Monday, May 7, 2012

ගමේ මන්ත්‍රීගෙන් ගේම ඉල්ලන විජේ මාමා....






වෙසක් දවසෙ පන්සල් යන ගමන් හඳුන්කූරු පෙට්ටියක් ගන්න විජේ මාමගෙ කඩේට ගොඩ වැදුනා. දැන්නම් උන්නැහේ අලුත් ඇන්ටනාවක් ගෙනල්ලද කොහෙද අයි.ටී.එන්. එක ගැන කිසි කතාවක් නෑ. ඒත් අලුත් කතාවක් ඇදිල ආවෙ නොහිතූ විදිහට. මේක අපේ ගමේ සාමාන්‍යයෙන් කතා කරන්න බය මාතෘකාවක්. මේකට විරුද්ධව කතා කරන්න ඉන්නෙ විජේ මාමා ඇතුලු කීප දෙනෙක් විතරයි. මම කිසි බයක් නැතුව මේක බ්ලොග් එකේ දාන්නෙ අදාල පුද්ගලයො මේක කියවන්න තියෙන හැකියාව බොහොම අල්ප හින්දා.
විජේ මාමා කියපු කතාව මම කවියෙන් කියන්නම්.



එක ගමකට එක වැඩක්
තව ගමකට තව වැඩක්
මේක හරිම හොඳ වැඩක්
මෙහෙත් වෙනව හරි වැඩක්

උදෑසනින් පිබිදුනා
ගම්මුන් එක් රැස් උනා
පාර පුරා හැඩවුනා
විසල් තොරන් ඉදිවුනා

මිලියනයක් දෙනවලූ
ලොකු ලොක්කන් එනවලූ
ගම කල එලි වෙනවලූ
පාරක් ඉදි වෙනවලූ

ලොකු ලොක්කන් පැමිණියා
ඇම් පී ලත් පැමිණියා
ඒ දෙසටම කට අයා
අපි සේරම එහෙ ගියා

ලොකු මුල්ගලකුත් තියා
කතාවකුත් කල නියා
අප සැම ඉපිලී ගියා
ඇම් පී යන්නට ගියා

මිලියනයක් දුන්නට
දුක සැප අපෙ බැලුවට
අපෙ ඇම් පී මහතට
පුදනව අපි මල් මිට

අපි දන්නව ඉතිරිය
හැමදාමත් වෙන දෙය
පගා බලෙන් ගොඩ ගිය
පවුලකි එය නමගිය

ඇම් පී හට දරදිය
ඇදලම වැහැරී ගිය
සිරි අයියගෙ නම ගිය
කිසිවෙකුටත් නැහැ බිය

පාරවලුත් හදනවා
වමට පාර ගහනවා
ගමට සල්ලි ලැබෙනවා
ඔහුගෙ ගෙදර හැදෙනවා

ලොකු මල්ලිට කුට්ටියයි
පොඩි මල්ලිට කුට්ටියයි
වටේ පිටේ කට්ටියයි
ගමට දෙන්නෙ හට්ටියයි

ගමට ලැබෙන සොච්චමෙන්
පාරක් අටවයි සෙමෙන්
ගම්මුන් වෙත බැඳි පෙමෙන්
ඔහු වැජඹෙයි රජෙකු මෙන්

මේ පාරත් එච්චරයි
හැමදාමත් ඔච්චරයි
කීමට දේ මෙච්චරයි
ගමට එන්නෙ අච්චරයි

( පින්තූරය ගත්තෙ මෙතනින්    ; http://farm1.static.flickr.com/127/350974927_57fcf53ce2.jpg)

32 comments:

  1. බොරුවට තැන වැඩිවෙලා
    හොරගෙඩියන් රජ වෙලා

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ගොඩක් තැන්වල තියෙන ප්‍රශ්නෙ....

      Delete
  2. //ලොකු මල්ලිට කුට්ටියයි
    පොඩි මල්ලිට කුට්ටියයි
    වටේ පිටේ කට්ටියයි
    ගමට දෙන්නෙ හට්ටියයි//

    මහා පොදු සාධකය ඕක තමයි...කොයි ගමෙත්...

    තව T.O. කියලා කොටසකුත් ඉන්නවා කුට්ටියකින් පිදිය යුතු. හොඳ වැටුපක් ගන්න ගමන් කොන්ත්‍රාත් කාරයාගෙනුත් කුට්ටියක් ගන්නවා...කොන්ත්‍රාත් කාරයා ඒක පියවන්නෙ වැඩේට යොදන අමුද්‍රව්‍ය වලින්... පළවෙනි වැස්සෙන්ම පාර හෝ පාළම ඉවරයි.

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ කොන්ත්‍රාත් ඔක්කොම ගන්නෙ මන්ත්‍රීගෙ මල්ලි...

      Delete
  3. ගමට හොද කලක් ලබන්න
    මුංව එලවල දාන්න...

    ReplyDelete
    Replies
    1. ඊලඟ චන්දෙ එනකල් ගමේ මිනිස්සු බලාගෙන ඉන්නෙ....

      Delete
    2. ලබන පාරත් ලැජ්ජ නැතිව උන්ටම කතිරෙ ගහයි බං..

      Delete
    3. @sAm (සෑම්)
      ඒකනම් ශුවර් එකටම වෙයි

      Delete
  4. ඇයි මන්ත්‍රීගෙන් ගේම ඉල්ලන්නේ? ගෙයක් නැත්නම් පොඩි ඉඩම් කෑල්ලක් ඉල්ලන්න පුළුවන්නේ ගෙයක් හදාගන්න. මේ පාරවල් හැදිල්ලෙයි මන්ත්‍රී තුමාගේ ගේ ඉල්ලිල්ලෙයි අතර සම්බන්ධය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. පොඩි ඉඩම් කෑල්ලක්වත් දෙයි මේං කියලා...
      ගම්මු දන්නවා මන්තිරියගෙ හැටි...

      Delete
  5. කොයි කවුරුත් එක්වෙලා
    චන්දෙට කල් යල් බලා
    සීනි බෝල පෙන්නලා
    යනවාලු පු* පෙන්නලා

    අපේ ගමෙත් බය්යලා
    මෙයා එහෙම නෑ කියා
    කතිරෙ ගැහුවා උඩ තියා
    එයත් ගියේ පු* පෙන්නලා

    අප්සට් වගේනම් අයින් කරපන් මචං අවුලක්ම නෑ

    ReplyDelete
    Replies
    1. මරු..

      අපේ පැත්තේ එන්න..

      Delete
    2. @mee godaya
      කිසිම අප්සට් එකක් නෑ මචං....
      ඕක තමයි ඇත්ත.....

      Delete
    3. @රැඩියා
      ඒපැත්තෙ ගියා.
      මරු..........

      Delete
  6. මිනිස්සුන්ට සෙතක් නැතුව මෙහෙම දේවල් වෙද්දි ඉතින් විජේ මාමා විතරක් නෙමෙයි ගමම මංත්‍රීගෙන් ගේම ඉල්ලන්න තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මට තවමත් පැහැදිලි නෑ ඇයි මන්ත්‍රී තුමාගේ ගේම ඉල්ලන්නේ කියලා. ගෙයක් ඉල්ලනවා මිසක් මන්ත්රියාගේ ගේ ඉල්ලුවාට ලැබෙන්නේ නැහැනේ.

      Delete
    2. @Dinesh
      ගොටු අල්ලන මිනිස්සුත් ඉන්නවනෙ. ඒක තමයි ප්‍රශ්නෙ.

      Delete
    3. @Anonymous
      අනේ මන්දා. මම විජේ මාමගෙන් අහල කියන්නම්.

      Delete
  7. අම්මපා මුන් අල්ලලා
    කඩේ කොක්කේ එල්ලලා
    තැබුවොතින් කුදලලා........
    වැන් එකක් ඇවිදිලා
    දාගෙන යයි මල්ලිලා.....

    ReplyDelete
    Replies
    1. @Raj
      වෑන් එකක් ඇවිදින් අපිව දාගෙන යයි.

      Delete
    2. @මඩිස්සලේ නිශාන්
      :)

      Delete
  8. ගමේ ගිය සතියට ඕප දූප එකතු කොරන් ඇවිත්ද කොහෙද :පි

    ReplyDelete
    Replies
    1. අඩෝ....... එන්න එපා ඕවට විතරක්....

      Delete
    2. බොට කරන්ට හොදයි - අපි කිව්වම වැරදි !

      Delete
    3. වැරදියි නේන්නං.....
      මම මේ කරන්නෙ ජාතික වගකීමක්.

      Delete
  9. ලංකාවේ හිටිය මාසෙට මාත් දැක්ක දේශපාලලගේ වැඩකිඩ ටිකක් විතර

    ReplyDelete
    Replies
    1. ඕවා බලන්න නම් ඉතිං ලංකාවටම එන්න වෙනවා....

      Delete
  10. මේ දේශපාලුවන්ගේ වැඩ නම් මහ අප්පිරියයි

    ReplyDelete
  11. සිරා විජේ මාමා !

    ReplyDelete
    Replies
    1. මෑන් තමයි දවසටවත් ඩයල් එක.......

      Delete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.