මේ කතාව අපේ පුංචිගෙ පොඩි පුතා ගැන. එයාගෙ නම ශෂිත. දැන් ඉන්නෙ අට වසරෙ.මිනිහා ගේම් පිස්සා. මම නිවාඩුවට ගෙදර ආවොත් එහෙ එන්න කියලා වදේ. මීට මාස කීපෙකට කලින් එයාගෙ අයියා පොරට කොම්පියුටර් එකක් ගෙනල්ලා දීලා.
ඒකට අලුත් ගේම් ටිකක් දාගන්න මනුස්සයා පුදුම ආසාවෙන් හිටියෙ. මම එක දවසක් එහෙ ගිහින් රොබින් හුඩ් ද ලෙජන්ඩ් ඔෆ් ශර්වුඩ් ගේම් එක ඉන්ස්ටෝල් කරලා දුන්නා.
මට මතක හැටියට ඒකෙ තුන්වෙනි ලෙවල් එකේ මැරියන් කුමාරිව බේරගන්න තියෙනවා.
මම ඒ ගේම් එක දීලා දැන් මාස ගානක්. පොර ගේම් එක ගහලා ගහලා තුන්වෙනි ලෙවල් එකෙන් උඩට යන්න බැරිවෙලා.
ඒත් උත්සාහෙ අත ඇරලා නෑ. අද මට කෝල් කරලා. ආයෙ මැරියන් කුමාරිව බේරගන්න හැටි අහගත්තා.
මම මේ පෝස්ට් එක ලියන අතරෙ මෑන් මැරියන් කුමාරිව බේරගෙන, දැන් ලිට්ල් ජෝන්ව බේරාගන්නලු හදන්නෙ.
දැන් නම් පොර ගේම් එක ගහන හැටි අල්ලගෙන වගේ.
තව ටිකකින් ආයෙ කෝල් එකක් දෙයිද කියන්නත් බෑ.
අද පුංචිලටත් මැරියන් කුමාරිව බේරගත්ත හැටි කියලාදෙයි.
සමහර විට හෙට පන්තියෙ යාලුවන්ටත් මැරියන් කුමාරිව බේරගත්ත හැටි කියලා දෙයි.
මැරියන් කුමාරිව බේරගන්නෙ මෙන්න මෙහෙමයි.
ටක්ව ගැට ගහලා පල්ලියෙ කාමරයක් ඇතුලෙ හංගන්න ඕනෙ. ඊට පස්සෙ එතන තියෙන කුටියට රොබින්ව යැව්වනම් මැරියන් කුමාරි එතෙන්ට එනවා.
හැබැයි ඊට කලින් නගරෙ ඉන්න සෙබලු ඔක්කොම මරලා ඉන්න ඕනෙ.
ඊට පස්සෙ මැරියන් කුමාරිව ශර්වුඩ් වලට එක්කරගෙන යන්න පුලුවන්.
කාටහරි මැරියන් කුමාරිව බේරගන්න ඕනෙනම් මෙතනින් ගේම් එක බාගන්න.
machan takwa hoya ganne kohomada.ape laga inna 5dena athara tak nane.
ReplyDeletetawa ekawa gata gahanne kohomada.matath othanin eha yanna baruwai inne.
හිහ්. එල එල.
ReplyDeleteඕක 1st person shooter game එකක්ද?
මට නම් ඔය 1st person shooter games හරියන්නෙම නෑ නෙ. :(
IGI තමා හරියකට ගහල තියෙන එකම එක 1st person shooter game එක. මම ආසම strategy games වලට.
@ Anonymous
ReplyDeleteමචං අර පල්ලියක් තියෙන්නෙ ඒකෙ දුඹුරු පාට ඇඳුමක් ඇඳගෙන ටක් ඉන්නෙ. රොබින් හුඩ් පිටිපස්සෙන් ඇවිත් ටක්ට ගැහුවනං ඌ වැටෙනවා. ඊට පස්සෙ ගැට ගහන්න ඕනැ.
ඔය ඉන්න පස් දෙනාගෙන් එක්කෙනෙක්ට ගැට ගහන්න පුලුවන්.
@madhawaweblog
ReplyDeleteමචං මේකත් stratergy game එකක්.
uta gahanna ba ban.robinta nemei wena ekektawath uta gahanna bane.mara sine eka.
ReplyDeleteඌ පල්ලිය ඇතුලෙ හිටගෙන ඉන්නවා. එතකොට හෙමිහිට පිටිපස්සෙන් ඇවිත් ගහපන්.
ReplyDeleteගහන්න බෑ බන්.ඌට ගහන්න ක්රමයක් නෑ.ඌව ක්ලික් කරාට ගහන්නේ නෑ.හැකිනම් කියපන්.මටත් මේ ගේම් එක ගහන්න ආසයි.ඒත් මෙතනින් එහාට යන්න විදියක් නෑ.මම ඔක්කොම සෙබලු මරල තියෙන්නේ.ඒත් මේකට රොබින්වත් වෙන එකෙක්වත් ගහන්නේ නෑනේ.ක්ලික් කරාට ගහන්නේ නෑ.
ReplyDeleteමචං රොබින්ව සිලෙක්ට් කරලා, ඔය දකුණු පැත්තෙ යට මිට මොලවාගත්ත අතක් ඇති ඒක සිලෙක්ට් කරපං. ඊට පස්සෙ අරූට ගහන්න පුලුවන්.
ReplyDeleteඑහෙම තමා බැලුවේ ඒත් බෑ.ගහන්න පුලුවන් නම් අත කොල පාට වෙනවා.ඒත් මේක ලගට ගියාම රතු පාටට පෙන්නන්නේ.
ReplyDeleteඒකත් එහෙමද? අනේ මන්දා මචං මට නම් හේතුවක් තේරෙන්නෙ නෑ.
ReplyDelete