Sunday, March 25, 2012

වෙසඟනගේ පුත්‍රයා (18+)




( මෙය ඇසින් දුටු සත්‍ය සිද්ධියක් ඇසුරෙන් නිර්මාණය කලෙමි.)


කට සැරකමටයි ඕපදූපෙටයි
නම් දරලා ඇත අප පැත්තේ
කුසුමා නැන්දට මුල්තැන දී ඇත
කවුරුත් ඈගෙ සිත් ගත්තේ

දුවේ පුතේ කියමින් අප අමතයි
නරකක් නම් ගෑවිල නැත්තේ
වරදක් වූවොත් ජාතිය අමතයි
ලැජ්ජාවක් කිසිවිට නැත්තේ

කඩිසරකමටයි දඟවැඩ එමටයි
එකම පුතෙකි ඈ හට ඉන්නේ
කුනුහරුපෙන් මිතුරන් ඇමතූවට
පස්වෙනි පන්තියෙ නොවැ උන්නේ

සෝමෙ මාමගේ වත්තට පැනලා
කෙසෙල් කැනකි කපලා ඇත්තේ
ගමේ දඩබ්බර කොල්ලෝ රෑනට
පොඩි එකාව ගාවා ගත්තේ

කවුරුද එන්නේ මොනවද වෙන්නේ
හොයලා බලපන් පොඩි කොල්ලෝ
ඌව රවටලා හොරකම් කරලා
කැන අරගෙන යති ලොකු කොල්ලෝ

සෝමේ මාමා වත්තට එනවිට
කෙසෙල් කැනත් කපලා තිබුනේ
මාමා දැකලා දුවනා විටදී
පය පැකිලිලා කොල්ලා වැටුනේ

දෙකක් තුනක් කන හරහා දුන්නට
ඌ නැහැ කිසිවක් පවසන්නේ
කුසුමා එනතුරු හිටපිය ඔහොමම
මාමා ඌ අල්ලා ගන්නේ

කඳුලු හලාගෙන තරහ නගාගෙන
කුසුමා හනිකට පැමිණෙන්නේ
ඈගේ සද්දෙට ගම්මුන් ඇවිදින්
වටපිට බල බල හිනැහෙන්නේ

කවුරුද උඹ මේකට පැටලෙව්වේ
කියපන් මට පැහැදිලිව ඉතා
උඹව යවන්නේ නෑ මම කොහොමත්
නොකිව්වොතින් _ _ගේ පුතා

කොලුවා බැලුවා අසරණ විලසින්
කුසුමා ඇවිදින් බව දැක්කා
පැනයන්නට කොල්ලාට ඉඩනොදී
සෝමේ  මාමා මග රැක්කා

මාව රවටලා උන් පැනගත්තා
දුන්නේ නැහැ නොවැ මට කාසී
කොහොමත් මම නම් පුතා තමයිනේ
අන්න අතන ඉන්නේ _සී

සෝමේ මාමගෙ කල් කිරියාවත්
ගම්මු ඉදිරියේ එලි වෙන්නේ
කාටත් නොදැනෙන ලෙසිනේ හෙමිහිට
කුසුමත් ඔය ලිස්සල යන්නේ





34 comments:

  1. මේක එකපාරක් කියවලා ආයේ කියෙව්වා තාලයක් හදාගෙන මාර ගති එතකොට.... කොල්ලා සිරාවට කුසුමා පෙන්නලා එහෙම කිව්වද කිරිපුතා අයියේ

    ReplyDelete
    Replies
    1. ඒකා ඔයිට වඩා ඒව කියන්නෙ. ඌට ඒවගෙ ගාණක් නෑ.

      Delete
  2. කැලෑ පත්තරයක් වගේ. නියමයි.

    ReplyDelete
    Replies
    1. කැලෑ පත්තරයක්. හුහ්.......

      Delete
  3. අපේ ගමේ නාලනී ඇන්ටි හා එයාගේ පුතා නාලක මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. කොයි පැත්තෙත් ඔයවගේ සීන්ස් තියෙනවා.

      Delete
  4. ඔක්කොමත් හරි මොකො කුසුමා මරු වෙලා ගියේ??

    ReplyDelete
    Replies
    1. වැඩේ මාට්ටු වෙන ලයින් එකක් ගිය හින්ද වෙන්න ඇති

      Delete
  5. හික් හික් සිරා බං....ඇත්තටම උඹ කැලැපත්තර ගහන්න නං නියම දක්සයා.....

    ReplyDelete
    Replies
    1. කාටහරි විරුද්දව කැලෑ පත්තරයක් හෙම ගහන්න තියෙනවනං කියහං

      Delete
  6. මේක කැලා පත්තරයක් තමයි....හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. ඔබා අංකලුත් කින්ඩිය දානවනෙ ඉතිං...

      Delete
  7. මේකේ බීට් එක නිකම් අර දගයා කාටූන් එකේ බීට් එකට යනවා වගේ දැනෙනවා

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙනම් ඒ තාලෙට කියන්න ට්‍රයි එකක් දෙන්න ඕනෙ

      Delete
  8. ලෙසටම ලියා ඇත. කැළෑ පත්තර මතක් උනා....

    ReplyDelete
    Replies
    1. මාතලන් අයියගෙ කොමෙන්ට් එක ස්පෑං ගොඩට ගිහිං නොවැ. බොහොම අමාරුවෙං හොයාගත්තෙ.

      Delete
  9. සෝමේ මාමා ට කොල්ලා අල්ලාගත් මෝඩකම යැයි හිතෙන්ඩ ඇති..!

    ReplyDelete
    Replies
    1. අනිවා...... මෝඩකමට බෙහෙත් නෑනෙ....

      Delete
  10. කාලෙකින් කැලෑ පත්තරයක් කියෙව්වෙ.. ලෙසටම ලියලා තියනවා..

    ReplyDelete
  11. සෝමේ මාමයි කුසුම නැන්දයි පව් නැද්ද අප්පා ?

    ReplyDelete
    Replies
    1. පව් තමයි. දැන් ඉතින් වැඩේ මාට්ටුනෙ.

      Delete
  12. අප්පා අපේ ගම පැත්තෙත් උන්න හැබැයි මේ වගේ ඩයල් කීපයක්ම . සත්‍ය සිද්දියක් නිසා ඇගට දැනුනා ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ගම්වල ඔයවගේ චරිත ඉන්නවා.

      Delete
  13. ලොල් පට්ට ඈ තව පොඩ්ඩෙන් කුසුමා නැන්දගෙයි සෝමේ මාමාගෙයි බඩු මාට්ටු :)

    ReplyDelete
    Replies
    1. නූලෙන් වැඩේ ශේප් වෙලා ගියේ.

      Delete
  14. සෝමෙ මාමා සෝමෙ මාමා බීල නැන්ද රවනවා......
    මාමා බීලා මාමා බීලා මාමා බීල කුසුම එක්ක නටනවා.......

    ReplyDelete
    Replies
    1. ඔය නටපුවා තමයි එලිවෙන්නෙ.

      Delete
  15. විරිදු මාදිලියේ කවිපන්තියක්.....
    ලස්සනට කියවන්න පුළුවන් සිද්ධියත් එක්ක තාලය ගානට ගැලපෙනවා.

    ReplyDelete
    Replies
    1. රබාන ගහන්න පුලුවන් උනානම් කියන්න තිබුනා.

      Delete
  16. එළ එළ... කොල්ලගේ ලපටි මොලේ

    ReplyDelete
    Replies
    1. ඒකා තරම් අණ්ඩපාලයෙක් අහල ගං හතකින්වත් හොයාගන්න නෑ.

      Delete
  17. කුසුමා නැන්ද මේක බලන්නේ නැතුව ඇති . නියමෙටම ලියල

    ReplyDelete
    Replies
    1. උන්දැ කියවන බ්ලොග්.මේක කීයටවත් උන්දැගෙ ඇහැ ගැටෙන්නෙ නෑ.

      Delete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.