තමන්ගෙ පෙම්වතිය තියපු හදිසි බූට් එක නිසා ශෝකයට පත් පෙම්වතෙක් සියදිවි හානිකරගන්න හිතනවා. ඊට කලින් ඒ ගැන පෙම්වතිය කියන්නෙ මොනවද කියලා දැනගන්න හිතන පෙම්වතා තමන්ගෙ විරහ වේදනාව පෙම්වතියට කවියෙන් ලියල යවනවා.
සතුටට සිනහවට නැවතුම් තිතක් තියා
හැඩරුව තියෙන ලස්සන පෙම්වතෙක් සොයා
අසරණ මෙමා මෙහි තනිකර දමල එයා
මට දුක දීල කොහෙදෝ දුර යන්න ගියා
ආදරෙ තියෙන්නේ දුක් විඳගන්න මද
කාටද කියන්නේ මගෙ දුක් ගින්න අද
සැමටම වඩා ලෝකයෙ පෙම් කරපු ලඳ
සමුගෙන ගියේ ඇයි කියලා කියනවද
සතුටින් හිටියෙ ඔබ හින්දා තමයි ප්රියා
පාලුව දැනේ නිතරම නැති හින්ද ඔයා
හිටපු එකම වස්තුව මා දාල ගියා
මේ ලිපියට උත්තර එවනවද මෙයා
පැණි රස උනත් කලකදි රස නැති වෙනවා
මල්වල රොන්ගන්න වන බඹරුන් එනවා
මල තලලා උන් රොන් අරගෙන යනවා
නාවොත් පිලිතුරක් මා නම් වහ බොනවා
ඒකි කියලා එවුවා මෙහෙම
ReplyDeleteබොනවානම් වහ හොදහැටි බොන්න ඔයා
එකසැරේන්ම නොකවුට් වෙන්න කියා
මැරැනුත් නම් මල් වඩමක් එවන නියා
ඇඩ්රස් එක එස් ඇම් එස් කරන් මෙයා
ලව් කෙරුවත් බොක්කෙන් මට අනේ ඔයා
ReplyDeleteහිතුවද සියල්ලම මට ලැබෙනවා කියා
සැප ගැන දන්න කොල්ලෙක් ළඟ ඉන්නේ ප්රියා
ඕන එකක් බීපන් මට මොකෝ මෙයා
වහ බොන්නට ගතමන්ට් එක තියෙනවනම්
ReplyDeleteනුඹව අරින්නේ නෑ මම කවදාවත්
පාන් කන්න සල්ලි නැතිව ඉන්න එවුන්
බොරු නොකියා මගෙ පාඩුවෙ ඉන්න දියන්
මම හිතන්නේ කෙල්ල මෙහෙම එවයි...:D
ReplyDeleteමුදලින් රුවින් බලයෙන් නෙත් වැසි ගියා
ඉක්මන් වී මම ඔයාව දමා ගියා
පසුවයි තේරුනේ එය මිරිගුවක් කියා
එන්න හිතයි ආයෙත් මට නුඹව සොයා..
ඩේට් එක කිව්වොත්, මරණෙට බැරිවුනත් දානෙට එන්නං
ReplyDeleteපිලිතුර එවමි සොයුරේ වහ බොන්න එපා
ReplyDeleteආයෙත් කියමි මා ගැන වද වෙන්න එපා
නව පෙම හොදය නුබ අහිතක් ගන්න එපා
වැරදුන විටදි යලි එමි පිටුපානු එපා ....
අන්න බලන්න පිංවතුනි, කොහේවත් යන අසමජ්ජාති කෙල්ලෙක් දාල ගියා කියල මේ තරුණය වහ බොන්න යනව.. එච්චර නං මදෑ.. මූ ඒ කෙල්ලට කවිත් ලියනව.. ඒ කවි දකින කෙල්ල මෙන්න මෙහෙම කියනව..
ReplyDeleteතිබ්බට පුල්ස්ටොප් මම උඹෙ හිනාවට
ඉස්සර ලව් කරේ උඹ හට සිරාවට
අහු වුණ දිනේ උඹෙ හොර මට කණාවට
ආලය පැන ගියා ගම මැද කැලෑවට
හිටියෙමි ලව් එකෙන් ඇඹරී පෙර කාලේ
සෙල්ලමකට ගත්තා උඹ මගෙ ආලේ
තිබුණත් අපේ ලව් එක සිට ඉස්කෝලේ
තේරුං ගන්න බැරි වුණි මට උඹෙ තාලේ
මේ ගැන මම කීවිට අපෙ සුදු නැන්දා
කීවා වෙන කෙනෙකු හට දෙන බව මම බන්දා
ඒ පෙම් කුමරු යන තුරු මං ගෙන කැන්දා
හිටපිය උඩ බලං තෝ බොල සිකනන්දා
පව් නේ?.......!
කිරි පුතාට එහෙම නෙවේනේ බූට් එක වැදුනේ ඈ??
ReplyDeleteබූට් වලට සියදිවි හානි කරගන්න උන් එහෙම කර ගන්න එකමයි හොඳ
ReplyDeleteයකෝ පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි ඔක්කොම එල :)
ReplyDeleteලිපියත් හොඳා... කොමෙන්ටු ටිකත් හොඳා....
ReplyDeleteටිකක් සැරට කියන්න ඕනේ...මූට අනිවා වහ කන්න වෙනවා.....
ReplyDelete@සොඳුරු මිනිසා
ReplyDeleteසුපිරියි මචං. මේක දැක්කනං පොර කීයටවත් වහ බොන්න හිතන්නෙ නෑ.
@මාතලන්
සැප නැති හින්ද වෙන්ඩ ඇතිනෙ ගිහින් තියෙන්නෙ.
@Asi4Ever
පාන් දෙනව කිව්වනං කෙල්ල ආපහු එයි.
@Kasun Dayananda
ReplyDeleteඑහෙම කියන්ඩත් බැරි නෑ. :D
@Observer
හරි හරි මැරුණොත් හෙම මං ඔබා මාමට කියල එවන්නම්කො.
@Sammani
සමහර කෙල්ලො කොල්ලව දාල යන්නෙ වැරදුනාම ආයෙ බාරගනී කියල හිතාගෙනනෙ.
@බට්ටා
ReplyDeleteසුපිරියි. ආයෙ ඒ ගැන නෝ කමෙන්ට්ස්.
@කනියා
මට බූට් වැදුනම කවි කියවෙන්නෙ නෑ බං.
@පිස්සා පලාමල්ල
ඔව් ඉතිං උං හිටියත් මැරි මැරීනෙ ඉන්නෙ.
@සාතන්
ReplyDeleteපෝස්ට් එක වගේද කොමෙන්ට්ස් ටික. පංකාදු පහයි.
@ජංජාල චාමර
ලිපියට වඩා හොඳ කොමෙන්ටු ටික. ආයෙ නෝ කතා.
@ඔබ නොදුටු ලොවක්
වහ කාල නැවතුනොත් ලොකු දෙයක්. මරාගෙන මැරෙන්න යයිද දන්නෙ නෑ.
කිරිපුතාගේ කවි සෙට් එකයි, බට්ටගේ පිළිතුරු කවි සෙට් එකයි සිරා ම සිරා..! :))
ReplyDeleteතැන්කූ තැන්කූ.........
Deleteකවි ටික නං මරු, කමෙන්ට් ටික මරේ මරු ....
ReplyDeleteකමෙන්ට් ටිකට ජයවේවා...........!
Deleteකොල්ලගේ කවිය දැකල කෙල්ල මෙහෙම කියනවා ..
ReplyDeleteපැණි රස උනත් ඕනවට වැඩියෙන් හොඳ නැති ලු
බඹරෙක් නැත්නම් මලකින් පල නැති ලු
මට විතරක් නොවෙයි තව උන් හට කෙල හල පු
කිරි පුතේ බිව්වත් වහ මට නම් කාරී නැති ලු
ඔය තියෙන්නෙ සුපිරියටම ලියලා.....
Delete