Wednesday, May 9, 2012

පුක කියන්නෙ ඇත්තටම කුණුහරුපයක්ද?




මේක අපි ඉස්කෝලෙ යනකාලෙ කතාවෙච්ච වැදගත් කරුණක්. අපේ කතන්දර ශූරීන් පුක කියන්නෙ කුනුහරුපයක් නෙවෙයි කියල පෙන්නලා දුන්නනෙ.
ඒත් මීට අවුරුදු කීපෙකට කලින් අපි ඒ වගක් දැනගෙන හිටියත් ප්‍රසිද්ධ ස්ථාන වල පුක කියන වචනෙ නොකියන්න අපි පරිස්සම් වුනා. විශේෂයෙන්ම ගෑණු දැරිවියො ඉන්න තැන්වල. ඒ අයට නම් මේක මහා ලොකු කුණුහරුපයක් උනා.
හැබැයි ඉතිං ගමේදි නම් ගොඩක් මිනිස්සු පුක කියන වචනෙ කටේ දිවේ ගෑවෙන්නෙ නැතුව කියනවා.ඒක හින්දම ගමේදි කිසිම ගාණක් නැතුව පුක කියන වචනය ප්‍රකාශ කිරීමේ පූර්ණ නිදහස අපට තිබ්බා. නමුත් උසස් පෙල කරන්න පන්ති යන කාලෙ පුක කියන වචනය ඉස්කෝලෙට හා සීමිත ස්ථාන කීපයකට විතරක් සීමා කරන්න අපට සිද්ධ උනා.
නමුත් අපේ නිදහස අපට පාවිච්චි කරන්න දවසක් උදා වුනා.
එදා තවත් එක ඉරිදා දවසක්. අපි වෙනදා වගේම රසායන විද්‍යාව පන්තියේ වාඩිවෙලා හිටියා. පුරුදු විදියටම උගන්වන ගමන් සර් උදාහරන පැහැදිලි කරල දෙන ගමන් කතාවක් පටන්ගත්තා.
"මේ පන්තියෙ ඉන්නෙ කුනුහරුපයක්වත් දන්නෙ නැති කොල්ලොනෙ......" සර් එහෙම කියද්දි අපිත් කටවල් ඇරගෙන සර් දිහා බලාගෙන හිටියෙ තීරණාත්මක ක්‍රිකට් මැච් එකක අන්තිම ඕවරේ යන වෙලාවට ටීවි එක දිහා බලාගෙන ඉන්නවා වගේ.
"ගිය සතියෙ මේ පන්තියෙ පිරිමි ලමයෙක්ගෙ තාත්තෙක් මට කෝල් කලා. කෝල් කරල කියනවා, මම පන්තියෙ කුණුහරුප කියනවලු" සර් එහෙම කියද්දි මමයි මට එහා පැත්තෙන් හිටපු උදානයයි මූණෙන් මූණ බලා ගත්තා.
"යකෝ මෙච්චර කාලෙකට සර් පන්තියෙ කුණුහරුපයක් කියනවා අපට ඇහිල නෑනෙ." මම හෙමිහිට උදානයට කීවා.
"අඩේ අපි නොදන්න කුණුහරුපත් තියෙනවද දන්නෙ නෑ. " මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු සවුදා එහෙම කීවා.
උදානයා මුකුත් නොකියා උගෙ කින්ඩි හිනාව දැම්මා.
"මම ඇහුවා මොනවද මම කියපු කුණුහරුප කියලා" සර් එහෙම කියනකොට සවුදා තවත් අවධානයෙන් සර් ඉන්න පැත්ත බලන්න පටන් ගත්තා.
"මම පන්තියෙදි පුක කියලා කියනවලු, තව පඩේ කියලත් කියනවලු" ඒ වචන ටික ඇහෙනකොට අපේ මූණුත් මැලවුනා.
"නොදකින් යකෝ මේවද මේ කුණුහරුප.... මේවට කුණුහරුප කිව්වොත් අර එකම අකුරකින් පටන් ගන්න වචන සෙට් එකට කියන්න වචනයක් නැතිවෙයි" උදානයා කෙඳිරුවා.
"ඇයි එච්චරද තියෙන්නෙ....... " කියපු සවුදා කුණුහරුප වැලක් කියාගෙන ගියා.
අපි තුන්දෙනා අතර සිද්දවෙන මේ සයකන්මන්ත්‍රණය  ඉස්සරහ පේලියට නෑහෙන ගානට ගෙනියන්න අපි සමත් වුනා. මොකද ඒ වෙනකොට අපි හිටියෙ පන්තියේ අන්තිම පේලිවල.
ලමයි දෙතුන් දාහක් ඉන්න පන්තියක අන්තිම පේලියක ඉන්න එවුන් ටිකක් යන්තමට කෙඳිරුවාට සර්ට නෑහෙන විත්තිය අපි හොඳින්ම දැනං හිටියා.
"පුක කියන වචනෙ හරිම අසභ්‍යයි. ඒක හින්දා ඒවගේ වචන පන්තියෙ පාවිච්චි කරන්න එපා. එහෙම කියලා ඒ මහත්තයා කිව්වා" සර් එහෙම කියනකොට සවුදා කිව්වෙ වෙන කතාවක්.
"එහෙම නෙවේ බං, ඒ මනුස්සයා කියන්න ඇත්තෙ පාපිල්ල අයින් කරලා පන්තියෙ පාවිච්චි කරන්න එපා කියලා" සවුදා කියද්දි අපි නෑහුණ ගානට හිටියා.
එතකොටම සර් ආයෙම කතාව පටන් ගත්තා.
" මම ඇහුවා ඉතිං, ඇයි මහත්තයට එහෙම එකක් නැද්ද කියලා. එතකොටම උන්නැහෙ ෆෝන් එක තිබ්බා" එහෙම කියපු සර් ආයෙම පාඩම පටන් ගත්තා.
අවසානයේ අපේ  නිගමනය උනේ පුක කියන්නෙ හොඳ සිංහල වචනයක් හා ස්ථානෝචිතව පාවිච්චි කලයුතු වචනයක්. කොයිකටත් කට පරිස්සම් කරගන්න එක හොඳයි.

අවසාන උපදෙස : කිනම් භාෂාවක වුවද තැනට සුදුසු වචන භාවිතයෙන් අයහපතක් වීම වලකා ගත හැකිය.

55 comments:

  1. හරිනේ කොච්චර හොඳ වචනයක් වුනාත් වැරදි වෙලාවේදී පාවිච්චිකලොත් ප්‍රශ්න.උලමා කියන වචනේ එහෙම ප්‍රසිද්ද ස්ථානවලදී පාවිච්චිකරන්න එපා. කන්න වෙනවා ..........

    ReplyDelete
    Replies
    1. අනිවා. ප්‍රදේශය අනුවත් සමහර වචනවල අර්ථය වෙනස් වෙනවා.

      Delete
  2. සර් ලස්සනට රිටන් එක දීලා..

    ReplyDelete
  3. මොන පුකක්ද බං මේ....?

    ඕන පුකක්..

    ReplyDelete
    Replies
    1. ඕවා ගනන් ගන්න එපා සුමිත් අයියෙ......

      Delete
  4. ඕන පුකක් වෙන්න කියලා මේ ලියනේ....
    මගේ ශබ්ධකෝෂයේ ඒකාලේ ඉදලම පුක තිබ්බා....

    ReplyDelete
    Replies
    1. පුක කියන එක අපේ ගම්වල නම් ප්‍රසිද්ධියේ පාවිච්චිවෙන වචනයක්.

      Delete
  5. ඕක තැනේ හැටියට පාවිච්චි කරන්න ඕන වචනයක්..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. තැන නොතැන නොබලා පාවිච්චි කලොත් චාටර් වෙන්න වෙයි.

      Delete
  6. අනිවා..කපු...පුක..හිකිස්...

    ReplyDelete
    Replies
    1. පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනෙ.

      Delete
  7. ඔන දෙයක් තැනෙ හැටියට කරානම් හරි...

    ReplyDelete
    Replies
    1. තැනේ හැටියට ඇනේ ගහන්න කියලා කියමනක් තියෙනවනෙ.

      Delete
  8. උඹලට ඕක සර්ට කිව්වේ කව්ද කියල හොයාගන්න බැරිඋනාද බන්???

    ReplyDelete
    Replies
    1. ලමයි දෙතුන් දාහක් ඉන්න පන්තියක කිව්ව එකා කවුද කියලා හොයාගන්න එක ලේසි නෑ.

      Delete
  9. ඇත්තටම පුක යනු කුණුහරුපයක් නොවේ. පුක, පඩ, කක්ක, චූ වැනි වචන සාමාන්‍යයෙන් මවුපියන්-දරුවන් ඉදිරියේදී වුව භාවිතා වන වදන්ය.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්. ඕවා සාමාන්‍යයෙන් පාවිච්චිවෙන වචන.

      Delete
  10. කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. කේක් ගෙඩි අප්පු
      කේක් ගෙඩි අප්පු
      කේක් ගෙඩි අප්පු
      කේක් ගෙඩි අප්පු
      කේක් ගෙඩි අප්පු
      කේක් ගෙඩි අප්පු
      කේක් ගෙඩි අප්පු
      කේක් ගෙඩි අප්පු

      Delete
    2. @Dude
      කපු කපු ..........
      එක දිගට කියාගෙන යනකොට අකුරු දෙක මාරුවෙනවා වගේ.

      Delete
    3. @Observer
      කෝකටත් දොස්තර කෙනෙක්ට පෙන්නන්න වෙයි.

      Delete
    4. ඔබා මාමාගේ පුකේ ගෙඩියක් කියන්නේ

      Delete
    5. පව් අසරණ ඔබා මාමා.........

      Delete
  11. ඒක හරි ..කක්නේ ....... හි හි ඕවා නම් මොනවද...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මචං. ඕවා ඔහොම්මමයි.

      Delete
  12. මට නම් ඕන පුකක්‌ ප්‍රීති වෙසක්.ඒත් දැන්නම් ඕන පුකක්‌ සත දහයයි. :D
    ආහ් රෙන පුකට මොන කැටයම්ද බන්? :P
    (මේවා කොපි කිරීම තහනම් ඈ :) )

    ReplyDelete
    Replies
    1. අපේ වර්ෂන් එක "රෙන පුකට මොන විච්චූරනද" කියන එකයි.
      ඔන්නං කොපිකරපල්ල බං මොන පුකක්ද?

      Delete
    2. @මඩිස්සලේ නිශාන්
      හම්බෙයි උඹට සත දහයට..........

      Delete
    3. @Dude
      ඒකෙ එක එක වර්ශන් තියෙනවා නේද?

      Delete
  13. කේක් ගෙඩි අප්පු
    කේක් ගෙඩි අප්පු
    කේක් ගෙඩි අප්පු
    කේක් ගෙඩි අප්පු
    කේක් ගෙඩි අප්පු
    කේක් ගෙඩි අප්පු
    කේක් ගෙඩි අප්පු
    කේක් ගෙඩි අප්පු

    ReplyDelete
  14. Replies
    1. ලබ්බට තියපු අත පුහුලටත් තියන්න එපාද කොහෙද කියල කතාවකුත් තියෙනවනෙ.

      Delete
  15. ඔයා කියන කතාව සම්පූර්ණ ඇත්ත යාලු. උක්ත මාතෘකාව වැරදි විදිහට භාවිතා කරපු රෙඩ්කැප් කාරයෙක් මේ ලගදි හිරේ ගියා මෙහෙ.ඒ ස්ථානේ රෙන්ට් අවුට් කො‍රැව්ව එකාව පොරොතිකාර කොරලා ටරමිනේෂොන් කො‍රැව්ව ඕං. ජය..!

    ReplyDelete
    Replies
    1. ඌ නිකන් තියෙන එක ආදායම් මාර්ගයක් කරගන්න ඇති.

      Delete
  16. ඕනෙ පුකක් ප්‍රීති වෙසක් කියලා මේ ටික කියන්නම්..

    අපේ එකෙක් හිටියා පොරට 'ත' සහ 'ක' ලියන්න බැහැ හරියට. දෙකම එක වගේ.

    පොර ලිව්ව දවසක් 'කිරි පුතා' කියලා

    මම කියෙව්වා මෙහෙම 'කිරි පුකා'

    ඇතිද ඒ ටික?


    ජය !

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙ පාපිල්ලත් නැතුව කියවයි කියලා.

      Delete
    2. නොකිව්වට උබ එහෙම තමා..

      හූ..හූ.. ඉල්ලන් කෑවේ..

      Delete
    3. ඔව් මම එහෙම තමයි. ඇයි ගේමද........?

      Delete
  17. හැබෑටම ඕක කුණුහරුපයක් නෙමේ කියලා ඔප්පු කරලද !!!

    හැම වචනයක්ම කුණුහරුපයක් වෙනවා වැරදියට පාවිච්චි කරාම..

    ReplyDelete
    Replies
    1. තැනට සුදුසු විදියට වචන පාවිච්චි කරන්න ඕනෙ.

      Delete
  18. වේසි කියන එකත් කූනුහරපයක් නෙමෙයි.ඉතින් පුක ගැන කවර කතාද.ඔව්වා එක්තරා සමාජ පන්තියක් විසින් තමන්ගේ නැති ලොකූකම මවා පාන්න‍ට හදාගත්ත දේවල්.සාමන්‍ය මිනිස්සු සහ උන් අතරේ පරතරයක් තියා ගන්න අටවපු උගූලක්.එ වචන වලින් අදහස නියමෙට ඉස්මතූ වෙනවා.
    අපේ මෙයා,අපේ එක්කෙනා .පවුල.වයිප්, කියනවට වඩා *අපේගෑණි* කියපුවහම ඇගට හොදට දැනෙනවා.එතකොට තමයි එ බර දැනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ වචන පාවිච්චි කරන උන් පහත් කරලා වගේනෙ ඒ ඇත්තො සලකන්නෙ. ඒ උනාට ඕව ගම්වල සාමාන්‍යයෙන් පාවිච්චි වෙන වචන.

      Delete
  19. අසභ්‍ය කියන්නෙ ‘අවස්ථාවට නොගැලපෙන‘ වගේ කතාවක් මම කොහේදි හරි කියවල තියනව. ඒ කියන්නෙ කෙනෙක් ගෙදර සාලේ (විසිත්ත කාමරය) මළපහ කළොත් ඒක අසභ්‍යයි. ස්විමිං පූල් එකක දිග කලිසම්, ෂර්ට් ඇඳගෙන නෑමත් අසභ්‍යයි. සාමාන්‍යයෙන් මිනිස්සු හිතන්නෙ අසභ්‍ය කියන්නෙ ලිංගික ක්‍රියා විතරයි කියල. ඒක නොගැලපෙන තැනක කරන කොට අසභ්‍ය වුනාට නිසි තැනක කළාම ඒක සභ්‍යයි. වචන වුනත්, සාමාන්‍ය ව්‍යවහාරෙදි නිතර භාවිත කරන වචනයක් වුනත් අනවශ්‍ය තැනක භාවිත කළාම ඒක අසභ්‍ය වෙනව. සාමාන්‍යයෙන් සිංහල භාෂාවෙ අසභ්‍ය කියල පොදුවෙ පිළිගන්න වචන වලින් වැඩි හරියක් නිකම්ම අපහාසාත්මක වචන විතරයි. සමහර ජන කොට්ඨාශවල ඒ වචන නිතරම භාවිත කරනව.
    වයසක මනුස්සයෙක් මේ ළඟකදි එයාගෙ අත්දැකීමක් ගැන කියපු වෙලාවක ‘බයියො‘ කියල මිනිස්සු කොට්ඨාශයක් ගැන කතාවක් කිව්ව, ඒ මිනිස්සු නිතර වහරපු භාෂාවෙන් දෙබසුත් එක්ක. දෙයියනේ දැන් කාලෙ නම් ඒ බයියො කතාකරපු භාෂාව අමුකුණුහරුප. මේක මම කාටවත් අපහාස කරන්න කියපු දෙයක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. කතාවට එකඟයි. ජනවර්ගය අනුවත් සභ්‍යත්වය තීරණය වෙනවා නේද?

      Delete
  20. උඹ දන්න පුකකුත් නෑ... පුකේ දතකුත් නෑ...

    ReplyDelete
    Replies
    1. ඇයි උඹේ පුකේ දතුත් තියෙනවද?

      Delete
    2. මුඛෙයි අධෝ මුඛෙයි වෙනස නම් ඒක. මුඛේට දත් තියෙනවා අධෝ මුඛේට දත් නැහැ

      Delete
    3. මුඛයට දිවකුත් තියෙනවා...

      Delete
  21. කුණුහරප කියන්නෙ එකක්. අසභ්‍ය වචන කියන්නෙ තවත් එකක්. කුනුහරපයක් නොවුන පළියට සමහර වචන සභාවකදි කියන්න හොඳ නැහැ. පුක සහ පඩ කියන්නෙත් අසභ්‍ය වචන. ඒත් කුනුහරපයක් නෙවෙයි. ඒ වගේ තවත් වචන තියනවා. තට්ටම, බුරිය, කක්කුස්සිය වගෙ වචන වුනත් සභාවකදි කියන්නෙ පස්සාපැත්ත, පෙකණිය, වැසිකිළිය වගේ සභ්‍ය වචන වලින්. ඒ වුනාට බ්ලොග් එකකදි, සාමාන්‍ය තැනක කතා කරද්දි, ඒව පාවිච්චි කරනව. කවියකට වුනත් දැම්මට කමක් නැහැ. දැන් අපි ගත්තොත් ජෝඩුව කියන වචනෙ වුනත් යුවල කියලනේ ලියන්නෙ.

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඒ වචන අදාල තැනට අනුව කතාකරන්න ඕනෙ. ප්‍රසිද්ධ සභාවක ඒවගේ වචන කිව්වොත් අපෙ ලකුණු කැපෙනවා.

      Delete
  22. මගේ කතා කියව​න්න http://unmanthaka.wordpress.com පිවිසෙන්න​

    ReplyDelete
  23. https://www.facebook.com/%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%A9%E0%B7%92-%E0%B6%B6%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F-1993063350776594/

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.