Thursday, March 8, 2012

මැච් එක පැරදුනාට දුකද?




මැච් එක ගැන ඉස්සර වගෙ දුක නැත්තේ
හඬා පලක් නොම වන බව දැන ගත්තේ
ඩිලී ගැන සතුට හිත තුල බැස ගත්තේ
කවියෙන් කියන්නට හිතුනා මගෙ තත්තේ

ආසිය කුසලානෙ අද හෙට එනවාය
මීට වඩා ඒකෙදි බැට දෙනවාය
අපේ තරම උන්හට පෙන්වනවාය
ආසිය කුසලානෙ මෙහි ගෙන එනවාය

ගොසිප් සයිට් වල එක එක දාලාය
අපේ එවුන් හොඳ උත්තර දීලාය
දුක හා සතුට එක ගානට වැටිලාය
ඒක සමරන්නෙ එක ලඟ නමලාය

දෝනිට කෝලි මල්ලිට සන්තෝස ඇතී
හුරේ දම දමා දැන් නටනවා ඇතී
ඉන්දියාවෙ බමුනෝ මතුරන්න ඇතී
අපි පරදින්න හේතුව ඒක වෙන්නැතී

දහසය ලකුණු වලිනුයි පැරදී ඇත්තේ
ගේමක් දුන්න එක ගැන සතුටය ඇත්තේ
හුටු හුටු උනත් මේකයි මගෙ නම් තත්තේ
ඔබා මාමෙ කොහොමද ඔහෙලගෙ පැත්තේ

Gossip9 හා Gossip Lanka News වෙබ් අඩවි වල හොඳ හොඳ ප්‍රතිචාර තියෙනවා. මේ ඒවගෙන් ටිකක්.

හැමදාම හොඳට series එක play කරනවා. final ආවම ලොක්ක යනවා, match එක පරාදයි. මෙදා පාර ඇමතියා යවල. උගෙ නමෙත් මහින්ද කෑල්ලක් ගෑවිල තියනවනෙ. අය්යො එකත් පරාදයි...


ඔයින් ගියා ඇති. 57 ට 4 ක් ගියාම ඉස්සරනම් 100 all out වෙනවා. දැන් කොල්ලෝ එහෙම නැහැ. 
අපිට අර චාමර කියන නම නැති බැට්ස්මන් ල හොයා ගන්නම බැරිද? මහා කරුමයක්.


හු*ත වේලෙන්නත් ඉස්සර පත්තරේ දාලනෙ. 

මුල හරියේ එක විකට් එකක් මෝඩ පාරකින් ගියා. ඊළඟට තව එක්කෙනෙක් තනි ලකුණ ගන්න හැටි අමතක වෙන තරමට බය වෙලා අවුට් උනා. අනිත් අයගේ විකට් නම් ගියේ හේතු ඇතුව. 
අපි දැන් අන්තිම තරඟ ගොඩක් පැරදිලා තියනවා, හිතේ හයිය මදිකම හින්ද. බය නැති කොල්ලෝ ඕන මේ වෙලාවට.


අනේ යකෝ මුළු දවසක්ම කිසිම වැඩක නොකර මෙතනට වෙලා උලමට ඇනගෙන මේක දිහා බලන් හිටිය දිනයි කියල...මුන්ට අන්තිම ලකුණු 17 ගහගන්න බැරි උනානේ..අර කපුගෙදර කියන එකා මොකට දැම්මද මන්ද.අතේ තිබුණු කප් එක අන්තිම මොහොතේදී පුජා කරා වගේ වැඩක් කරේ...වර්ල්ඩ් කප් එකේ පරාජේ දරගත්තු අපිට මේක දරාගන්නත් අමාරු නෑ කොල්ලනේ...කමක් නෑ...අනුශුරයෝ උනානේ කියල හිත හදාගමු..දැන් දොනියාගෙයි කොලිගෙයි ඉහේ මල් වතු පිපිලා ඇති අපි පැරදුනාට..හැමදාම වගේ ඉතින් මේ පාරත් කියන්නම්.. 

"කමක් නෑ කොල්ලෝ ඊලග තරගාවලිය දිනමු " 

කියල..........



20 comments:

  1. මම නම් කියන්නේ කපුගෙදරට තරඟයේ වීරයා දෙන්න වටිනවා. :D

    හැබැයි අපේ සමහර ඉන්දියන් යාලුවෝ අද අපිටයි සපෝට් කරේ...

    ReplyDelete
  2. අල්ලලා දාපං මචෝ! දිනනකොට හුරේ තියමු! පරදිනකොට ඔහේ බලං ඉමු!

    ReplyDelete
  3. තරංගයි තිරිමාන්නයි නැත්නම් ඔය ටිකත් ගහයි ඒත් ඉතින් ගිය දවස් වල කාපු කැවිල්ලට මෙහෙමත් ආපු එකනම් සෑහෙන එකක්

    ReplyDelete
  4. කපුගෙදරත් ඇන්ජෙලෝ මෙන්ම වැඩක්ම නොමැත හැම කාලෙම ඔහොම එකෙක් දෙන්නෙක් ඉන්නවමයි. චාමර සිල්වා, රසල් ආනෝල්ඩ්, කපුගෙදර, වෙලගෙදර, උපුල් චන්දන තව උන්නා මතකෙට එන්නේ නෑ. අපි පැරදුනේ නෑ දින්නා. ඩිලා ටැලන්ට් නෑ කියලා මාත් එක්ක මරාගත්ත උන්ට තරු පෙනිලා ඇති.

    ReplyDelete
  5. මොනා කරන්නද ජය පරාජය එක හිතින් බාර ගමු !

    ReplyDelete
  6. මාධව කියන දේ තමා ඉතින් කරන්න වෙන්නේ ඒත් මාතලන්ගේ කතාවට නම් මං විරුද්දයි මොකද මැතිව්ස් මුල් දවස් වල චන්දිමාල් වගේ ඒ දවස් වල වීරයා ගැහැව්වේ නැති වුනාම වැඩකට නැති එකා කියන එක වැරදියි.මොනා වුනත් මුන් ටික අපේය.

    ReplyDelete
  7. කොල්ලො ටිකට බැනල වැඩක් නෑ.හොදට තරගාවලිය කරානෙ. අර ඇමටිය මේකට හොම්බ දාන්නෙ නැතුව හිටියනං තමයි හොද.ඕකුං ආපු දවසට පරාදයි. මතකනේ ලෝක......

    ReplyDelete
  8. අපි ඉතින් ඉන්දියාවේ එවුං වගේ ගිනි පෙල්ල අරං ටීම් එකේ උන් පස්සෙන් දිවුවේ නෑ නෙව .. ජය පැරදුම සමසේ බාරගෙන ලයිට් බිලත් ගෙවාගෙන ඉම්මු ..

    මේව අමතක කරලා මෙදාපාර අයිපීඑල් එක දිනමු කප් එක ගේමු ..

    ReplyDelete
  9. මැච් එක පැරදුනේ පවර් ප්ලේ ඔවර් වලදිම කුලේ අවුට් වුන හින්ද
    ඒ ඔවර්ස් 5ම කුලේට ඉන්න පුළුවන් වුනානම් මැච් එක ගොඩ.

    ReplyDelete
  10. මාතලන් - ටැලට්න් ඕනි නෑ ඕයි කණා ගහලත් ගොඩ යනවෙලාවල් තියනවා , කෝ තමුසෙගේ මහලොකු ඩිලා ගැහුවද ෆයිනල් එකේ ? හැමදාම ෆයිනල් වලදි නිකන්ම අවුට් වෙනවා . 160 ක් ගැහුවා හුණ්ඩුවක් වගේ පිට්ටනියක , කෝලියා ගැහුවා දුකෙන් පුන් යන්න , මුලින් බැට් කලා නම් ඌ 200ක් ගහනවා . ඩිලා 160ක් ගහපු දෙකම පරාදයි , මොකද ඩිලාට එච්චර වදින පිට්ටනියක වෙන ඕනි ගස් බල්ලෙකුටත් වදින නිසා

    ReplyDelete
  11. පඩි නැතුව මාස 10ක් වැඩ කරපු මුන් ටික අපට අාදර්ශයක්.final වල නම් අමුතු අවුලක් තියෙනවා.

    ReplyDelete
  12. බුවා & මාතලන්.
    ඇර..ඇර... උඹල දෙන්න මරාගනිල්ල මම හැලියට වතුර දාල ලිපේ තියං බලං ඉන්නව...:-)
    ඩිලා ෆයිනල් වලදි නං අවුල් කියන එකේ ඇත්තක් තියනව. කොහොම උනත් ෆයිනල් වෙනකන් ටීම්එක ඇදගෙන ආවෙ චන්දිමාල්. (දිල්ශාන්ගෙ මුළු ලකුණු වැඩි උනත්)

    ReplyDelete
  13. බුවා පස්ට කතාව... ඒ උණාට ඔහේට වටින්නෙ නෑ ඒ වගේ කතාවක් අපේ කොල්ලන්ට කියන්න

    ReplyDelete
  14. //ඔබා මාමෙ කොහොමද ඔහෙලගෙ පැත්තේ//

    දුක හා සතුට එක ගානට වැටිලාය
    ඒක සමරන්නෙ එක ලඟ නමලාය

    ReplyDelete
  15. කොහොමද මගෙ කවි ? :-))

    ReplyDelete
  16. @niroshini
    මෑන් ඔෆ් ද සීරීස් දුන්නත් පාඩු නෑ. ආසියා කප් එකේ ලංකාවයි පකිස්තානෙයි මැච් එක බලන්නකො. එදාට ඉන්දියාව අපට සපෝට්.

    @මාධව - மாதவ - Madhawa
    ඕව නම් මොනවද නැට්ට පිටිං අලි මැරෙන්නෙ.

    @කනියා
    උන්නු හැටියට මලා මදැයි කීවලු

    @මාතලන්
    එහෙම තමයි ටීම් එක සමබර වෙන්න ඕනනෙ. එකෙක් ගහනකොට කන්න එකෙකුත් ඉන්න ඕනෙ.

    ReplyDelete
  17. @මධුරංග
    ඕව අපට හොඳට හුරු පුරුදු දේවල්නෙ

    @මඩිස්සලේ නිශාන්
    දැන් මැතිව්ස් ආයෙ ලකුණු අතර ඉන්නවා. ආබාධ තමයි පොඩි කේස් එකකට තියෙන්නෙ.

    @රාජ්
    ඒක නම් ඇත්ත. ආවොත් කනව. මේක දැන දැනත් එනවනෙ.

    @හිස් අහස
    සැප දුක සමබරවේ කියනවනෙ. අයි පී එල් කප් එක මේ පාර අනිවා අපට.

    ReplyDelete
  18. @Sumith Niriella
    කුලේ හදිස්සි උනා වැඩියි. තව පොඩ්ඩක් ශේප් එකේ මැච් එක ඇද ගත්තනම් ගොඩ.

    @බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !
    සහතික ඇත්ත. ඔය අෆ්රිඩී එහෙම ගහල මැච් දිනවන්නෙ.

    @ඉන්ද්‍රජිත්
    ඔව් ඒක ඇත්ත. ෆයිනල් එකේදි හදිස්සි උනා වැඩියි.

    @රාජ්
    ඔව්. අන්තිම ඉනිම් වලදි වැඩිය ලකුණු ගන්න බැරි උනාට අනිත් හැම මැච් එකකම චන්දිමාල් පනහක් වත් ගැහුවා.

    ReplyDelete
  19. @නරකයා....!!
    මොනව උනත් උන් හැම මැච් එකකම අන්තිම වෙනකල් අතඇරියෙ නෑ. එකක් ඇරෙන්න. ඒක හින්දා උන්ට බනින එක හරි නෑ තමයි.

    @Observer
    ටොප් . ඔබා මාමා පස්ට කවියෙක් නෙ.

    ReplyDelete
  20. අපේ මැද පෙල පසු පෙල දැන් හොදයි මොකද අඩුම ගානේ උන් දැන් ටිකක් අල්ලලා ඉන්නවා, ඒක මේ සීරිස් එක පුරාවටම දැක්ක දෙයක්. මොනවා උනත් ක්‍රිකට් හින්දා ටීවි එක ඉස්සරහා කාලකන්නි වෙන අපේ උන් දිහා දැක්කම නම් හරිම දුකක් තමා ඇති වෙන්නේ.

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.