Sunday, March 4, 2012

හස්තෝපක්‍රම කාව්‍යය (පිරිමින්ට වඩාත් සුදුසුයි)




දුක සැප බෙදා ගන්නට මා ලඟ ඉන්නේ
දකුණත සේම වමතද සහයයි දෙන්නේ
පාලුව තනිය හැම දිනකම මකන්නේ
වෙහෙස ඇතත් මැසිවිලි නැත පවසන්නේ

වියහියදමක් කිසිවිටකත් වෙන්නෙ නැත
අඳුර ඇතිවිටදි වැඩි පහසුවක් ඇත
ලෙඩ දුක් වලින් බියවීමට දෙයක් නැත
නින්ද නැතිවිටදි පිහිටට එන්නෙ අත

කෙට්ටු වෙයි කියා සමහරු බිය වීලා
මොන පිස්සුද කියමින් අපි සැනසීලා
එය බොරුවකී ලොව හැමටම වැටහීලා
එහෙම වෙනවනම් මම දැන් නැතිවීලා

වෙහෙස නැතිකරන්නට හැකිවේය ගතේ
නින්දට බෙහෙත මෙය වෙනවා නේද පුතේ
තනිකඩයන්ට පිහිටට එන දකුණු අතේ
වමත වුවද නැතිවම බෑ නේද පුතේ

----------------------------------

කයියද කතාවද එක සේ ලියාලා
මට නොදැනීම පනහත් ඇත දමාලා
මෙතෙක් කලක් දුන් සහයට ඔයාලා
තුති පුදනෙමි මගේ සිරස නමාලා


23 comments:

  1. අතට සහ පනහට ජය වේවා...!!!

    ReplyDelete
  2. තනිකඩ පිහිටට ඉන්න අත හට ජය වේවා !!
    ඈ කිරිපුතාගේ අර්ධ ශතකයටත් සුභ පතනවා මේගමන්ම ඕන්...

    ReplyDelete
  3. සිහ් හරිම වනසර එකක් මේක

    ReplyDelete
  4. ගහ ගහ අතේ රසවත් පද වැල් ලියලා
    දන්නෙම නැතුව ෆිෆ්ටියකුත් ඇත ගහලා
    කවි රස විඳිනවා නිතරම ගොඩ වැදිලා
    ලියපන් තවත් යන්නෙමි මම සුභ පතලා

    ReplyDelete
  5. පනහම එතකොට අතේ නේද? හා හා හොඳයි ඈ.

    ReplyDelete
  6. පනහට සුබ පැතුම් !
    හස්ත කර්මාන්තය ද දිනෙන් දින දියුණු වේවා...!

    ReplyDelete
  7. මම ඉතින් වමත් කාරයෙක් නෙව ! ඒ නිසා මගේ වම් අත !
    පනහට සුබ පැතුම් ! කිරි පුතාගේ අල්ලේ රේඛා ටික මැකිලා වෙන්ටෑ

    ReplyDelete
  8. නොදනිමි මම තවම කිරි අයියගෙ වයස
    දොඩවයි කුණුහබ්බ වට කරගෙන පිරිස
    මොනවා උනත් ඔබෙ පද වල තියෙන රස
    කතා දෙකක් නැත පිනවයි අපෙ මනස

    කවි පද වල එක එක රස ගොඩ ගහලා
    ගැහුවා පනහ වට දෙක තුන කැරකීලා
    හයේ පාරවල් යයි උඩ හඳ හොයලා
    ගහපිය සීය ඉක්මනටම වැඩ දාලා

    ReplyDelete
  9. මම නම් ඉතින් වමත්කාරයා වෙච්චි...
    එලැ කවි ටික ඈ....
    සුභ පතනවා පනහට

    ReplyDelete
  10. සුබ පැතුම්. මුලින්ම ආවේ මාතලන් කිව්වට පස්සෙ.....! අලුත් විදිහට ලියවෙන කවි ටිකක් හංදා කියවන්න කැමතියි

    ReplyDelete
  11. දෑතම හොඳයි කවුරුත් නැති වෙලාවට
    ඒත් ඉතින් චිහ් කියලා හිතුනි මට
    පඩික්කම තනා ඇත්තෙ කෙළ ගහන්නට
    ඇයි කෙළ ගහන්නෙ ජනේලෙන් එළියට

    ReplyDelete
  12. පට්ටයි මචං
    50 ට කන්ග්ර්..ර්...රෑ....ස්....ස්....

    ReplyDelete
  13. දෙකටම සුභ පැතුම්...

    ReplyDelete
  14. @Observer
    ගොඩක් ස්තූතියි ඔබා මාමෙ

    @ChammA
    අත නැත්තං අපිත් නෑ. ගොඩක් ස්තූතියි

    @amila chathuranga
    වනසර උනත් කතාව ඇත්තනෙ

    @පැතුම් [සිතුම් පැතුම්]
    ගොඩක් ස්තූතියි......

    ReplyDelete
  15. @මාතලන්
    එන එන අදහස් වලට තව ලියන්නම්. ගොඩක් ස්තූතියි.

    @Mobileman
    අතේ පිහිටෙන් පනහක් ලීවා ඕං.

    @Sumith Niriella
    ගොඩක් ස්තූතියි. හස්ත කර්මාන්තය ප්‍රශස්ථ මට්ටමක පවතිනවා.

    @මධුරංග
    ගොඩක් ස්තූතියි. මට නම් කොයි අතත් එකයි.

    ReplyDelete
  16. @බට්ටා
    මට 23යි බං. බලමුකො සීයත් ගහන්න.

    @Beta bawa
    මටනං දෑතම හුරුයි. ගොඩක් ස්තූතියි.

    @බුද්ධි
    ගොඩක් ස්තූතියි. මාතලන් අයිය දීපු සහයෝගෙ සෑහෙන්න වටිනවා.

    @nihal gurusinghe
    අපට කොහෙන්ද පඩික්කම්. තිබ්බනං අපිත් කෙල නොගහ ඉඳී.

    ReplyDelete
  17. @සොඳුරු මිනිසා
    ගොඩක් ස්තූතියි.

    @අභීත
    දෑතෙ පිහිටෙන් වැඩ කරගෙන යනව ඉතිං. ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  18. ජයවේවා මචං!

    ReplyDelete
  19. 50 ක් ම ලියනකල් මේ බ්ලොග් එක මග ඇරිලනේ.... සුබ පැතුම්... දෙකටම

    ReplyDelete
  20. @Sabith
    තැන්කූ මචං

    @පිස්සා පලාමල්ල
    ගොඩක් ස්තූතියි මේ පැත්තෙ ආවට

    ReplyDelete
  21. කෙට්ටු වෙයි කියා සමහරු බිය වීලා
    මොන පිස්සුද කියමින් අපි සැනසීලා
    එය බොරුවකී ලොව හැමටම වැටහීලා
    එහෙම වෙනවනම් මම දැන් නැතිවීලා

    මේක තමයි හොදම එක..අතට ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. එහෙම කෙට්ටු වෙනව නං මෙලහකට බහුතරයක් කොල්ලො ඇට සැකිලි වාගෙ වෙලා.
      ජයවේවා.......

      Delete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.