Monday, January 24, 2011

ඇල්බට් සිංඤොගෙ මංගල මල් කැඩිල්ල




ඇල්බට් සිංඤො කියන්නෙ මගෙ හොඳ හිත මිත්‍රයෙක්.පොර මගෙ ආස්සරේට වැටුනෙ දැනට අවුරුදු කීපෙකට කලිං.
ඒ මගෙ හොඳ යාලුවෙක් වෙච්ච ප්‍රියන්තගෙ නෑකමක් හින්දා. ප්‍රියන්තගෙ මස්සිනා තමයි ඇල්බට් සිංඤො හෙවත් ඇල්බා.
ඇල්බට අප්‍රමාණ නම් ප්‍රමාණයක් තියෙනවා.එක එකා දන්නෙ වෙන වෙන නම් වලින්.
අපි උසස් පෙල කරන්න ක්ලාස් යන කාලෙ තමයි ඇල්බා හොඳටම ෆිට් උනේ.
ඌ දැක්කම හිතන්නෙ මරුසි ඩයල් එකක් කියලා. ඒ උනාට දන්න එවුන් හොඳටම දන්නවා උගෙ මරුසිකම.
ඇල්බට් කැමති කොන්ඩෙ කපපු කෙල්ලොන්ට. හේතුව මොකක්ද කියලා ඇහුවට කියන්නෙත් නෑ. අපේ සෙට් එකම මෑන්ට "කොන්ඩෙ කපලා" කියලා නෝන්ඩි කරනවා. අන්තිමේදි මෑන්ට "කොන්ඩෙ කපලා" කියලා කාඩ් එකකුත් වැදුනා.
මම කැම්පස් එකේ දෙක වසරේ ඉන්න කාලෙ අපි බෝඩිමක් අරන් හිටියා. ඒක තට්ටු තුනක විතර ගෙදරක්. එක එක කාමර වල බෝඩිං කාරයො හිටියා.
ඒකෙ ඉන්න කොල්ලන්ගෙ සිරිතක් තිබුනා. සාමාන්‍යයෙන් මලක් කඩන්න ඕන උනාම උඩම තට්ටුවට තමයි යන්නෙ. අව්ව වැස්ස මේ කිසි දෙයක් ගැන කවුරුත් කිසිම තැකීමක් කරන්නෙ නෑ. තමන්ගෙ පාඩුවේ මල් කඩනවා. රෑ වෙනකොට ඕක උඩ කොල්ලො පිරිලා. සමහර එවුන් හිටගෙන තවත් එවුන් ඉඳගෙන ලවක් දෙවක් නැතුව මල් කඩනවා.
ඔන්න ඉතිං ඔහොම කාලෙ ගෙවීගෙන යද්දි දවසක ඇල්බටත් හඳ පෑව්වා. හුරු බුහුටි කෙලි පොඩිත්තක් ඇල්බට බහ දීලා.
දැන් ඉතිං බෝඩිම එකම මගුල් ගෙයයි. මනමාල මහත්තයට එක එකා ඇවිත් සුබ පතනවා.
ඔන්න ඉතිං රෑ බෝ වෙනකොට ඇල්බට මංගල දුරකතන ඇමතුම එනවා.
පලවෙනි කෝල් එක ආවා. නෝ ආන්සර්.
 දෙක, තුන....... දහය ඔය විදිහට කෝල් එනවා ඒත් ඇල්බා ආන්සර් කරන්නෙ නෑ.
දැන් අපටත් මේක ප්‍රශ්නයක්.
අපටත් ඉතිං කට පියාගෙන ඉන්න බෑනෙ. අපිත් ඇහුවා "මොකද ඇල්බො කෝල් එකට ආන්සර් කරන්නෙ නැත්තෙ ?" කියලා.
"මට ලැජ්ජයි බං" කියලා ඇල්බා කියපි.
අපට දැන් කොහෙන්ද මේකට හිනාවෙන්නෙ කියලා හිතාගන්න බෑ. යකෝ මෙච්චර අමාරුවෙන් දාගත්ත කෙල්ලගෙන් කෝල් එකක් එනකොට ආන්සර් කරන්නෙ නැත්තෙ මොන මෝඩයාද?
වැඩි වෙලාවක් ගියෙ නෑ. මෙන්න වෙන නොම්මරේකින් උට කෝල් එකක් එනවා.
ටිකක් වෙලා කල්පනා කර කර හිටපු ඇල්බා කෝල් එකට ආන්සර් කලා. ෆෝන් එකත් කනේ ගහගත්ත ඇල්බා මෙන්න බොලේ උඩ තට්ටුවට නගිනවා.
විනාඩි දහයකට විතර පස්සෙ මෙන්න බොලේ ඇල්බා පුස් මූනක් දාගෙන එනවා.
"මොකද බං ඔය පුස් මූන දාගෙන?" ප්‍රියන්තයා ඇහුවා.
"ඒකි චාටර් බං" ඇල්බා කියපි.
මෙච්චර වෙලා වර්ණනා කර කර හිටපු ඇල්බට්ගෙ සුරංගනාවි මෙන්න බොලේ එක පාරටම චාටර්ලු.
පස්සෙ ඇල්බව රවට්ටගෙන තමයි අපි කතාව දැනගත්තෙ.
අර අන්තිමේට කෝල් කරලා තියෙන්නෙ කෙල්ලගෙ අක්කා. අරූ කෝල් වලට ආන්සර් කරන්නෙ නැති හින්දා කෙල්ල ඔක්කොම අක්කට කියලා.
ඊට පස්සෙ අක්කා ඇල්බට කෝල් කරලා හොඳටම අමතලා.

8 comments:

  1. යකෝ මූට කතාකරන්න මෙච්චරටම ලැජ්ජයි නං අනික්වට කොහොම ලැජ්ජ හිතෙයිද. බැන්න එකමයි කාරිය ;)

    ReplyDelete
  2. ඇල්බට් ඔහොම තමයි. ලැජ්ජයි කියන්නෙ ඒක පුදුම ලැජ්ජාවක්.
    කවදා හැදෙයිද මන්දා.

    ReplyDelete
  3. යකෝ ඔහොම ලැජ්ජ වෙලා පුළුවනෑ.......... :D

    ReplyDelete
  4. ඒක කොණ්ඩේ වවපු එකක් වෙන්ට ඇති.

    ReplyDelete
  5. @විකී
    ඔව්නෙ. ඒකා ඒ කාලෙ කොන්ඩෙ බෙල්ල ගාවට වවලා හිටියෙ

    ReplyDelete
  6. අප්පට සිරි එහෙමත් පොරවල් ඉන්නවද .... ?

    ReplyDelete
  7. ලැජ්ජයි කියනෙ විලි ලැජ්ජයි......හි..හී.....හී

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.