Saturday, January 1, 2011

ඇරඹුම........

මටත් කියන්න කතා ගොඩාරියක් තියෙනවා. ඒ ඔක්කොම අනිවා ඔයාලට කියන්නම්. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ. තාම පටාං ගත්තා විතරනේ.
මට ඉස්කොලෙ පොඩි පන්ති වල ඉද්දි වෙච්චි දෙයක් මතක් වුනා.ඒ කාලෙදි මම තුනේ නැත්නම් හතරේ ඉන්න ඇති.
අපේ පන්තියේ හිටියා ජානක කියලා කොල්ලෙක්. කොල්ලෙක් කියලා කිව්වට ඌ කොලු තාත්තෙක්. ඉගෙන ගන්න නම් එච්චර උනන්දුවක් මිනිහට තිබුනෙ නෑ.ඒ උනාට කුඹුරු වැඩට ඒවගේම තවත් තවත් වැඩ වලටත් කොල්ලා දස්සයා. ඔන්න ඉතින් දවසක් මිනිහා ගෙදරින් සල්ලි වගයක් හොරකම් කරගෙන ඇවිත්. මට මතක හැටියට රුපියල් 375ක්. ඒකාලෙ හැටියට ඒ ගාන ටිකක් ලොකු ගාණක්. ඒ කියන්නෙ මීට අවුරුදු 15කට විතර ඉස්සර. ඔන්න ඉතින් පොර කැන්ටිමෙන් කන්න එහෙම යද්දි වැඩේ මාට්ටු. ඒ කාලෙ අපට දවසටම ගෙදරින් දෙන්නෙ රුපියල් පහක් විතර.
ඉතින් පහල පන්ති වල ඉන්න ළමයෙක් රුපියල් සීයක් කැන්ටිමේ ඇන්ටිට දුන්නම ඔය ගෑනි ඕක කැන්ටිමට එන ගුරුවරු හැමෝටම කියනවා. කොහොම හරි ඕක අපේ පන්ති භාර ටීචටත් ආරංචි වෙලා. ඊට පස්සෙ ටීච ජානකයගෙ ගෙදරට පනිවිඩයක් යවලා අම්මට හරි තාත්තට හරි එන්න කියලා. ඔහොම ටික වෙලාවක් යද්දී ජානක පේන්න නෑ. ටිකකින් පන්තියට ලොකු සර් ආවා ජානකව හොයාගෙන. ඒ උනාට ජානක පන්තියෙ නෑ.ටික වෙලාවකට පස්සෙ උඩ පන්තියක හිටපු අජිත් අඬාගෙන ලොකු සර් ඉන්න තැනට ආවා..........

අපි ඌට කිව්වෙ ආඳා කියලා, ජානකට කිව්ව නම නම් මට මතක නෑ. මතක් උනොත් කියන්නම්කො.
මෙන්න බොලේ ආඳාගෙ ඔලුවෙන් ලේ ගලනවා.ඌ අඬන හින්ද කියන ඒවා කාටවත් තේරෙන්නෙ නෑ.
බැලින්නම් ජානකයා මුගෙ ඔලුවට ගලකින් ගහලා. ආඳාගෙ ඔලුව පැලිලා. ඊට පස්සෙ ලොකු සර් ආඳව බෙහෙත් දාන්න යවලා අපට කිව්වා ජානකව හොයන්න කියලා.
අපටත් මරු පල්ලම. ඇයි දැන් උගන්නන්නෙත් නෑනෙ. දැන් හැමෝම ජානකව හොයනවා. මෙන්න ටික වෙලාවකින් ජානක කොහෙද හැංගිලා ඉඳලා එලියට ආවා.ඇවිත් "මං ගෙදර යනෝ" කියලා වැඩට උඩින් පැනලා දිව්වා. අපිත් ඇරියෙ නෑ. ජානකයා පාරෙ පැන්නුවා. මායි, අසංක විමලුයි, රුවනුයි අපි තුන්දෙනාම උගෙ පස්සෙන් පන්නනවා. ඌත් පණ එපා කියලා දුවනවා. දැන් ඉස්කොලෙ පහුකරලා හුගක් දුර ඇවිත්. ජානකයා නවතින්නෙත් නෑ. අපි ආපහු හැරෙන්නෙත් නෑ.

ටිකක් වෙලා යද්දි ජානක වැටක් අස්සෙන් රිංගුවා. අපිත් ඒ වැට අස්සෙන් රිංගලා එනකොට ජානකයා හැංගිලා. අපි ටිකක් වට පිට බල බල හිටියා.මෙන්න ටිකකින් ජානකයා ආයෙ දුවනවා. අපි ආයෙ ඌ පාරෙ පැන්නුවා.ටික වෙලාවකින් ජානකගෙ ලොකු අම්මව අපට මුණගැහුනා.
ඒ ගෑණි අපිව දැකපු හැටියෙම අපට බනින්න පටන් ගත්තා. ජානකයා වැටෙන් රිංගද්දි තුවාල කරගෙන.ඒකයි ලොකු අම්මා අපට බනින්න පටන් ගත්තෙ.
මොනවා කරන්නද? අපි ආපහු හැරුණා. ඉස්කෝලෙට එනකොට ලොකු සර් ඔරවගෙන ඉන්නවා. "බූරුවනේ මම උඹලට කිව්වෙ ඉස්කෝලෙ ඇතුලෙ හොයන්න කියලා විතරයි. උඹලා උගෙ පස්සෙන් ගෙදරටම ගියාද?" ලොකු සර් එහෙම කිව්ව. ඊට පස්සෙ වෙච්ච දේ ඔයාලට හිතා ගන්න පුලුවන් ඇතිනේ.....


එහෙනම්, ඔබ සැමටත් මේ කිරිපුතාටත්
                      සුබම සුබ නව වසරක් වෙවා.........!

8 comments:

  1. ඇරඹුම හොඳයි, ඉස්සරහට කරගෙන යමු!
    කකා

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියි මේ පැත්තේ ආවට. මටත් බ්ලොග් ලියන්න ආසාව ඇතිවුනේ ඔබතුමා ලියන කතන්දර කියවලා.

    ReplyDelete
  3. බ්ලොග් කලාවේ නොනවතින ගමනකට මගේ සුභ පැතුම්.

    ReplyDelete
  4. ඔබතුමාටත් ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  5. ඉදිරි ගමනට අපෙනුත් සුභ පැතුම්!

    ReplyDelete
  6. ඔබටත් ගොඩක් ස්තූතියි

    ReplyDelete
  7. එල එල අද තමා මේ පැත්තට ආවේ. නියමයි මචෝ.කොරගෙන යන්න

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මචෝ....

      Delete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.