Saturday, January 15, 2011
ත්රස්තවාදියෙක් සොයා ගියෙමි
ඇබැද්දි වෙනකොට එකපිට එක වෙන්නෙ. මේ සතියම මට අපලයිද කොහෙද.
ඔන්න අද අපේ නවාතැන්පොලට යාලුවො වගයක් එනවා කියලා කිව්වා. මායි අවිශ්කයයි රෑට කන්න පාන් ගේන්න කියලා කඩේට ගියා. පාන් බාගයක් එකෙකුට මදි හින්දා බාග පාන් ගේන්න කියලා තමයි ගියෙ.
කඩේට ගිහින් බලද්දි බාග පාන් හතරයි තියෙන්නෙ. තුන්දෙනෙක් එනවා කිව්වා. ඒක හින්දා තව බාග පාන් එකක් ඕනැනෙ.අපි දෙන්න ගන්දෝ නොගන්දෝ කියලා කල්පනා කර කර ඉඳලා කොහොමහරි තිබ්බ බාග පාන් හතර ගත්තා.
ඉතුරු බාග පාන් ගෙඩිය ගන්න අපි දෙන්නා ටවුම පුරා ඇවිදිනවා.පාරෙ ඉන්න මිනිස්සුත් අපි දිහා බලාගෙන ඉන්නවා. මං බයේ හිටියෙ පොලිසියෙන්වත් ඇවිත් ත්රස්තවාදියො ප්රවාහනය කරනවා කියලා අපිව අල්ලාගෙනයයි කියලා.
අන්තිමේදි ටවුම පුරා ඇවිද්දත් බාග පාන් ගෙඩියක් හොයාගන්න බැරිවුනා.
ඊට පස්සෙ ඉස්සරලා පාන් ගත්ත කඩේටම ගිහින් ලොකු පාන් ගෙඩියක් ගත්තා. මුදලාලිත් කින්ඩි හිනාවක් දාලා පාන් ගෙඩිය දුන්නා.
පානුත් අරන් එනකොට වයසක සීයා කෙනෙක් හම්බවුනා. ඒ සීයට යන්න බැරුව උදව් කරන්න කියලා කිව්වා.
ඊට පස්සෙ මම ඒ සීයගෙ අතින් අල්ලාගෙන ටික දුරක් එක්කර ගෙන ගියා. අවිශ්කයත් මගෙ පස්සෙන් ආවා. සීයට බස් හෝල්ට් එකට යන්න ඕනෙලු. ඊට පස්සෙ සීයව පාරත් පන්නවලා ටික දුරක් එක්කරගෙන ආවා.
පස්සෙ තමයි වැඩේ තේරුණේ. සීයා කර්පට් වෙන්න බීලා.හොඳටම වෙරි හින්දා පාර හොයාගන්න බැරුව තමයි මේ අපෙන් උදව් ඉල්ලන්නෙ. සීයා බීලා හින්දා තිබ්බ අනුකම්පාවත් අඩුවුනා. අපිටත් පරක්කු වෙන හින්දා සීයට යන පාර කියලා අපි ආවා. අපි හැරිලා එනකොට සීයා අපිට සැලියුට් එකකුත් ගැහුවා.
එන ගමන් අවිශ්කයා කියනවා "ඔය සීයා එක දවසකත් මට හම්බුනා. එදත් මම හෝල්ට් එකට ගිහින් ඇරලුවා. එදත් සීයට හොඳටම වැඩිවෙලා හිටියෙ." කියලා.
Subscribe to:
Post Comments (Atom)
ඔය ත්රස්තවාදීන් ප්රවාහනය දඬුවම් ලැබිය හැකි වරදකි.
ReplyDeleteත්රස්තවාදීන් පෙති ගසා අහාරයට ගැනීම නිසා මානව හිමිකම් සංවිධානද සද්දයක් දැමීමට ඉඩ ඇත.
ReplyDelete@nawammawatha
ReplyDeleteඒක තමයි මං බයේ හිටියෙ. පොලිසියෙන්වත් දැක්කානම් මම තාම කූඩුවේ.
@raala
ReplyDeleteඒක තමයි.ආයෙ කනවනං සද්ද නැතුව කන්න ඕනෙ.
ඔබ හරි බිව්වහම තියෙන කරුනාව අඩු වෙන්න ඕනි...
ReplyDelete@indi
ReplyDeleteඒ සීයා නම් වාතයක්. බීලා හිටියෙ නැත්නම් හෝල්ට් එකටම ගිහින් දාලා තමයි අපි එන්නෙ.