Thursday, March 1, 2012

බොඳවීගිය රැකියා සිහිනය..........



පෙරවරු පහට වැදුණු එලාම් නාදය මගේ සිත වඩාත් ප්‍රබෝධමත් කරන්නට සමත්විය. රාත්‍රිය ගෙවී ගියේ මට නොදැනුවත්වමය. පෙරදින එල්ලවූ මදුරු ප්‍රහාර වලට පවා නොසැලී හිඳිමින් රැය ගතකලේ පසුදින ජීවිතයේ නව බලාපොරොත්තුවක් පුබුදින නිසාය.
උදෑසනින්ම නාගත් මම වේලාසනින්ම නව රැකියාව කරන ස්ථානයට වාර්තා කලෙමි. පැය බාගයක් පමණ කාලය කාදැමීමෙන් පසුව එකා දෙන්නා ආයතනයට පැමිණෙන බව දුටුවෙමි.
"ආ ඔයාද අලුත් පෝස්ට් එකට ආවෙ?"
"මල්ලිගෙ ගම කොහෙද?"
"අපි ඒපැත්තෙ මලගෙදරක ගිහින් තියෙනවා"
මෙවැනි අල්ලාප සල්ලාප වලින් පසුව ආයතනයේ සගයන් හඳුනාගන්නටත් ඉක්මනින්ම ඔවුන් හා හිතවත් වන්නටත් හැකියාව ලැබිණි.
"තව ටිකකින් සර් එයි. ඇවිත් ඔයාට කතාකරයි"
පැය කිහිපයකට පසුව ආයතන ප්‍රධානියා බැරෑරුම් මුහුණකින් යුක්තව පැමිණියේය.
ඔහුගේ කැඳවීම ලැබෙන තෙක් මා බලා සිටියෙමි.
අවසානයේ මා බලාසිටි මොහොත එලඹුනි.
"මේකයි ඇත්තටම කියන්න තියෙන්නෙ, මේ පෝස්ට් එකට ඔයාගෙ කොලිෆිකේශන් වැඩියි. අපි බලාපොරොත්තුවුනේ නෑ ඔයා එයි කියල"
"සර් මට ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඒක හින්ද ජොබ් එකක් නැතුව ගෙදර ඉන්න බෑ සර්"
"මෙහෙමයි ඔයා උපාධියක් තියෙන කෙනෙක්. මේ පෝස්ට් එකට අපි උපාධිධාරියෙක්ව බලාපොරොත්තු උනේ නෑ. මේ පෝස්ට් එකේ ඉන්නවනං ප්‍රමෝශන් මුකුත් නෑ. හැමදාම මෙතන තමයි. මොකද මේක කුඩා ආයතනයක්"
"අවුරුදු කීපෙකටවත් බැයිද සර්?"
"එහෙම බෑ. එහෙමනම් දිගටම මේ පෝස්ට් එකේ ඉන්නවා කියල ගිවිසුමකට එලඹෙන්න ඕන"
"අම්මට උඩු" කියා මට සිතුණි.
"ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. අපේ දෙපාර්තමේන්තුවට උපාධිධාරීන් බඳවගන්නකොට දැනුම් දෙන්නම්. අපරාදෙ කාලෙ නාස්තිකර ගන්න එපා"
දෑසට නැගුනු කඳුලු බිඳු සඟවමින් සගයන්ගෙන් සමුගත් මම බසයට නැගුනේ මා එනතුරු බලාසිටින අහිංසක අම්මාට කුමක් කියම්දැයි සිතමිනි.

14 comments:

  1. ගණන් ගන්න එපා. කොයි දේ වෙන්නෙත් හොඳටයි කියලා හිතාගෙන ඉන්න. හොඳ ජොබක් සෙට් වෙයි ලඟදිම.

    ReplyDelete
  2. අනිවාර්යයෙන්ම කොයි දේත් වෙන්නේ හොඳට තමයි , අද වෙන කොට ප්‍රායෝගිකව ලබපු අත්දැකීම් වලිනුත් මට එහෙම දැනිලා තියනවා . ඔයාගේ ජිවිතේ ටාගට් එකට යන්න හොඳම අවස්ථාවක් කියල හිතෙන දෙයක් මිස් වුනත් ඊට වඩා හොඳ අවස්ථාවක් පස්සෙ දවසක ලැබෙන්න පුලුවන් එහෙම බලන කොට මේක සුලු දෙයක්

    සුදුසුකම් වලට උචිතම රැකියාවක් නොලැබුනත් ,ඉදිරියට යන්න පුලුවන් , අවුරුදු 2කට වඩා දිගු ගිවිසුම් නැති රැකියා වක් නම් භාරගන්න එක හොඳයි !

    ReplyDelete
  3. ඔයා සැලෙන්න එපා.අපිටත් හරිහමන් ජොබක් නෑ.අපිට උපාධිත් නැ.ඒත් ඔයාට වටින උපාධියක් තියනවා.ඒ නිසා ඔයාට ඉක්මනටම හරියයි. අපි ඔයාට හරියටම හරි යන ජොබක් සෙට් වේවා කියලා පතනවා.උගතමනා ශිල්පය මයි මතු රැකෙනා!!!!!!

    ReplyDelete
  4. උඹට හිතෙන්නෙ නැද්ද උඹේ දැනුමෙන් තමන්ගෙම කියල එකක් කලා නම් හොඳයි කියල... රස්සාවකට යනවට වඩානම් අමාරුයි... ඒත් රස්සාවකට යනවට වඩා හොඳයි මට නම්...

    ReplyDelete
  5. සිරා සීන් එකක්ද?මොකක්ද උපාධිය?

    ReplyDelete
  6. හපොයි! ලස්සනට කයියක් ලියාගෙන හිටිය කිරිපුතා අයියා. කොහොම උනත් පුලුවන් තරන් උත්සාහ කරොත් සුදුසුකම් වලට හරියන ජොබක් සෙට් වෙයි. අතාරින්න එපා ගේම. මොකක් හරි හම්බෙන එකක් අවුරුදු දෙක තුනක් වත් අල්ලං හිටියොත් ඊට පස්සෙ බය වෙන්න දෙයක් නෑ. සුදුසුකම් වලට එක්ස්පීරියන්ස් එකත් එකතුවෙන නිසා කොහේ ගියත් ජොබ් ෂුවර්.

    ReplyDelete
  7. බය වෙන්න එපා මේක දකින කවුරු හෝ උඹට උදව් කරයි.

    ReplyDelete
  8. නිර්මාණයක්ද ? සත්‍ය කතාවක්ද ?
    සත්‍ය කතාවක් නම් සිංහළ බ්ලොග් අවකාශෙ උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්න පුළුවන්. උපාධිය තියෙන්නෙ මොනවටද කියල එහෙම විස්තර දැම්මොත් උදව් කරන්න ලැස්ති කෙනෙකුට පහසු වෙයි.

    ReplyDelete
  9. මගේ යාළුවෙක් ඉන්ටව් ගියහැටි බලන්න ඕනනං මේකට යන්න.

    ReplyDelete
  10. @all
    සත්‍ය කතාවක්. මගෙ විස්තර ටිකක් ඊලඟ ලිපියෙන් දැම්මා.

    ReplyDelete
  11. පවු බං උඹ... ඉක්මනට හොඳ ජොබක් සෙට් වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  12. ඔව්ව ඔහොම තමා සැලෙන්න එපා !!!!

    ReplyDelete
  13. මේක ඇත්තද මචන් උබට කියන්න මමත් මෙහෙමයි බන් මමත් උසස් පෙල හොදටම පාස් එත් කරන්නේ හොටලයක වේටර් වැඩ බන් හමසට ඉදුල් හොදනවා මම ඉන්ටව් යනකොට මහතික ගෙනිච්චේ නෑ එහෙනම් කවදාවත් වැඩට ගන්නේ නෑ .ගෙදර කාටවත් කිව්වෙත් නෑ කොහොමද බන් කියන්නේ දුකට මැරෙයි බන් අම්මා .මැරෙන්න බැරි හින්දා ඡිවත්වෙනවා උබට හොද ඡෙිබ් එකක් සෙට් වෙයි.

    ReplyDelete
    Replies
    1. උඹටත් වරදින්නෙ නෑ. කවදහරි හොඳ ජොබක් සෙට් වෙයි. ට්‍රයි කරපන්. ජයවේවා......!

      Delete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.