Friday, March 16, 2012

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම අනතුරුදායක අඩියක




බංගලාදේශය හමුවේ ඉන්දියාව පරාජය විය. ලංකාවට අවසාන මහා තරගයට පැමිණීමට නම් පාකිස්ථානය ඉන්දියාව පරාජය කල යුතුය. එතැනින් නොනැවතී ලංකාව බංගලාදේශයද පරාජය කල යුතුය. එය සිදුවූවා යැයි සිතමු. එය අපගේ කණ්ඩායමට අවසන් තරගයට පැමිනීමට ප්‍රමාණවත් වේද?

එවිට  ලකුණු සටහන පහත පරිදිය.
(පාකිස්තානය හා ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු ලබා නොගෙන ජයග්‍රහණය කල බවට උපකල්පනය කරමු. )



එවිට පාකිස්තානය හැර අනෙක් කණ්ඩායම් තුනෙහි ලකුණු සමවන නිසා ශුද්ධ ලකුණු වේගය සලකා බැලීමට සිදුවේ. තිබෙන තත්වය අනුව එය ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසිදායකය. එසේ නම් කලයුත්තේ බංග්ලාදේශය සමඟ තරඟය ප්‍රසාද ලකුණක් සමඟ ජය ගැනීමයි.
එවිට අපගේ කණ්ඩායම නිසැකවම අවසන් තරඟයට සුදුසුකම් ලබයි. නමුත් ප්‍රසාද ලකුණ ලබාගැනීමට නම් මුලින් පන්දුවට පහරදී ප්‍රතිවාදී කණ්ඩායම තම ලකුණු ප්‍රමාණයෙන් 80%ක් ලබාගැනීමට පෙර දවාලිය යුතුය. නැතහොත් දෙවනියට පන්දුවට පහරදී පන්දුවාර 40කට පෙර ඉලක්කය සම්පූර්ණ කල යුතුය.
ප්‍රතිවාදී බංගලාදේශ කණ්ඩායම මෙම තරඟාවලියේ දක්වා ඇති දස්කම් අනුව මෙය ඉතා අසීරු කරුණක් බව පෙනේ. නමුත් අනිද්දා තරගයෙන් ඉන්දියාව ජයගතහොත් ආසියානු කුසලානයෙන් ශ්‍රී ලංකාව ඉවතට විසිවේ. එවිට තරගය වැදගත් වන්නේ බංගලාදේශ කණ්ඩායමටය.
සිදුවන්නේ කුමක්දැයි විමසිල්ලෙන් බලා සිටිමු.




ප.ලි. : ඔය මගුල් බලන වෙලේ තියෙන දෙයක් කාල බුදියගත්තනං ඊට වඩා සැපයි.

( මහේලගෙ පින්තූරෙ ගත්තෙ මෙතනින්  http://cdn6.wn.com/pd/de/d9/0135563aac93befa7e6513a8f757_grande.jpg )

27 comments:

  1. බංග්ලාදේසේ අපිටත් ගහල පකිස්ථානෙත් එක්ක ෆයිනල් ගියොත් , ලෝක ශූර - අනුශූර දෙගොල්ලන්ටම නෝන්ඩි 7යි .

    බංග්ලාදෙසේ උන් සිරාවට සෙල්ලම් කලා අද,බැට්ස්මන්ලගෙන් විතරක් මැච් දිනන්න බැරිය කියලා ඉන්දියාවේ උන්ට අදවත් තේරුම් යන්න ඇති . සචින් ලොක්කා නම් පවු !

    ReplyDelete
    Replies
    1. සචින් ලොක්කා සීයක් ගැහුවොත් අනිවා උන් පරාදයි. බංගලාදේශෙ ෆයිනල් එන ලයින් එකක් තමයි තියෙන්නෙ.

      Delete
  2. @බුවාගේ සිතුවිලි

    අනිවා. ඒත් තරගාවලියක් විදියට ඕස්ට්‍රේලියාවේදී දක්වපු දස්කම් අවසාන භාගයේදී ගොඩාක්ම ගිලිහිලා. අපේ අයට විවේකයක් ඕන මගේ හිතේ...

    කිරිපුතාට හැකියාවක් තියනවානම් මේ සඳහාත් දායක වෙන්න කියලා පොඩි ආරාධනාවක් කරනවා. සිංහල බ්ලොග් කිරිකැට් තරගයට.
    http://helayekgen.info/2012/03/cyber-sinhala-blog-premier-league.html

    ReplyDelete
    Replies
    1. මැතිව්ස්, තිසර දෙන්න නැති අඩුවත් තියෙනවා.

      මම ඉන්නෙ කොලඹින් ටිකක් දුර හින්ද වැඩේට දායක වෙන්න නම් පොඩි කට්ටක් කන්න වෙනවා. පුලුවන් උපරිම සහයෝගෙ දෙන්නම්.

      Delete
  3. මචං උඹ දැං මහේලව දැනුවත් කරාද මේ ටික කියලා.......

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. ඒ වෙලාවෙ ගහපු පොටෝ එක තමයි ඔය.

      Delete
  4. CB සීරිස් එකේ ඉන්දියාව වගේ අන්තිම වෙනකම් බලන් ඉඳල අවසන් තරඟයට සෙල්ලම් කරන්න ඕන නෑ....ලංකාව කැපුන නම් හරි...හදිසියෙවත් අවසන් තරඟෙට තේරුනොත් ගාල්ලෙ තියෙන ටෙස්ට් මැච් එකට සූදානම් වෙන්න වෙලාවත් මදි අපෙ කට්ටියට....

    ReplyDelete
    Replies
    1. මෙහෙම වන් ඩේ ගහනවට වඩා ටෙස්ට් මැච් එකක් ගහගෙන ඉන්න එක සැපයි. සමරවීරලා හෙමත් ඉන්නවනෙ.

      Delete
  5. බංගලිදේශෙන් කන්නෙ නැතුව ආවොත් ලොකු දෙයක්. මුන් දන්නවා ගැහුවත් දිණුම් නොගැහුවත් දිණුම්. ඒ ඔස්ට්‍රේලියාව වගේ රටවල් තමයි. තරඟාවලිය මැද්දෙදි පොන්ටින් ගෙදර යවන්නේ. මෙහේ ගහන්නේ සෙලෙක්ට් කරන කොමිටියට කොමිස් දීලානේ. උන් බිස්නස් කරනවා. උඹලා මෙහේ ගනන් හදනවා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. අපි බොරුවට ලේ පුච්චගන්නවා. උන් ආතල් එකේ ඉන්නවා.

      Delete
  6. මට කිරිකට් අජූතයි

    ReplyDelete
    Replies
    1. කිරිකටුත් ගෑණු වගේ. කොච්චර අප්පිරියා උනත් ආයෙ ටිකකින් හොඳයි.

      Delete
  7. මහේලව ජනාධිපති කොරන්න කව්ද කැමති ?

    ReplyDelete
    Replies
    1. ඔබා මාම ආසද අපි සුදුවෑන් වල යනව දකින්න.

      Delete
  8. ෆයිනල් ගිහින් අපේ ඇඟේ ලේ රත් කරන්නෙ නැතුව මෙන්න මෙහෙ වරෙල්ල.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. ෆයිනල් එකට ගිහින් කාල එන්නෙ නැතුව දැම්මම වරෙල්ලා.

      Delete
  9. ඔය මගුල් බලන වෙලේ තියෙන දෙයක් කාල බුදියගත්තනං ඊට වඩා සැපයි.

    ReplyDelete
    Replies
    1. ඔව් බන්. උන්ට ගැහුවත් සල්ලි නොගැහුවත් සල්ලි . අපට .........

      Delete
  10. මැච් එක එකනේ මේ සැරේ තියෙන්නේ.අපරාදේ එක මට්ච් එකක්වත් ගොඩ දාගත්තොත්.

    ReplyDelete
    Replies
    1. එක මැච් එක ගානෙ තියෙන එක තමයි කේස් එක. අඩුම ගානෙ දෙක දෙක වත් තිබ්බනම් අපේ උන්ට මොනවහරි කරගන්න තිබ්බා.

      Delete
  11. දුකේ බෑ අප්පා කොච්චර ක්‍රිකට් නොබලනවා කියලා හිතාන උන්නත් මැච් එකක් යන දාට පපුව ගැහෙනවා ..

    ReplyDelete
    Replies
    1. අපේ උන්ට බැන බැන හිටියත් ටීවි එක ලඟට ඇදෙන්නෙ අපටත් නොදැනිම.

      Delete
  12. බලමු බලමු .... බංග්ලාදේශ් කාරයෝ ලෝක සූර ඉන්දියාවටත් ගහපු එකේ අපිටත් මොනා කරයිද දන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. අපටත් රජ කෑමකට සෙට් වෙන්න වෙයිද දන්නෙ නෑ

      Delete
  13. බංගලියෝ අපිට ගහනවා නම් මං කැමතියි. එක අතකින් අපේ කොල්ලෝ ටිකට වේලාසන ගෙදර ඇවිත් රෙස්ට් එකක් ගන්න ගන්න පුළුවන්. අනෙක් පැත්තෙන් අති පණ්ඩිත ඉන්දියාවට නැට්ට පුකේ ගහගෙන ගෙදර යන්න වෙනවා.

    හැබැයි අද (18) කෝලි ගේ ගැහිල්ල නම් සුපිරි !!!

    ReplyDelete
    Replies
    1. බෝනස් එකත් එක්කම ගහන්න වෙයි නේද ? රන් රේට් එකෙන් ඉන්දියාව නෙවෙයිද වැඩි ?

      Delete
    2. රන් රේට් එකෙන් නම් ඉන්දියාව වැඩියි. සමහරවිට බංගලියො දින්නොත් උන්ට ෆයිනල් එන්න චාන්ස් එකකුත් තියෙයි. බෝනස් පොයින්ට් එකක් ගත්තොත් නම් ශුවර් ශොට්.

      Delete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.