Wednesday, January 19, 2011

මදුරුවාගෙ කතා -3 (අසරණ මදුරුවා)


මේ අර ඊයෙ කියනවා කියපු කතාව.
ඔන්න මදුරුවා දවසක් උගෙ කෙල්ල හම්බවෙන්න ගිහින්. සාමාන්‍යයෙන් ඌ යන්නෙ උදේටලු.
උන්ගෙ බෝඩිමේ වෙනදා උදේ පාන්දර උයන එක සාමාන්‍ය සිරිතක්.ඒ උනාට එදා උයන්න පටන් ගන්නකොට 8ත් පහුවෙලාලු.කොහොමහරි කනකොට 9 විතර උනා කියමුකෝ. මදුරුවාගෙ කෙල්ල වෙනදා මුනගැහෙන තැනට ඇවිත් ඌට කෝල් කරනවලු.මූට කන්න තියෙනවනම් අනිත් ඔක්කොම අමතක හින්දා මූ ෆෝන් එක සයිලන්ට් කරගෙන කාලා තියෙන්නෙ.
කාලා ඉවර වෙලා කෝල් එකක් ගන්නම් කියලා තමයි හිතන් ඉඳලා තියෙන්නෙ. බලද්දි මිස් කෝල් විසි ගානක් තිබිලා. මදුරුවා ආයෙ ගන්නකොට ෆෝන් එක වැඩ නැතිලු. ඊට පස්සෙ තමයි පොර ඉක්මනට කෙල්ල මුණගැහෙන්න ගිහින් තියෙන්නෙ.
ඒත් අසරණ මදුරුවා ප්‍රමාද වැඩියිලු.
කෙල්ල ආපහු ගෙදර ගිහින්. පැය ගානකට පස්සෙලු ෆෝන් එක ඔන් කරලා තියෙන්නෙ.
ඊට පස්සෙ කෙල්ල කෝල් එකක් අරන් මදුරුවාට බනිනවාලු. මදුරුවත් සෑහෙන්න ට්‍රයි එකක් දීලා ශේප් කරගන්න.
කෙල්ල කියලා හැමදාම මම තමයි ඔයාට කෝල් කරන්නෙ. ඔයා මට කවදාවත් කෝල් කරන්නෙ නෑ.මීට පස්සෙ ඔයා කෝල් කලාට මම ආන්සර් කරන්නෙ නෑ කියලා කෝල් එක කට් කලාලු.
ඉතින් මදුරුවත් ආයෙ කෝල් ගන්නෙ නැතුව පාඩුවේ හිටියලු. ඇයි කෝල් ගත්තොත් ආන්සර් කරන්නෙ නැතිලුනෙ.
දවස් කීපයක් යනකොට ආයෙ කෙල්ලම ඌට කතා කරලා සමාව ඉල්ලගෙන.
මදුරුවත් ගොනා වගේ ඔය කතාව ටිංටිංට කියලා. ඒ කතාව බෝඩිමේ අනිත් උන්ට කිව්වා කියලා තමයි ඌ ටිංටිං එක්ක තරහ වෙලා තියෙන්නෙ.
අද උදෙත් දෙන්නා පොඩි වලියක් ගිහින්.
ටිංටිං කියනවලු මදුරුවට "උඹේ ලමයිනුත් උඹ වගේ උදේ පාන්දර ඉඳන් ඇහැරගෙන ෆේස්බුක් යයි" කියලා.
එතකොට මදුරුවා කියනවලු "උඹේ ලමයි උඹ වගේ ගොන්පාට් දායි. වටාපිටාවෙ එවුන්ට විනෝදාස්වාදය සපයන්න උඹලා ඉන්නවනෙ" කියලා

2 comments:

  1. ***********කෙල්ල කියලා හැමදාම මම තමයි ඔයාට කෝල් කරන්නෙ. ඔයා මට කවදාවත් කෝල් කරන්නෙ නෑ.මීට පස්සෙ ඔයා කෝල් කලාට මම ආන්සර් කරන්නෙ නෑ කියලා කෝල් එක කට් කලාලු.
    ඉතින් මදුරුවත් ආයෙ කෝල් ගන්නෙ නැතුව පාඩුවේ හිටියලු. ඇයි කෝල් ගත්තොත් ආන්සර් කරන්නෙ නැතිලුනෙ.
    දවස් කීපයක් යනකොට ආයෙ කෙල්ලම ඌට කතා කරලා සමාව ඉල්ලගෙන.*************

    ඒ ටික මරු

    ReplyDelete
  2. දැන් ඒ ලව් එක නැගලා යනවා. ඒ උනාට අපිට පේන්න දෙන්නා ඉන්නෙ නෑ. මදුරුවා ලැජ්ජයි. සිං ගාලා මාරුවෙනවා.

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.