Wednesday, February 15, 2012

එල්ලපං මගෙ සරම........



සමහර යූඇන්පි කාරයෝ ඉන්නවනෙ ආයෙ කැපුවත් කොල. ආයෙ අම්මේ මුත්තේ කීවත් වෙන පක්ෂෙකට චන්දෙ දෙන්නෙ නෑ. මේ දවස් වල ආණ්ඩුව හොඳක් කරත් වැරදි නරකක් කලත් වැරදි. අපේ විජේ මාමත් ඒ වගේ තමයි.හැබැයි පොඩි පරහක් තිබුණා.ඒ තමයි විජේ මාමගෙ නෝනා සන්ධානෙ වෙච්ච එක.
ඔය දේශපාලන කේස් වලට එහෙ පොඩි පොඩි වලි හෙමත් නොයනවාම නෙමෙයි.විජේ මාමාට කඩයක් තියෙනවා.
ඒකෙ බිස්නස් හෙමත් නැගලම යනවා. කඩේට එන සමහර මිනිස්සු කරන්නෙ විජේ මාමව අවුස්සන එක.එතකොට ඉතින් අම්මද මුත්තද කියලා බලන්නෙ නැතුව විජේ මාමා පටන් ගන්නවා ජාතිය අමතන්න.
මේ සිද්දිය වෙන කාලෙ වෙනකොට යුද්දෙ ඉවර උනා විතරයි මයෙ හිතේ. හැමෝම මහින්ද මහත්තයගෙ ගුණ ගායනා කරනවා කියලා විජේ මාමා ටිකක් විතර අප්සට් මූඩ් ගහලා හිටියෙ. වෙන දෙයක් තියා ගෙදර ගෑනිත් අනිත් පැත්තෙ වෙච්චි තමන්ගෙ පැත්තට කවුරුවත්ම නැති වෙනකොට විජේ මාමා තවත් අසරණ වෙලා හිටියෙ.
ඒත් තනියෙන් හරි තමන්ගෙ සටන ගෙනියන්න පුලුවන් හයියක් විජේ මාමාගෙ කටේ තිබ්බා.
ඒ අවුරුද්දෙ නිදහස් දවසත් ආවා. හැමෝම ගෙවල් වල ජාතික කොඩි දානවා. ඒකට ජාති බේද, පක්ෂ බේද නෑනෙ. අපිත් අපේ ගෙවල් වල කොඩි දාලා පොඩි රවුමක් ගහන්න කොල්ලො සෙට් එකත් එක්ක ගියා.
හැම ගෙදරකම ජාතික කොඩි දාලා එක ගෙදරක හැර. ඒ තමයි විජේ මාමලාගෙ ගෙදර. අපි එතනින් යනකොට නැන්දා අපට කතාකලා.
"පුතේ, අපේ ගෙදර විතරයි නිදහසට කොඩියක් දාලා නැත්තෙ, උඹලට පුලුවන්නම් මේ කොඩිය එල්ලලා දීලා පලයල්ලකො"
ගමේ මනුස්සයෙක් උදව්වක් ඉල්ලුවාම ඒක නොකර මග අරින සිරිතක් නෑ. ඒ හින්දා අපි කොඩිය එල්ලන්න ලෑස්ති උනා.
එතකොටම විජේ මාමා එතනට කඩාපාත් උනා. ඒ වෙනකොටත් මෑන් නිදහස සමරලා තිබුනෙ.
"පුතේ, උඹලා ඔය කොඩිය අරන් මොකද කරන්නෙ?"
"අපි මේක එල්ලන්න හදන්නෙ මාමෙ."
"ඕක නෙමෙයි එල්ලපං මගෙ සරම. ආ ඉඳා......"
කන සාක්කුවට දාගෙන ඉන්න විජේ මාමා සරම ගලවලා දෙන්න හදනවා. නැන්දට මල පැන්නා.
"මේ මිනිහට අද වගෙ නිදහස් දවසකත් කටවහන් ඉන්න බැරි හැටි. ඕවා ගනන් ගන්න එපා පුතාලා ඔය කොඩිය එල්ලපල්ලා. මං උඹලට තේ ටිකක් හදන්නං "
"තෝ වහගනිං #$@$%යෙ කට. ඔය (ටීක්) ඉන්නකං අපට නිදහසක් නෑ බොල."
"(ටීක්) මහත්තයා තරං මේ රටට වැඩක් කරපු උත්තමයෙක් වෙන ඉන්නවද. අනේ මේ ඔහේ කට පියන් ඉන්නවා."
"තෝ කවුද @#$%^* මගෙ කට වහන්න." කියපු විජේ මාමා පිහියක් ඇදලා ගත්තා.
එනපොට හොඳනැති වග දැනගත්ත අපි අඩියට දෙකට එතනින් මාරුවුනා.නැන්දා ඇස්වල කදුලු පුරවන් බලා ඉන්නවත් අපි දැක්කා.
(පින්තූරය ගත්තෙ මෙතනින් http://gossip9.files.wordpress.com/2011/05/4.png?w=1000&h=)

21 comments:

  1. සරම එල්ලන් කණුව ඉල්ලුවනං හරිනේ :)

    ReplyDelete
  2. @රාජ්
    හැබැයි ඒ වෙලාවෙ විජේ මාමගෙන් ඉල්ලුවනං කනුව කෙසේ වෙතත් හොඳ පිහි පාරක් නං කන්න තිබුනා.

    ReplyDelete
  3. අපරාදේ යකො අර නැන්ද කියන එව්වා අහන් නැතුව සරම ගලොලා එල්ලන්ට එපෑ..බං

    ReplyDelete
  4. @Raj
    එතකොට එල්ලිච්ච ඒවා එලියෙනෙ බං.........

    ReplyDelete
  5. මාත් හිතන්නෙ සරම එල්ලුවානම් හරි කියලා.

    hentyblogwalker the Dude

    ReplyDelete
  6. මාත් හිතන්නෙ සරම එල්ලුවානම් හරි කියලා.

    hentyblogwalker the Dude

    ReplyDelete
  7. @Dude
    අපරාදෙ අපට සරම එල්ලලා ආවනං කොච්චර දෙයක්ද කියලා හිතෙන්නෙ දැන් තමා.

    ReplyDelete
  8. සරම නෙමෙයි අමුඩේ එල්ලුවනම් හරි

    ReplyDelete
  9. ඔහොම තමා මිනිස්සු බීගත්තම මෙලෝ සිහිය නෑ.......

    ReplyDelete
  10. @මාතලන්
    එතකොට නම් කොඩියක් දැම්මා වගේ තමයි. හැඩේ තමයි පොඩි අවුලකට තියෙන්නෙ.

    ReplyDelete
  11. @Sammani
    ඒක ඇත්ත. තව ටිකක් වෙලා හිටියනං විජේ මාමම සරම එල්ලනවා.

    ReplyDelete
  12. සරම නෙමෙයි.. මාමව එල්ලන්න තිබ්බේ... හිහි...

    ReplyDelete
  13. @ ෴සොඳුරු සිත෴
    අනිවා. ඊලඟ නිදහස් දවසටවත් ට්‍රයි එකක් දාලා බලන්න ඕනෙ.

    ReplyDelete
  14. ලංකාවේ අදටත් බහුතරයකගේ තත්ත්වය ඕක තමා!ප්‍රතිපත්තිගරුක දේශපාලනය කියන්නේ මොකක්ද කියලා අපේ මිනිස්සු දැනගන්න හිතලවත් නෑ තාම!

    ReplyDelete
  15. යූ එන් පී බුවාලා එහෙම තමා. අපේ ගෙවල් ඉස්සරහ තමයි ප්‍රාදේශිය සභාවෙ විපක්ෂ නායකගෙ ගේ තියෙන්නෙ ( මිනිහ සජිත් පිලේ) දැම්මෙ නෑනේ එහෙත් ජාතික කොඩිය

    (ඇත්තම කියනවනම් මාත් දැම්මෙ නෑ. පෙබ. 4 නිදහස් දිනය විදියට මා පිළිගන්නෙ නැති නිසා)

    ReplyDelete
  16. @Sabith
    ඒ මිනිස්සු කවදාවත් හැදෙන්නෙ නෑ. ඒකනෙ වැඩේ කියන්නෙ.

    ReplyDelete
  17. @Sumith Niriella
    විජේ මාමා මේ පාරවත් ජාතික කොඩිය දාන්න දෙන්න ඇති කියලා මට නං හිතෙන්නෙ නෑ. යූ.ඇන්.පී ආණ්ඩුවක් එනකං ඉන්නෙ කොඩිය දාන්න.

    ReplyDelete
  18. මටත් කියන්න තියෙන්නෙ සොඳුරු සිත කියපු එකම තමයි.

    ReplyDelete
  19. @kumaraya
    ආපෝ ඔය මනුස්සයා එල්ලනවට වඩා හොඳයි මම එල්ලෙනවා.

    ReplyDelete
  20. සරම එල්ලන්න තිබ්බේ !!

    ReplyDelete
  21. @මධුරංග
    අනිවා. ඔච්චර කට්ටිය කියන එකේ සරම එල්ලන්න ට්‍රයි එකක් දීල බලන්න ඕනෙ.

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.