Tuesday, February 28, 2012

අහෝ මෙවන් මැච් එකක්....




අද දින පැවති ක්‍රිකට් තරඟය වෙනුවෙන් ඔට්ටු ඇල්ලූ අසරණයෙකුගේ ශෝකාලාපය...........


උදේ ඉඳන් දවස පුරා ආතල්මය දුන්නේ
ශතක එකට දෙකක් ගහල එය පෙන්වා දුන්නේ
ඉන්දියාවෙ පොරවල් හට පොර ටෝකක් දුන්නේ
කොහොමද මම රෙදි ඇඳගෙන පාරෙ බැහැල යන්නේ

තුන්සිය විස්සක් ගැහුවම දිනයි කියල හිතුවා
ඒක හින්ද බයක් නැතුව ඔට්ටුවකුත් දැම්මා
ඉන්දියාව බැට් කරද්දි වෙව්ලිල්ලක් ආවා
බලන් ඉද්දි මගෙ රෙදි ටික ගැලවී බිම වැටුනා

කෝලියො ඔහොම නොකරන් අපෙ අය්යලට
හිටියේ මෙදා නම් කප් එක උස්සන්ට
අයියල නම් ඉඳී ආතල් ගෙන යසට
වෙන්නේ මට තමයි හෙලුවැල්ලෙන් යන්ට

ඔසී අයියලා කොහොමට හිටීද
අපේ උන්ට ගොඩ යන්නට ඉඩ දේද
සියලු වස්තුවම මාගේ නැති වේද
ඇඳි වත නැතිව පාරේ යන්ටත් වේද

රංගන අයිය පිතිකරුවෙක් වෙලාලූ
දිල්ෂාන්ගෙ අත හොඳටම රිදෙනවලූ
දඟ පන්දුව ලංකාවට අකැපයිලූ
වේග පන්දු දැම්මම හරි සැපයිලූ

ඊලඟ මැච් එකේදී හරි ජයගන්න
මේ මැච් එක ආදර්සෙට අරගන්න
කලබල නැතිව මැච් ටික ගොඩදාගන්න
සී බී කුසලානෙ මෙහි අරගෙන එන්න

27 comments:

  1. යකෝ आरक වේලෙන්නත් ඉස්සෙල්ල පත්තරේ දාලනෙ

    ReplyDelete
  2. ඊලඟ එක නම් ගහගන්න පුලුවන් වෙයි , අපිට කෙලවන්නෙම කෝලියයි ගම්ඹීරයයි තමා . කොහොම වුනත් ඒ ගහපු ගැහිල්ල නම් ඇඩා නෑ , මම හිතන්නේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ හොඳම හඹායැම් වලින් එකක් ( දකුණු අප්‍රිකා - ඔසී එකට පස්සෙ එක )

    ReplyDelete
  3. මෙයා කලින් දැනගෙන ඉදලද කොහෙද

    ReplyDelete
  4. ශඃ.. සැනින් එසැනින් අප්ඩේට්ස් !!
    පට්ටයි නොවැ කවි ටික..

    ReplyDelete
  5. මට නම් පුදුම සතුටක් තියෙන්නේ ..ඔය උලව්ව පැරදුනාට

    ReplyDelete
  6. ඊළඟ එකත් පැරදුනොත් ඉතින් ගත්තු ටිකට් එකවත් අනුභව කරලා ගෙදර එන්නයි වෙන්නේ :(

    ReplyDelete
  7. ඔබා මාමගෙ කමෙන්ට් එක තමයි කමෙන්ට් එක....හි..හි...හි...

    ReplyDelete
  8. කතා කරල වැඩක් නෑ... සික් අපරාදේ

    ReplyDelete
  9. අන්න අපේ කොල්ලත් විස්සෝපවෙවී ඉන්නව පැත්තකට වෙලා. දවසෙ රෙකෝඩිං ටික කලානං ගානක් පොකට් එකේ.

    ReplyDelete
  10. අද ක්‍රිකට් ජයගත්තා.... මම කොයි රටෙත් වැඩකාරයන්ට ආදරෙයි.. අපේ උන් පැරදුනේ නෑ දිණුම්.. අද ක්‍රිකට් දිණුම්..

    ReplyDelete
  11. අපි ලංකාවේ වුනත් උන්ගේ ගැහිල්ල අගේ කරන්න ඕන.අපේ උන්ට ඔය වගේ ඕවර් 40කට ඔය ගාන එලවන්න හම්බුනොත් අපේ උන් ඕවර්ස් 40ට ඕලවුට් කියයි.

    ReplyDelete
  12. මම දාහක් දිනුම් ,, ඔට්ටුවක් අල්ලල. හික් හික්... හැබැයි තරගේ පටන් ගන්න ඉස්සෙල්ල ඔට්ටුව දැම්මේ.

    ReplyDelete
  13. මම නම් හිතුවා පටන් ගන්න කලින්ම අද කයි කියලා..මොකද අපි එකක් ගැහුවොත් ඉන්දියන්වුන් අනික ගහන් සීන් එකක්නෙ තියෙන්නෙ...ඒත් 320නම් බෑ කියලා පස්සෙ හිතුනා..

    ගැහුව ගැහිල්ලට ඕවර් 50ම ගැහුවානම් උන් කීයක් විතර ගහයිද?

    ReplyDelete
  14. @Observer
    දැම්මෙ තියෙන දුකට ඔබා මාමෙ

    @බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !
    ඊලඟ එකට සෑහෙන ගේමක් දෙන්න වෙයි අනිවා. ඒක ටුවෙන්ටි ගැහිල්ලක්නෙ අප්පා.

    @neel
    කලින් දැනං හිටියනං ඔය උලව්ව බලන්නෙත් නෑ.

    ReplyDelete
  15. කොහොමද කිරිපුතා කලින් දැනගත්තේ ??

    ReplyDelete
  16. අද මාර පරාජය නේ බන් තිබ්බේ.. වැඩක් නෑ අයියෝ සල්ලි තමා

    ReplyDelete
  17. @බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !
    අයියෙක් කියල තමයි කලින් හිතාගෙන හිටියෙ බලද්දි මම ඌට වඩා මාස හතරක් වැඩිමල්.

    @සිහින
    හිතේ දුක යන්නත් මොනා හරි ලියන්න ඕනනෙ

    @වැප්
    මාත් මුල් දවස්වල පරදිද්දි සන්තෝසෙන් හිටියා. ආයෙ දේශප්‍රේමෙ අවදි වෙලා.

    ReplyDelete
  18. ගැහුව මචන් ගහන එක ආයි... ෆන් එක බේරෙනව :)

    ReplyDelete
  19. @niroshini
    ඒක තමයි දැන් කොරන්ඩ වෙන්නෙ

    @හරී
    ඔබා මාමා කමෙන්ට් එකක් දැම්මොත් ඉතිං දන්නවනෙ

    @කනියා
    අපරාදෙ තමයි. අපි කියල මොනව කොරන්ඩද

    ReplyDelete
  20. @ඊ මේල් කවිකාරි
    ඒක තමයි. වැඩ පාඩු කරන් මැච් බලනවට මේව හොඳ පාඩම්

    @මාතලන්
    එහෙම කියලවත් අපි හිත හදාගමු

    @මඩිස්සලේ නිශාන්
    අපේ උන් ගැහුවනං ඉතිං ඒක තමයි වෙන්නෙ

    ReplyDelete
  21. @දූපත් වැසියා
    ඒක නම් ලක් එක වෙන්ඩ ඕනෙ

    @හරී
    අඩුම 500ක් වත් ගහයි

    @මධුරංග
    මටත් කලු පූසෙක් ඇවිත් කීවා

    @ChammA
    අපටමනෙ වෙන්නෙ. දුක තමයි ඉතිං

    @සාතන්
    තාම බේරෙනවා....

    ReplyDelete
  22. ලොක්කා වැඩේ කලින්ම දැනගෙන නේ.. :O

    ReplyDelete
  23. මම වැඩට ආවෙත් පරක්කු වෙලා අනික් උන් තුන් දෙනාම ඉන්දියන් නේ....රෙදි ගැලවුනා උදේ දීපු ටෝක් වලට හවසම රිටන් එක ලැබුන නිසා....

    ReplyDelete
  24. වැඩක් නෑ බොල මැච් එක

    ReplyDelete
  25. මමත් වර්ල්ඩ් කප් එකට පස්සෙ මැච් එකක් බලන්න සෙට් උනාමයි, ලොවෙත් නැති කෑමක්නේ කෑවෙ .....

    ReplyDelete
  26. @Buddy Rox
    මැච් එක ඉවර වෙනකොටම මේක ලීවෙ

    @ඔබ නොදු‍ටු ලොවක්
    දුක් සීන් තමයි

    @Beta bawa
    ඒ ගැන කතාකරනවට වඩා හොඳයි කට කොහෙ හරි උලා ගන්න එක

    @පන්සල් හංදිය
    ඔහොම තමයි. කනකොට කනව නැතිවෙන්නම

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.