Tuesday, March 6, 2012

නුවන් කුලසේකරට උපහාර පිණිස......


Nuwan Kulasekara hits out during his blistering 73

පසුගිය තරගයේදී හිමිවීමට තිබූ නිසැක පරාජය ගෞරවාන්විත පරාජයක් කරා ගෙන ඒමට උරදුන් නිහතමානී ක්‍රිකට් විරුවානෙනි ඔබට මාගේ උත්තමාචාරය........

වැටුනත් කඩුලු සත පහකට බිය නැත්තේ
දිනුම වෙත යන්න අරමුණ සිත ගත්තේ
ලැබෙනා සහය උපරිම ලෙස අරගත්තේ
කුලේ ගැසූ හය පිටියෙන් පිට පැත්තේ

යෝකර් පන්දු වැටුනත් නොම වීලා බිය
ගැසුවේ පහර රට වෙනුවෙනි ගන්න ජය
කලහැකි උපරිමය පෙන්නා යන්න ගිය
සිටියා නම් කුලේ තිබුනනෙ ගන්න ජය

මුල්පෙල වැටිල අසරණවී සිටියාට
පසුපෙල දුන්නෙ නෑ ජය ඉක්මන් වෙන්ට
තරංග සමග එක්වීලා ගොඩ ගන්ට
සහය අගෙයි අන් හැමටම පෙනෙන්නට

හසීගෙ ඕවරය වනතුරු අත් නොහැර
යුතුකම තමන් ඉටුකල යුතු නොම පැහැර
දුන්න සටන අගයන්නටමය සොයුර
ලිව්වේ මෙමා මේ කවිපද මල් පොකුර


_________________________________________________________

මේක සයිබර් සිහින උළෙලෙ ප්‍රථම තරගය සඳහා ඉදිරිපත්කලා. මෙතනින් විස්තර බලා ගන්න පුලුවන්. මේකට කැමතිනම් මෙතෙන්ට ගිහිල්ල ලයික් එකක් දාල උදව්වක් කරන්න.

20 comments:

  1. උපාහරයට මාත් එකතු වෙනවා , හරියට හදලා ගත්තොත් වේග පන්දු තුන් ඉරියව් ක්‍රිඩකයින් තුන් දෙනෙක් (මැතිව් , කුලේ , තිසර ) කියන අති දුර්ලභ චාන්ස් එක අපේ කණ්ඩායමේ ඉදීරියට යොදා ගන්න පුලුවන් ඊලඟ ලෝක කුසලානය වෙනකන්ම . මාලිංගටත් ගහන්න පුලුවන්(චැම්පියන්ස් ලීග් එකේ තරඟාවලියේ වීරයාද කොහෙද වුනේ ) ,පොඩ්ඩක් අවස්ථාව අනුව ගහන විදිහයි හදල ගන්න තියෙන්නේ

    ReplyDelete
  2. බුවාගෙ අදහස හරි.

    ලිංක් එකට ගිහින් ලයික් එහෙකුත් දැම්මා

    ReplyDelete
  3. නිහඬ වීරයෙක්. කාලයක් මුලු ළෝකේම නම්බර් වන් බෝලර්

    ReplyDelete
  4. එළ! කුලසේකර අයියගෙ බැටින් තව ටිකක් හැදුවනම් පොරව මැද පෙල පිතිකරුවෙක් කරන්නතු බැරිකමක් නෑ! නියමයි!

    ReplyDelete
  5. අදත් කට්ටිට දිනුම්......
    අපිත් එකතු වෙනවා උපහාරයට

    ReplyDelete
  6. වාස්ගෙන් පස්සෙ ඕනකරන තැනට බෝලෙ පිච් කරන්න පුළුවන් එකම පන්දු යවන්නා. ඒ වගේම පිතිකරණයටත් හොදයි.

    ReplyDelete
  7. ඕන් මාත් එකතුවෙනවා. අල්ලලා දාලා ඉදලා අහම්බෙන් වගේ පලවෙනි 4 ඒවා 3 වැදුන වෙලේ ඇවිත් බැලුවා. මරු කොල්ලා.. පොඩි උනත් කරපු වැඩේ ඕස්ට්‍රේලියාවට විතරක් නෙවි ඔක්කොම ක්‍රිකට් රටවල් මතක තියාගනී...

    ලිට්ල් කුලා 6 අ සයිඩ් කණ්ඩායමෙත් සාමාජික වෙලා කුසලානෙ අඑන් ආවා එකපාරක්.. ප්‍රවීනයන්ගෙ ටීම් එකටත් කෙල කරලා..

    ReplyDelete
  8. kula out novi hitiyanam ea mach ekath dinanna thibunaa... ela kolla..

    ReplyDelete
  9. පොඩි අස්පෙට් එකක් තියෙන්නෙ අපේ රසිකයන්ගෙ, හෙට ඌ කැච් එකක් අත ඇරියොත් හරි උගෙ බෝල වලට හයේ දෙක තුනක් වැදුනොත් උගෙ අම්ම මෝ නෑ..

    ReplyDelete
  10. ඔන්න අපිත් ආව උපහාරේට..කුලේ කොහොමත් බැටා නේ..ඉස්කොලේ කාලේ දෙවනියට ආවේ...

    ReplyDelete
  11. කුලේ කවුද කියල එදා මුලු ලෝකෙම දැක්ක... මගෙනුත් උපහාර....

    ReplyDelete
  12. කිරිපුතා පට්ට කවියෙක් නෙව ! කවි ටික නම් ගින්තර ඈ.
    ඔන්න මම ලයික් එහෙකුත් දැම්මා !

    ReplyDelete
  13. @බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !
    මාත් ඒ කතාවට එකඟයි. ඊලඟ විස්සයි විස්ස ලෝක කුසලානෙදිත් ඔය තුන් දෙනාගෙන් ගොඩක් ප්‍රයෝජන තියෙයි.

    @Observer
    ගොඩක් ස්තූතියි.

    @kasundaya
    අනිවා...

    @මාතලන්
    කුලේ තමයි එක පැත්තකින් ප්‍රෙෂර් කරලා මාලිංගට විකට් ගන්න සපෝට් කරන්නෙ.

    ReplyDelete
  14. @මාධව - மாதவ - Madhawa
    ඔව්. එහෙම කුලේව හදාගත්තොත් අපේ ටීම් එකට සෑහෙන්න ප්‍රයෝජනවත්.....

    @පිස්සා පලාමල්ල
    අනිත් එකත් ගහ ගත්තනං ගොඩේ ගොඩ

    @Beta bawa
    තැන්කූ තැන්කූ.....

    @රාජ්
    ඒක ඇත්ත....

    ReplyDelete
  15. @හෙලයෙකුගෙන් ලොවට
    කුලේ සාමාන්‍යයෙන් එහෙම ලේසියෙන් මැච් එකක් අත අරින පොරක් නෙවේ. මතකද ලෝක කුසලානෙ පකිස්තාන් මැච් එක.

    @Observer
    අපේ එවුන් හොඳයි. බැන්න ඊට පස්සෙ ඒක ඉවරයිනෙ. ඒවගේද ඉන්දියන් කාරයෝ

    @ChammA
    කුලේගෙ බැටින් කොහොමත් හොඳයි. අර කට් එකෙන් ගහන හය ජයසූරියගෙන් පස්සෙ මම දැක්කෙ කුලේගෙන්

    @තරිදු - ඇසූ පිරූ තැන්
    ගොඩක් ස්තූතියි

    ReplyDelete
  16. @Anonymous
    ඔව් බන්. තව ඕවර් දෙක තුනක් හිටියනම් ගොඩ.

    @මධුරංග
    ගොඩක් ස්තූතියි

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.