෙයි අක්කර ගාණක ඔප්පූ
සිරිපාලත් සමගින් ගොස් කැරකොප්පූ
බීලා වැටුනි කේ. එල්. ඒ. මල් අප්පූ

දෙදෙනා මෙසේ ගතකරනා විට කාලේ
ඇතිවිය සුමනා අක්කා සමගින් ආලේ
මුදලට සේවාව දෙන ඇයගේ තාලේ
දන්නෝ දනිති ඒ වැඩකිඩ රෑ කාලේ

සුමනගෙ සුවාමිය හිටියේ දුර බැහැර
මාසෙට දෙසැරයයි එන්නේ ඔහු ගෙදර
වැඩපල කරන විට ඔහු වත්තේ නිතර
ගැමියන් නැවතුනේ සුමනක්කගෙ ගෙදර

රෙදි පිලි වෙලඳාම නිතරම සිදුවන්නේ
ලෙබ්බේ මුදලාලි ගමෙහිම කැරකෙන්නේ
සිරිපාලට තම අදහස පවසන්නේ
මල් අප්පුත් මේ ගමනට එක්වන්නේ

සුමනගෙ මිනිහා අද ආපහු වැඩට ගියා
සති දෙකකට මෙහෙ එන්නේ නෑනෙ එයා
බිම් කරුවලත් දැන් හොඳටම වැටිල ගියා
ලෙබ්බේ මුදලාලි සුමනගෙ ඇඳට ගියා

සාලයෙ වාඩිවී දෙදෙනෙකි සිටින්නේ
සිරිපාලයි මල් අප්පුයි බොලන්නේ
ඔරලෝසුවෙ කටු හෙමිහිට කැරකෙන්නේ
ඒ අතරේ ගෙදරට කවුරුද එන්නේ

ගම්මුන් නොයෙක් දේ තැන තැන පවසනවා
මා නැති දා ගෙට කවුදෝ රිංගනවා
බැල්මට සැක හැරල මම ආපසු එනවා
"දොර ඇරපං, මම සමරේ" පවසනවා

සුමනා නැගී සිටියා දුන්නක් ලෙසට
ඇස් ලොකු විය දාඩිය දැම්මා හොඳට
මිතුරන් දෙදෙන රිංගා ගති ඇඳ යටට
අසරණ තම්බි බැස්සා ගෝනිය තුලට

සුමනා ගිහින් ඇගෙ සැමියව පිලිගත්තා
සුපුරුදු ලෙසට නිවසේ වැඩ කරගත්තා
තව ටිකකින් සැතපෙන බව දැනගත්තා
පැනලා යන්න තිදෙනා අදහස් ගත්තා

"ඤෑව්" කියාගෙන මිතුරෙක් පිටවෙනවා
පූසෙක් කියා සුමනා යලි නිදියනවා
සුපුරුදු නාදයම තව ටිකකින් එනවා
සමරෙගෙ හිතට පොඩි සැකයක් මතුවෙනවා

මිතුරන් දෙදෙන ඇත නිවසින් පිටවීලා
ගේ ලඟ කෙහෙල් පඳුරේ උන් සැඟවීලා
"ඤෑව්" කියාගන්නට තව බැරිවීලා
අසරණ මුදලාලි නිවසේ තනිවීලා

සමරේ කලුවරේ නැගිටලා ගියා
කිතුල් පොල්ලකුත් ගෙන යලි ඇඳට ගියා
මුදලාලිත් හෙමිහිට දොර ලඟට ගියා
තවත් පූසෙකුයි කියමින් පැනල ගියා

සමරෙට තේරුණා පූසා ගිය පාර
පැන්නුවෙ පසුපසින් වෙහෙසක් වී මාර
යන්නට කලින් මුදලාලිට වැට මාර
හිස මැදටම වැදුනා හොඳ පොලු පාර

45 comments:

  1. හොඳ වැඩේ තම්බියට..වැරදිලා හරි සුමනට පිරිමි දරුවෙක් හෙම ලැබුනනම් මූ මහ පිහිය අරන් එයි ඕකත් මගේ කියල අර අංග චේදනේ කරන්න..

    ReplyDelete
    Replies
    1. "ඤෑව්" කියාගෙන මිතුරෙක් පිටවෙනවා

      Lol.....

      Delete
  2. හික් හික් හික් මම අහලා තියෙන්නේ මුදලාලි පැනලා දීලා නේ නේ මේ වී ගෝනිය තමා කියලා...

    ReplyDelete
  3. පට්ටයි ඈ..... මරු කවි සැට් එක.

    ReplyDelete
  4. ලේ පිරිසිඳු විය... පට්ට.. පට.. පට..

    ReplyDelete
  5. අහලා තිබුනත් පෙර මේ කතාව...
    කවියෙන් රස මතුවෙනවා මනාව...
    කිරිපුතාගෙ කවි පබැදුම සිරාය...
    දහයෙන් දහය දෙන්නට හිතෙනවාය...

    ReplyDelete
  6. රසවත්ව කයියෙන් පද ගලපලා තියෙනවා නියමයි

    ReplyDelete
  7. @amila chathuranga
    සුමනගෙ වෙලාව හොඳයි. ඒකනෙ බේරුනේ.

    ReplyDelete
  8. @ඔබ නොදු‍ටු ලොවක්
    ඒ කතාව මම අහල නෑ මචං.

    ReplyDelete
  9. @අලුත් කොල්ලා
    බොහොම ස්තූතියි.

    ReplyDelete
  10. @මාතලන්
    බොහොම ස්තූතියි.

    ReplyDelete
  11. @රාජ්
    කවිපද වල වැරදි ඇතොත් දහස් වරක් සමාවෙන්න
    ස්තූතියි යලිත් වරක් මේ පැත්තේ ඇවිත් යන්න

    ReplyDelete
  12. කවි පන්තිය මල් හතයි. හොඳ හැකියාවක් තියෙන බව පේනවා. :D

    ReplyDelete
  13. @Music girl
    බොහොම ස්තූතියි.

    ReplyDelete
  14. කිරි පුතාගේ කවි සෙට් එක මල් හතයි ! පංකාදු පහයි !
    තම්බියාට හොද වැඩේ !

    ReplyDelete
  15. @මධුරංග
    බොහොම ස්තූතියි.

    ReplyDelete
  16. උඹ හොඳ කවියෙක් බව පේනවා මට
    තවත් කවි කතා ලියපං ඉදිරියට
    පුතෙක් ලැබුනොතින් අර වල් සුමනාට
    මුදලාලියා ඒයි උගේ කොන කපන්නට.....

    සුපිරි කවි සැට් එක ඈ..... :)

    ReplyDelete
  17. හෙහෙ ෂෝක් කවි ටික, ඔය කතාව මම අහලා තියෙන්නේ, උත්සවෙකදී කට්ටියක්, හොරෙන් කෑම කලා, මෙසේ යටින් බඩගාගෙන, පුසෙක් වගේ 'මියාවූ' කියාගෙන එළියට යද්දී, මුස්ලිම් කෙනාට, පුසෙක් වගේ මියාවූ කියාගන්න බැරිව, එයා 'මම පුචේක්' කියලා, අහුවෙලා ගුටි කෑවා කියලයි! හෙහෙ

    ReplyDelete
  18. හරිම අගෙයි. තව ලියන්න.

    ReplyDelete
  19. නියමයි කිරි පුතා. මට පාර කිව්වෙ මාතලන්...ඔන්න අද පුලුවන් තරම් කියවන්නයි කල්පනාව

    ReplyDelete
  20. මටත් පාර කිවුවෙ මාතල.. සිරාවටම රහයිනෙ... කියල වැඩක් නෑ... දිගටම ලියපං.. අපිත් දිගටම එනවා... :D

    ReplyDelete
  21. මාතලන් අයියගේ කීමට තමා ආවෙ ඕන්... කවි ටික පට්ට පට පට :)

    ReplyDelete
  22. @බීටා
    පුතෙක් ලැබුනොතින් හෙම ඔය සුමනාට
    අසරණවෙන්න වෙනවා අර සමරේට
    ගමේ එවුන් ඔය පදිනා පැදිල්ලට
    ලැබියන් නිවුන්නුම සුමනට නලවන්ට

    ReplyDelete
  23. @Nelum
    ඔය කතාවෙ එක එක වර්ෂන් තියෙනවනෙ. මේ එකක්.

    ReplyDelete
  24. @වෙද ගෙදර මහ වෙදනා
    බොහොමත්ම ස්තූතියි.

    ReplyDelete
  25. @බුද්ධි
    මාතලන් අයියට ගොඩක් ස්තූතියි සහයෝගයක් දුන්නට. ආයෙත් මේ පැත්තෙ එන්න.

    ReplyDelete
  26. @පොඩි මෑන්
    තැන්කූ මචං......

    ReplyDelete
  27. @සාතන්
    තැන්කූ මචං......

    ReplyDelete
  28. නියමයි කිරි පුතා, පාර මතක් කොලේ මාතලන්

    ReplyDelete
  29. විරහ කවිම කියෝල තිත්තවෙලා හිටියෙ

    ReplyDelete
  30. @Observer
    බූට් කාපු වෙලාවටනං නිකම්ම කවි කියවෙනවනෙ. තැන්කූ ඔබා මාමෙ.

    ReplyDelete
  31. කොටු පැනිල්ලක් උවත් කවියෙන් මාර
    ලෙස විස්තරකර ඇත කදිමට සුර
    පතනවා කිරිපුතේ ගැනුමට වීර
    ලියපන් තව කවිත් අපහට එන පාර

    ReplyDelete
  32. @රත්නේ
    මිතුරනි ඔබේ අදහස් වී ඇත සවිය
    පන්හිඳ කරගනිමි මැරෙනා තුරු අවිය
    එලිකරගන්න කවියෙන් මාගේ දිවිය
    ඔබ සැම නමට පුදනෙමි මා මේ කවිය

    ReplyDelete
  33. මාර කවිය. දන්න කතාව උනත් මෙහෙම අහනකොටහ් පොඩ්ඩක් ආතල්. හරියට අර හැමදාම කන කෑම එක වෙනස් විදියට අනල කනව වගේ!

    ReplyDelete
  34. තම්බියාට නෙවෙයි සුමනා අක්කටයි පොලු පාර දෙන්න ඕන ආයේ අවලමේ නොයන්න

    ReplyDelete
  35. මන්නම් මාර ආසයි මේ ජාතියේ කවි වලට . සරලයි මාරම ගති හිතට ලස්සනට වදින නිසා මමත් ඉඳලා හිටලා ලියන්නේ මේ වගේ කවි තමයි

    ReplyDelete
  36. @ඉන්දික උපශාන්ත
    ඒක ඇත්ත. කවියෙන් සෑහෙන්න ආතල් දෙන්න පුලුවන්.

    @මඩිස්සලේ නිශාන්
    දෙන ඒවා මදි හින්දා නේද ඔය වගේ වැඩ කරන්නෙ.

    @හිස් අහස
    ඔව් බං. මේ විදිහට කවි ලියද්දිත් ආතල්. බලන අයගෙ ලේත් පිරිසිදු වෙනවනෙ.

    ReplyDelete
  37. හෆ්ෆේ... දැන්නෙ මේක දැක්කේ..... එළ එළ

    ReplyDelete
  38. @නරකයා....!!
    අවුලක් නෑ. දැං දැක්කනෙ.

    ReplyDelete
  39. මෙ සෙට් එකත් එළ

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.