Friday, May 11, 2012

වැඩිම වියදමක් දරා ගල් පෙන්නන සුපර් සික්ස්.....




මේව කියවලා කවුරුවත් මගෙත් එක්ක අමනාපවෙනවා හෙම නෙවෙයි ඕං. උඹලට පෙන්නන්න හොඳයිනං අපි ඒක වර්ණනා කොරපුවාම මක් වෙනවද. මං මේ කීවෙ කාන්තා පාර්ශවේට.

කලු ගල් සුදු ගල්ද එක එක ගල් පෙන්නා
සිනමා රසවතුන්හට උපරිම ෆන් දෙන්නා
බොලිවුඩ් සිහිනයෙන් මුසපත්වී ඉන්නා
අපේ අයට බොලිවුඩ් දැන් පෙන්වන්නා

සිංදු වලට විෂුවල් නියමෙට ඇතිය
බොලිවුඩ් තරමටම තියෙනව එහි ගතිය
අන්දල ගත්තොතින් සිටිනා රූමතිය
පෙන්විය හැකිය අපහට හොලිවුඩ් ගතිය

වියතක් දිගට ඇති සායක් ඉනෙහි සිට
ඇඳගෙන සිටියි බොලිවුඩ් නිලියක ලෙසට
රෑබර ගතිය තරමක් වැඩිකර ගන්ට
ගවුමක් ඇන්දුවා ඒකත් තව කොටට

කොටට ඇඳන් ඔය විදිහට සිටින විට
වාඩිවෙන්න නොහැකිය සිතු සිතු ලෙසට
අඩ නිරුවත නුඹෙ ලොවටම පෙනෙන කොට
මොකටද ඇඹරෙන්නෙ නංගියෙ ඔය ලෙසට

ඇඳගෙන මෙලෙස වයිවාරණ ඇඳුම් කැඩුම්
පානව ලොවට මේ විදියට අනග රැඟුම්
ආවත් මෙලෙස නුඹලාහට රැවුම් ගෙරුම්
පෙන්නාපන් අක්කෙ තව කැවුම් කැවුම්

රාගය කාම තණ්හා ඉස්මතු වේය
මිනිසුන් කෙරෙන් ලැජ්ජා බය දුරු වේය
දූෂණ රටේ තවදුරටත් වැඩි වේය
කොසොල් රජුගෙ සිහිනය ඇත්තක් වේය

46 comments:

  1. කාලෙකින් හොඳ විශුවල් ටිකක් දැක්කෙ නෑ.. යන්ඩෝනෙ මේක බලන්න.. :D :D

    ReplyDelete
    Replies
    1. මේකෙ විෂුවල් නම් ගොඩක් හොඳයි වගේ...

      Delete
  2. රහත් වෙලා වගෙ ඉඳපං
    කාමිනීට ඉඩක් නොදෙං
    කැතක් නැතුව පෙන්නයි නං
    අඩ නිරුවත බලපන් බං

    බාගෙට ඇඳ ඇවිදින්නේ
    බලන උන්ට බනිමින්නේ
    වාඩි වෙන්න ඇය යන්නේ
    බොරුවට හංගා ගන්නේ

    මැජික් කියල උන් හිතුවට
    එහෙම හිතල පෙන්නුවාට
    මොන මැජික්ද ඕව අපට
    කියලා උඹ ඉඳින් යසට

    ReplyDelete
    Replies
    1. සාතන් උඹේ පද පෙල නම් එලම කිරී
      අදහස ගැබ්වෙලා ඇති එය බොහොම හරී
      පෙන්නුවොතින් ලොවටම එහෙ මෙහෙට හැරී
      හොරැහින් බලමි, නොබලානම් සිටිනු බැරී

      Delete
  3. මම නම් අනිව යනව මේක බලන්න....මේ වගේ චාන්ස් මිස් වුනොත් හරි අපරාදෙ නොවැ කිරි පුතේ.....මරුවට පද ගලපල තියෙනව......

    ReplyDelete
    Replies
    1. එල එල.......
      පරිස්සමෙන් බලලා වරෙන්....

      Delete
    2. අර ගෑල්ලමයත් එක්කද යන්නේ ?

      අමතක වුනා බං.. දැන් කට්ටිය දැන ගනී. මම ඇහුවෙ එදා සිහින උලෙල ඉවර වෙලා උබ එක්ක ගිය කෙනා..

      Delete
    3. @හිතහොඳ පිස්සා
      දැන් හරිනෙ. ඔය සෑමා ඒක පත්තරේ දාල තියෙන්නෙ.

      Delete
  4. කවද්ද දන්නේ නැහැ මේක පෙන්නන්න පටන් ගන්නේ..

    ReplyDelete
    Replies
    1. මැයි 17 පෙන්නන්න පටන් ගන්නවලු.......

      Delete
  5. Replies
    1. ගොඩක් ස්තූතියි ඔබතුමාට.........

      Delete
  6. ලැජ්ජාව නැතිකරන එකම මදෑ...

    ReplyDelete
    Replies
    1. ලැජ්ජාවක් කියල එකක් ගෑවිලාවත් නෑ.....

      Delete
  7. අපූරු කවි පෙලක්.

    ReplyDelete
  8. සුපිරි කවි 6ක්

    ReplyDelete
  9. සිය රට දේ සිරි සැප දේ :D

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව...... අපි මේවා අගේ කරන්න ඕනෙ.

      Delete
  10. Eyes punchi karala baluwoth kohoma penawada danne naha.Kavi tika SuPiRi !

    ReplyDelete
    Replies
    1. එතකොට හොඳට පෙනෙයි.
      ගොඩක් ස්තූතියි.

      Delete
  11. සෑහෙන වියදම් කරලා හදලා තියෙනවා කියලා කිව්වට මේකත් අර "හිරිපොද වැස්ස " වගේ හින්දි කොපියක් වේවිද දන්නේ නැහැ ? අපේ සිනමාව තාක්ෂනය අතින් ඉදිරියට ගියාට මහන්සියේ තරමට ප්‍රතිපල නැහැ අනේ මන්ද මොකද කියලා ?
    "සිය රට දේ සිරි සැප දේ :D" හසිතගේ කතාව නම් සහතික ඇත්ත ....

    ReplyDelete
    Replies
    1. සික්ස් අ සයිඩ් ක්‍රිකට් කණ්ඩායමක් ගැන කතාවක්ලු. වැඩි විස්තර නම් දන්නෙ නැ.

      Delete
  12. අහෝ කිරි පුත
    නොදිටි මොක්පුර

    ReplyDelete
    Replies
    1. @Observer
      මොක්පුර කෙසේ වෙතත් අපාය නම් පේනවා ඔබා මාමෙ......

      Delete
    2. මූ නම් ඔබාම තමා.. පොඩි මෑන්ගේ පෝස්ටුව සම්බන්ධ වෙනව ලෙසටම..

      Delete
    3. @sAm (සෑම්)

      ඔබා මාමලාට මේවා සුලු දේවල්....

      Delete
  13. මුන් පෙන්නද්දී අපි කොහොමද නොබලා ඉන්නේ

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් හරි ඇස් වහගෙන ඉමු........

      Delete
  14. නිකං හම්බෙන අස්පයොන්ගේ මොකටද බං දත් ගනින්නේ? :D

    ReplyDelete
    Replies
    1. උන්ගෙ පිටේ යන එකනෙ තියෙන්නෙ..... :D

      Delete
    2. උන්ගෙ දත් කොහෙද තියෙන්නේ ?

      Delete
  15. http://www.supersix.lk/blog.php

    ගල් විතරක් නෙවේ ගෙඩිත් පෙන්නනවා බං මේ ලින්ක් එකේ තියෙන ෆොටෝ එක බලපන් දකුනු පැත්තේ ඒකේ පබෝදා හැට්ටයක් ඇදලත් නෑ..

    ReplyDelete
    Replies
    1. හැට්ටේ අදින්න අමතක වෙලා බන් ගණන් ගන්න එපා...:D

      Delete
    2. චී..... මේව බලල අපි නරක් වෙනවා.....

      Delete
  16. ඔය පශ්චාත් ස්ත්‍රී ශරීරවල ගන්නයි කියලා තියෙන්නෙ ඔච්චරමයි...

    ReplyDelete
  17. යකෝ ෆිල්ම් එක තිරගත කලා විතරයි මූ විනාස කොරලා..

    හැබැයි මේකත් ‍ප්‍රමෝෂන්.. උබට ගෙව්වද බං.

    ජය !

    ReplyDelete
  18. කලින් ලියපුවවත් බලන්න ඕනේ

    ReplyDelete
  19. හපෝ අපිනම් බලන්නේ නැහැ නරල චිත්‍ර පටි.. හදියල්ලකෝ මං වගේ.

    ReplyDelete
  20. උන් පෙන්නනවනම් අපි බැලුවම මොකද
    ලොකු තිරේ නිරුවත හැඩ ඇති නේද
    විෂුවල් වලට වියදම් සැර නිසාවද
    ඇන්දුවේ වියතක් ඇදුම් ඕනෑ නිසාමද.

    බලාගෙන කිරි පුතේ සිනමා හෝල් අස්සේ
    නැග එයි විශිල් ගවුම් ඉස්සෙන අස්සේ
    කෑ ගැහිලු හූ හඩ එක් වෙන අස්සේ
    තව මොනවා විසිවේවිද දන්නෑ රිසිසේ..

    ReplyDelete
  21. කවි සෙට් එක හොදායි..

    ReplyDelete
  22. කලාව රසවිඳින්න ඉගන ගනින් ,ලෝක ඉතිහාසේ පුරාම ශෘංගාරය විවිධ කලා මාධ්‍යන් වලින් රසමැව්වා . උඹට බලන්න ඕනි සාරි ඇඳගත්ත ඇන්ටිලාගේ නැටුම් ද ?

    ReplyDelete
  23. Replies
    1. සිංහල සිනමාවට ආදරේ කරන මම ගොඩාක්‌ ආසාවෙන් ගියා

      කාලෙකට පස්‌සේ හොද නිර්මානයක්‌ රසවිදින්න කියලා හිතාගෙන.ෆිල්ම් එක

      බලන්නත් සැලකිය යුතු සෙනගක්‌ ඇවිත් හිටියා.ෆිල්ම් එකේ මුලින් ම ගීතයක්‌

      තිබුනා.ඒක දකිද්දී මතක්‌ වෙන්නේ Kabhi Alvida Naa Kehna ෆිල්ම් එකේ Where's

      The Party Tonight යන ගීතයේ රූප රචනයයි.මේ කියන්න හදන්නේ චිත්‍රපටියේ

      වැරදිම නොවේ.කෝටි ගානක්‌ වියදම් කරලා මේ චිත්‍ර පටියට වියදම් කරපු මිනිහව

      අමාරුවෙ දාලා මොකක්‌ද මේ චිත්‍රපටියෙන් ගන්න තියෙන්නේ කියා මගේ සිතට

      දැනුන කුතුහලයට සහා සිංහල සිනාමාවට අත්වෙලා තියන ඉරනම ගැන ඇති

      කලකිරීමටයි මම මෙසේ කියන්නේ.ආරම්භයේ ක්‍රිකට්‌ තරගයකින් නිල් පාට ස්‌කර්ට්‌

      ඇදගත් රොකර්ස්‌ කෙල්ලනේ රොකර්ස්‌ පෙන්වමින් වානිජ චිත්‍රපටියේ වානිජත්වය

      චිත්‍රපටිය පුරාවටම මනාව ඔප්පු කර තිබුනා.මේ චිත්‍රපටියේ

      ආදරය,කරුනව,ජවය,එකමුතුකම,ක්‍රීඩාව,සුහදත්වය යන කිසි දෙයක්‌ හරි හැටි

      ප්‍රේක්‍ෂකයා හට දී තුබුනේ නෑ.කුනුහරප කිහිපයක්‌ මගින් හාස්‍ය රසය යම්තාක්‌දුරට

      විදීමට පුලුවන් උනත් සිංහල සිනමා නලු නිලියෝ රගපාන ආකාරය දැක සිනමා

      ශාලාවම සිනා සාගරයක්‌ උනා.නර්තනය අතින් නම් නලුවෝ උපරිම සාධාරනයක්‌ කර

      තිබුනා,එහෙත් නිලියන් ගේ නර්තනය නම් මෙලෝ රහක්‌ නෑ.මහා සිනමා කතව

      ඇත්තෙන් ම මේ ආකාරයේ එකක්‌,මොරටුවේ කොල්ලෝ ටිකක්‌ ශාර්ක්‌ නම් ක්‍රිකට්‌

      සමාජයක්‌ දාගෙන ක්‍රිකට්‌ ගහනවා.රොක්‍ර්ස්‌ නම් පිල සමග තරගයක්‌ තියන්වා,ඒකෙන්

      ශාර්ක්‌ ලා පරදිනවා.රොකර්ස්‌ පිලේ නායකයා සාරංග.සාරංග ගේ පවුල අලුත් කුලී

      නිවසක්‌ සදහා මොරටුවට එනවා.ඒට පස්‌සේ ශාර්ක්‌ ලා එක්‌ක සෙල්ලම් කරලා

      රොකර්ස්‌ පිල පරද්දනවා.මේ ෆිල්ම් එකේ සින්දු ටිකේ පිටරට ස්‌තාන කිහිපෛයක

      රූගත කිරීම් කරලා තියනවා.සින්දු වලින් සුරේන්ද්‍ර සහා රූකන්ත ගායනා කරන ගීත 2

      ඇරුනු කොට අනික්‌ ගීත නම් මෙලෝ රහක්‌ නෑ.ගීත් වල රූප ලස්‌සනට තිබුනට

      සමස්‌ත චිත්‍රපටිය දෙස බලුවොත් උදයකාත ගේ චිත්‍රපටි මීට වඩා ගොඩාක්‌

      සාර්තකයි.සියලු දෙනාම හොල්මන් කරමිනෙක පාරටම චිතරපටිය ඉවර කරන්නේ

      බදාගෙන ඉන්න කපල්ස්‌ අන්දුන් කුන්දුන් කරමින් ය..

      Delete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.