Wednesday, March 14, 2012

ශ්‍රි ලංකා සංචිතයෙහි නොමැති එහෙත් අද තරඟයට සහභාගි වන ක්‍රීඩකයා කවුද?




අරුමෙකි අහෝ කිම මේ සිදුවී ඇත්තේ
සංචිතයෙහි එක් අයෙකුගෙ නම නැත්තේ
නම එහි නැති උනත් ඔහු ඇතුලෙහි ඇත්තේ
විස්කම් වෙන්නෙ බංගලි දේසේ පැත්තේ

සංචිතයටම දාහතරයි නොවැ ඉන්නේ
ඉන් එකොලහක් අද තරගෙට සැරසෙන්නේ
දහදෙනෙකුටයි පිටියට බැසුමට වෙන්නේ
අනෙකට හොරෙන් කවුරුද පිටියට යන්නේ

ඔහු දුටුවාම අෆ්රිඩිලා වෙව්ලාවී
එවනා පන්දු පිටියෙන් ඉවතට යාවී
උමාර් ගුල් බියපත්වී සැඟවේවී
මිස්බා උල් හක්ට සුලුදිය පිටවේවී

සිරි ලංකාවෙ සංචිතෙ අද මෙතැන ඇත
සැඟවුනු අමුත්තා මෙතැනට එන්නෙ නැත
පිටියට ඇවිත් පානා පෙලහාර මත
පාකිස්තානුවන් යාවිලු හතර අත

පන්දු යවන්නත් ඔහු ඉඩකඩක් තිබේ
යැව්වොත් පන්දු පිතිකරුවන් බිමට එබේ
සතුටෙන් කුල්මත්ව නරඹන අයද සබේ
ඔහුගේ ගුණ ගයති ගහගෙන කණෙහි ඇබේ

ප.ලි. : හුරේ............ මේ පෝස්ට් එක දැකල අද ඌව ටීම් එකෙන් අයින් කරලා :D 

17 comments:

  1. ගහනා විටදි කැරකීලා හතර අතේ
    …පන්දු යවන විට කඩුල්ලෙ පොලුත් නැතේ
    …දිනුවත් පැරදුනත් අපි උන් සමග ඇතේ
    …පකිස්තානෙ උන් හට අද ඇපත් නැතේ

    …නියම කවි ටික කිරි අයියා...

    ReplyDelete
  2. ඔහොම ඒවුන් ඉද්දී අනෙ බය නෑනෙ
    චූටි කාලෙ සිට අපි මැච් බැලුවානෙ
    ඔහොම ඒවුන් අදමයි දැකුමට ඉන්නෙ
    සිරි ලක නමට ජය පතමින් යන්නෙ

    ReplyDelete
    Replies
    1. වෙලාවට ඊයෙ පොර හිටියෙ නෑ. වෙනසක් උනෙත් නෑ. කලින් මැච් එකට හපන් මේක.

      Delete
  3. බෝලේ foot බෝලෙ වගේ දිස්වෙවා
    හයේ ඒවා හතරේ ඒවා ඉතිරේවා
    බුදුසරණයි අපේ උන්ට ජයවේවා
    pakisthan හැත්තට අද කෙලවේවා.

    ReplyDelete
    Replies
    1. මුල් ඕවර් ටිකේ නම් වැඩේ කියපු විදියටම උනා. පහු පහු වෙනකොට තමයි කොහු කොහු උනේ.

      Delete
    2. අනේ වෙච්ච දෙයක් ..:!:(((

      Delete
  4. කව්ද බොලේ සනත් ජයසුරියවත්ද ?

    ReplyDelete
    Replies
    1. ම්හූ..... පිලිතුර වැරදියි.

      Delete
  5. Replies
    1. ඔව් ඔව් මෑන් තමයි. බලහංකො ස්කොඩ් එකේ ඉන්නවද කියලා.

      Delete
  6. අපෝ සෝක් ටුවර් එක බං ගියා ආවා

    ReplyDelete
    Replies
    1. ට්‍රිප් එකක් යනව කියල හිතාගෙන යන්න ඇති.

      Delete
  7. කිරිපුතා,
    බැක් ග්‍රවුන්ඩ් කලර් එක වෙනස් කරපු එක හොඳ අදහසක්, දැන් කියවන්න හරිම පහසුයි, විශේෂෙන්ම කොමෙන්ට්.

    [කළුපාට බැක් ග්‍රවුන්ග් ලස්සන වුනාට කියවන්න අපහසුයි]

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් වලට රිප්ලයි දාන්න ගියාමත් එහෙට මෙහෙට දුවලා එපා වෙලා තිබුනෙ. දැන් ඒකත් ලේසියිනෙ. දැන් අකුරුත් හොඳට පැහැදිලියි.
      ඔබා මාමටත් ගොඩක් ස්තූතියි.

      Delete
  8. ජාතික ලැයිස්තුවෙන් ආපු ඇමති කෙනෙක් වගේ.මෙලෝ වැඩක නැහැ.

    ReplyDelete
    Replies
    1. බැරි දේ නොකර හිටියනං කවුරුත් මුකුත් කියන්නෙ නෑනෙ.

      Delete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.